භූරූප පිළිබදව හැදින්වීමක්
භූරූප විද්‍යාව
යනු, පෘථිවියේ රූප
විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව අධ්‍යනය කිරීමයි. නමුත් මෙකී භූරූප විද්‍යාව විද්‍යාව
අධ්‍යනය කිරීම සඳහා වු විශ්වීය අර්ථකතනයක් නොවේ. එයට හේතුව වන්නේ භූරූප විද්‍යාව
වනාහි සංකීර්ණ විෂය පථයක් නිසාවෙන් එය පිළිබඳව විවිධ වු නිර්වචනයන් ඉදිරිපත් කර
ඇති බැවිනි. ඒ අතර “වොසෙස්ටර්, ඩේවිස්, බෆන් හා හට්න්” වැනි විද්‍යාඥයින් හා
දාර්ශනිකයින් ප්‍රමුඛත්වයෙහිලා සලකයි. භූරූප විද්‍යාව තුලින් අධ්‍යනය කරනු ලබන
භූරූප වල උපත, ඉතිහාසය, ක්‍රියාකාරීත්වය
සඳහා දේශගුණය, භූ විද්‍යාත්මක
ක්‍රියාවලි ආදියෙහි බලපෑම යනාදිය ද අත්හල නොහැකිය. එසේම ඒවායේ අවකාශීය විවිධත්වය ද
මෙහිලා වැදගත් වේ. මෙම ලිපිය තුලින් භූරූප
විද්‍යාවේ ඉතිහාසය පිළිබඳව අධ්‍යනයට ලක්කොට ඇති අතර එහිලා රුසියන් හා චීන ජනප්‍රවාද, දේවවාදී
අදහස්වලට මූලිකත්වයක් ලබා දී ඇත. ඉන් අනතුරුව ප්‍රාථමික අවධියේ දී භූරූප විද්‍යාව
විකාශනය වු ආකාරයත් ඒ සඳහා විවිධ දාර්ශනකයින්, විද්‍යාඥායින්, විද්වතුන්
දැක්වු දායකත්වය පිළිබඳවත් ඔවුන්ගේ විවිධ අඳහස්, සංකල්ප, න්‍යායන්
පිළිබඳවත් විමර්ශනයට බඳුන් කොට ඇත.
එමෙන්ම මෙම
ලිපිය ඔස්සේ ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය භූරූප විද්‍යාව තුළ යොදාගනු ලබන්නේ
මෙන්ම ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදයට පදනම ගුණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය මඟින්
ගොඩනගා ගත් ආකාරය පිළිබඳව ද විග්‍රහ කොට දක්වා ඇත. එහිදී ගුණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදයට
දායකත්වය දැක්වු විද්‍යාඥායින් හා ඔවුන්ගේ අඳහස්, සංකල්ප, න්‍යායන්
පිළිබඳව සන්සන්දනාත්මකව අධ්‍යනය කොට ඇත. ඉන්පසුව ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදයට
ප්‍රවේශයක් ලබාගනිමින් ප්‍රමාණාත්මක විශ්ලේෂණය යනු කුමක්දැ යි විග්‍රහ කොට ඇත.
අනතුරුව ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදයෙහි සම්භවය හා භූරූප විද්‍යාවට එය සම්බන්ධ
වු ආකාරය පිළිබඳව කරුණු පෙළ ගස්වා එය භූරූප විද්‍යාවේ වර්ධනයට හේතු වු ආකාරය දක්වා
ඇත. ඒ සඳහා අන්තර් ජන්‍ය හා බහිර් ජන්‍ය ක්‍රියාවලිය, ශක්ති ගලනය, ජෛව භූ
රසායනික චක්‍ර, ඛාදනය, පරිවහනය, අවකාශය හා
පරිමාණය ආදී මාතෘකාවන් යොදාගනිමින් ඒ තුලින් භූරූප විද්‍යාව සඳහා ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදය බලපෑ අයුරු සවිස්තරාත්මකව විග්‍රහයට නතුකොට ඇත.
භූරූප විද්‍යාව
යනු කුමක් ද?
භූරූප විද්‍යාව
යන්න ඉතාමත් සංකීර්ණ වූ විෂය පථයකි. මෙය වටා විවිධ විද්වතුන්, විද්‍යාඥායින්
අනේක විධ වු මතිමතාන්තර, අදහස්, සංකල්ප
ගොනුකොට ඇත. කෙසේවෙතත් භූරූප විද්‍යාව යන්න තුලින් සිදුකරනු ලබන ප්‍රධාන කාරණය
වන්නේ පෘථිවිය මත පවතින රූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබදව අධ්‍යනය කිරීමයි. පෘථිවිය
මත පවතින විවිධ වු රූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව විශාල වු අර්ථ ප්‍රමාණයක් දක්වා
ඇති අතර ඒ පිළිබඳව විශ්වීය එකඟත්වයකින් යුක්ත නිර්වචනයක් ඇති කරගත නොහැකි වි ඇත.
ඊට හේතුව වන්නේ මෙම විෂය පථයෙහි ඇති සංකීර්ණතාවය මත විශ්වීය නිර්වචනයක් හෙවත් පොදු
නිර්වචනයයකට නිර්මාණය වීමට ඇති ඉඩකඩ අසුරාලීමයි. භූරූප විද්‍යාව පිළිබඳව නිර්වචන
රාශියක් ඉදිරිපත් කළ විද්‍යාඥායින් අතර “වොසෙස්ටර්, ඩබ්ලිව්.එම්. ඬේවිස්”
යන විද්‍යාඥායින්ට ප්‍රධාන තැනක් හිමි වේ. එසේම භූරූප විද්‍යාවට පදනම සැකසුණු
යුගයන්හි ජිවත් වු “හෙරඩෝටස්, ඇරිස්ටෝටල්, හෝමර්” ආදී වු
දාර්ශනිකයන්, ගණිතඥායින් හා
විද්‍යාඥායන් ද භූරූප විද්‍යාවට නිර්වචන සපයා ඇති බව පැහැදිලි වේ. උක්ත සඳහන් කරන
ලද භූරූප විිද්‍යාව යන්න යථාර්ථවාදීව හා බුද්ධිමත් ලෙස තාර්කීකරණයට බඳුන් කළ විට
එය හුදෙක්ම සංකීර්ණ වු ක්‍රියාවලියක් බව අපට නිසැකයෙන්ම අවබෝධ වේ.
භූරූප විද්‍යාව
පිළිබඳව විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇති අතර එම නිර්වචන අධ්‍යනය කිරිම තුළින්, භූරූප විිද්‍යාව
යනු කුමක්දැයි යථාර්වත් ලෙස අවබෝධ කරගැනීමට අපට හැකිවනු ඇත. එලෙස ඉදිරිපත් වු
නිර්වචන කිහිපයක් පහත දක්වා ඇත. මෙමඟින් භූරූප විද්‍යාව යන්න පිළිබඳව සාර්ථක
අවබොධයක් ලබා ගැනීමට හැකි වේ. එනම්,
- “පෘථිවියේ භූ ලක්ෂණ විස්තර කිරීම හා පැහැදිලි කිරීම භූරූප විද්‍යාව වෙසෙස්ටර් (Worcester, 1939) ප්‍රකාශ කළේ ය. පෘථිවියේ මූලීක භූ ලක්ෂණ එනම්, මහද්වීප සාගර පිළිබඳවත් ඒවායේ දැකිය හැකි ලොකු කුඩා සෙසු විශේෂ ලක්ෂණ පිළිබඳවත් එම භූරූපවල උපත, ඉතිහාසය, ඒවා නිර්මාණය වීමට බලපාන ක්‍රියාවලි ආදිය පිළිබඳවත් අධ්‍යනය කිරීම භූරූප විද්‍යාවයි.”
- “ භූරූප විද්‍යාව යනු විශේෂයෙන්ම භූරූප වල ඛාදන ක්‍රියාවලිය ආශ්‍රිත භූරූපවල විකාශනය පිළිබදව අධ්‍යනය කිරීමයි. එහෙත් භූරූප විද්‍යාව නිර්වචනය කිරීම සඳහා එම අඳහස යොදාගැනීම ‘ භූරූප විද්‍යාව යන්න’ පමණ ඉක්මවා අඩු කිරීමක් මෙන්ම පුළුල් කිරීමක් ද වන්නේ ය. (sparks, 1967)”
- “භූරූප විද්‍යාව යනු භූ විෂමතාව හා පතුල් පාෂාණ අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව අධ්‍යනය කිරීම බව’ භූරූප විද්‍යාව සම්බන්ධයෙන් ඇති තවත් මතයකි. (study of the relation between landforms and the underlying rocks)˜
- “භූරූප විද්‍යාව යනු භූ දර්ශනයේ විකාශනය පිළිබඳව අධ්‍යනය කිරීම (Study of the evaluation of landscape) යනු තවත් මතයකි.”
- “කිසියම් ප්‍රදේශයක පදනම හා දේශගුණය වෙනස් වීම මත අවධියෙන් අවධියට භූරූපමය භූ දර්ශනය වෙනස් වී ඇති ආකාරය අධ්‍යනය කිරීම භූරූප විද්‍යාවට අයක් වේ. (Sparks,1967)˜
ඉහත දක්වා ඇති
නිර්වචනයන් අධ්‍යනය කිරීමෙන් භූරූප විද්‍යාව පිළිබදව එකිනෙක වෙනස් වු අර්ථකතනයන්
නිර්මාණය වී ඇති බැව් පැහැදිලිය. එහිදී, භූරූප වල උපත, ඉතිහාසය, නිර්මාණකාරී
සාධක (ක්‍රියාවලි) ආදිය ද තවත් අවස්ථාවක දී නිධිසාධිත ක්‍රියාවලිය, ඛාදන ක්‍රියාවලිය
(නග්නීකරණය) ද,සංස්කෘතික භූ
දර්ශනය ද ආදී වූ මාතෘකාවකට හෝ කිහිපයකට මුල්තැන ලබාදෙමින් එකී නිර්වචනයන් සිදුකර
ඇත. එම නිසාවෙන් එම නිර්වචනයන් සාර්ව සම්පූර්ණ විශ්විය නිර්වචනයක් ලෙස පිළිගැනීමට
නොහැකිය. නමුත් මෙකී නිර්වචන අධ්‍යන කිරීමෙන් භූරූප විද්‍යාවට යථාර්ථවත් පොදු
නිර්වචනයක් සකස්කොට ගත හැකිය. ඒ අනුව භූරූප විද්‍යාව යනු,
“භූ විද්‍යාත්මක, දේශගුණ විද්‍යාත්මක
බලවේග/ක්‍රියාවලි (Processes) කාලයක් තිස්සේ කිසියම් ප්‍රදේශයක පතුල් පාෂාණ හෝ
පෘෂ්ඨීය ද්‍රව්‍ය (Matearials) මත ක්‍රියාත්මක වී භූ ව්‍යුහය හෝ යම් ඛාදිත (Erosion) භූ රූපත් ඛාදිත දෑ පරිවහනය කර නිධි සාධනය කිරීම
නිසා නිර්මාණය වන නිධි සාධිත (Deposition) භූ රූපත්, ඒවායේ පරිණාම අවධි (Evolutional Stage) භු ලක්ෂණ විවිධත්වය විස්තර හා පැහැදිලි කිරිම
තුලින් අවකාශීය විවිධත්වය විස්තර කිරිම භූරූප විද්‍යාව වන බවයි.”
භූරූප විද්‍යාව
පිළිබඳව අධ්‍යනය කිරීමේ දී එහි වර්තමාන තත්ත්වය හෙවත් ලක්ෂණ තේරුම් ගැනීම සඳහා එම
භූරූපවල අතීතයේ සම්බන්ධව තිබු ක්‍රියාවලින් අතිත ලක්ෂණ පරීක්ෂා කිරිම වැදගත් වේ.
මේ අනුව බලන කල්හි භූරූප විද්‍යාව ඓතිහාසික ලක්ෂණ හදාරන විද්‍යා ගණයට ඇතුලත් විෂය
පථයක් ලෙසින් අපට හදුනාගත හැකිය. එසේම ඇතැම් විට භූරූප විද්‍යාත්මක ක්‍රියාවලීන්ගේ
වර්තමාන ක්‍රියාවලි (Contemporary
process) සහ පොළව මතුපිට තිබෙන දාව්‍යය, එම ක්‍රියාවලිය
සමඟ හැසිරෙන ආකාරය හා ඒ ආශ්‍රිත භූ දර්ශනය විමර්ශනය කිරීමක්ද සිදු කරනු ලබන නිසා
එය ඓතිහාසික අධ්‍යන (Historical
studies) ප්‍රවේශයකට ද ප්‍රවේශ වේ.උදාහරණයක් ලෙස භූරූප
විද්‍යාව යන වචනය නිර්මාණය වන ග්‍රීක වචන දෙකෙහි අදහස වන්නේ ද භූ දර්ශනයේ ජ්‍යාමිතික
ලක්ෂණ හැදෑරීම යන්න පිළිබඳවයි. (Geo=Earth,
Morphe=form , Logos=a discurse) මෙකී භූරූප විද්‍යාව
භෞම පද්ධතියේ බලපෑම් මත ඇතිවීම නිසා විෂයන් රාශියක් සමඟ මනා සම්බන්ධතාවයක් ද ඇති
කරගෙන ඇති අතර එය සංකීර්ණ වීමෙහිලා එකී සම්බන්ධකම් වල බලපෑම සෘජුව ලැබී ඇත.
භූරූප විද්‍යාවේ
ඉතිහාසය හා ප්‍රමාණාත්මක විශ්ලේෂණයට පදනම වැටීම
භූරූප විද්‍යාව
යන්න ඈත අතීතයේ සිටම මිනිසා අතර ප්‍රචලිතව පැවැති විෂය කේෂ්ත්‍රයකි. නමුදු භූරූප
විද්‍යාව මෙය යැයි පවසමින් අධ්‍යනය කළ කොටසක් හෝ විෂය කේෂ්ත්‍රයක් නම් දක්නට නොවීය.
එය නියතිවාදි සංකල්පයත් සමඟ සෘජුව හා වක්‍රව සම්බන්ධ වී විකාශනය වී ඇත. අතීතයේ
ජීවත් වූ මිනිසා නියතවාදී සංකල්පයට හැඩගැසී සිටි අතර එසේම මෙම මානව ක්‍රියාවලීන්
භූරූප විද්‍යාව සමඟ සම්බන්ධතා පවත්වා ඇත. කඳු, හෙල්, සානු, සාගර හා ගංගා ආදී අනේකවිධ වු භූ
ලක්ෂණයන්ගෙන් සමන්විත පෘථිවිය තුල වාසය කළ මානවයා එකී සාධක හා ගැටෙමින් ඒ හා
අන්තර් සම්බන්ධතා පවත්වමින් ජීවත් වී ඇත. මෙම ලක්ෂණ සමඟ මිනිසා හා සෘජුව හා වක්‍රව
විවිධ සම්බන්ධතා ගොඩනගා ගෙන ඇති අතර මෙහි උච්චතම අවස්ථාව වන්නේ “මානව ශිෂ්ටාචාරකරණයයි.”
නිවර්තන වැසියන් එහි ඇති කදු තරණය කිරීමට ශක්තිමත් පා යුවලක් පිහිටීම හා
සූර්යාලෝකයට ඔරොත්තු දීමට කාල වර්ණයෙන් යුක්ත සමක් නිර්මාණය වීම ආදී කරුණු යටතේ ද
මෙම භූරූප හා මානවයා අතර පැවැති අන්තර්
සම්බන්ධතාවය මනාව පැහැදිලි කොටගත හැකිවේ.
පෘථිවිය තුල
ව්‍යාප්තව පැවැති භූරූප පිළිබඳව අතීතයේ දී මිනිසාට මූලීක අවබෝධයක් නොවීය. එකිී
භූරූපයන්ගේ උපත කෙසේ සිදුවූයේ දැයි තේරුම් ගැනිමට තරම් බුද්ධියක් ඔවුන් සතුව
නොතිබුණු බැවින් භූරූපවල උප්පත්තිය පිළිබඳව විවිධ මතවාද, අඳහස්
ඉදිරිපත් වීමක් මෙකල සමාජය තුල දැකිය හැකිය. මෙකල පැවැති ආගම් තුලින් මෙම ක්‍රියාවලිය
පුනරුදයක් කරා ගෙනගිය අතර පරිසරයේ පවතින යමක් මිනිසුන්ට තේරුම් ගැනීමට අපොහොසත් වන
සෑම අවස්ථාවකදීම එයට දේවත්වයක් ආරෝපණය කිරිමට මෙකල සමාජය පෙළඹී ඇත. එමනිසා මෙම
භූරූප ඇතිවීම පවා දේවත්වය මත ඇති වු සංසිද්ධියක් බව එකල සමාජයේ පිළිගැනීම වීය. මෙම
ක්‍රියාවලිය පදනමක් ලෙස සැලකූ රුසියන් හා චීන සමාජයන් භූරූප නිර්මාණයෙහිලා දේවවාදී
අඳහස් රාශීයක් ඉදිරිපත් කොට ඇත. මේ පිළිබඳව කරුණු වර්තමානයේ රුසියන් හා චීන ජනප්‍රවාද
ආශ්‍රයෙන් පැහැදිලි කොටගත හැකිය.
භූරූප වල උපත
පිළිබදව ජනප්‍රවාද රාශියක් පවතින අතර “අනතෝලී තොමිලින්” විසින් රචිත “මිනිසුන්
පෘථිවියේ හැඩය සොයාගත් හැටි” නම් කෘතියේ කථාවලට මෙහිදී ප්‍රමුඛතාවයක් ලබාදේ. එකී
ග්‍රන්ථයට අනුව චීනයේ බටහිරට වන්නට කඳුවැටි පිහිටා තිබීමටත් එහි සිට ගංගාවන්
නැගෙනහිරට ගලා ඒමටත් හේතුව කුමක්දැයි චීන අධිරාජ්‍යා විසින් පඬිවරුන්ගෙන් විමසා
ඇති අතර එයට පිළිතුරු වශයෙන් පඬිවරුන් පවසා ඇත්තේ පෘථිවිය රොටියකට සමාන බවත්, එහි සැම කොනකම
අහසට නෙරාගියා වු කණු පැවති බවත්, එම කණුවක් එක් නපුරු ඩ්‍රැගන් සතකු විසින්
නමා දැමීමත් සමඟ පොළව හා අහස විවිධ පැතිවලට නැමී ගිය අතර එහිදී බටහිර ප්‍රදේශයේ
උස් කදු ද නැගෙනහිරට වන්නට සාගරයන් ද නිර්මාණය වු බවත්ය. මේ ආකාරයට චීන ජනප්‍රවාද
මඟින් අතීතයේ භූරූපවල උපත පිළිබඳව ගුණාත්මක වශයෙන් අවිධිමත් ආකාරයට තොරතුරු දක්වා
ඇතිබව පැහැදිලි වේ.
රුසියානු ජනප්‍රවාද
මඟින් ද භූරූප නිර්මාණය වීමෙහිලා ගුණාත්මක ප්‍රවේශයක් පෙන්වා දි ඇත.පුරාණ රුසියන්
ග්‍රන්ථවල භූරූපවල උපත පිළිබඳව විවිධ අදහස් දක්වා ඇති අතර මේවා වර්තමානයේ ජනප්‍රවාද
ලෙස සලකනු ලබයි. මෙම ජනප්‍රවාද වර්තමානයේ සත්‍ය ඒවා ලෙස නොසැලකුව ද එකල අතීත
රුසියන් සමාජය විසින් ඒවා සත්‍ය ඒවා බවට පිළිගෙන ඇති බවට විශ්වාස කළ හැකි සාධක
බොහෝමයක් පවතී. මෙලෙස ලියවුණු ග්‍රන්ථ අතර “ක්නීගා ගොලුබීනය හෙවත් ග්ලුබීන්නය” නම්
කෘතියට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. මෙම කෘතිය මිත්‍යා බුද්ධිමතකු වු “දවීද්
යෙව්සේයෙවිව්”විසින් සම්පාදිත එකක් වන අතර මෙහි අන්තර්ගත කරුණු බුද්ධියේ ගැඹුරින්
ලබාගත් කරුණු බව එම ග්‍රන්ථය තුලම සඳහන් කර තිබීම ද මෙහිලා සුවිශේෂීත්වයට හේතුවක්
වේ. මෙහි දක්වන ආකාරයට ලෝකය යෝධ තල්මසකු උඩ පවතින බවත් එම තල්මසා සෙලවෙන සෑම
වාරයකදීම මහ පොලව සෙලවෙන බවත් සඳහන් කර ඇත.මෙම ක්‍රියාවලිය මඟින් පෘථිවියේ භූරූප
නිර්මාණය වි ඇති බව ඔවුන් විශ්වාස කර ඇත.
භූරූප නිර්මාණය
වීම පිළිබඳව ජනප්‍රවාද රැසක් අතීත ලෝකය පුරා ව්‍යාප්තව පැවැති අතර මෙකී ජනප්‍රවාද
මඟින් භූරූප පිළිබඳව ගුණාත්මක (අවිධිමත්ව) ප්‍රවේශයකින් අඳහස් දක්වා ඇත. මෙලෙස
ගුණාත්මක ප්‍රවේශයකින් භූරූප අධයනය කිරීමට ජනප්‍රවාද බෙහෙවින් ඉවහල් වු අතර මේ
පිළිබඳව දාර්ශනිකයන්, විද්‍යාඥායින්
හා පර්යේෂකයින් ඒවා සත්‍යදැයි පරීක්ෂා කිරීමටත්, තමන් දැනගත් දේ
ලේඛවනගත කිරීමටත් පෙළඹූණාහ. මෙහි ප්‍රතිඵලය වුයේ ග්‍රීක රෝම යුගය වනවිට භූරූපවල
උපත පිළිබඳව විවිධ අඳහස් උදහස්, තර්ක විතර්ක ග්‍රීකය මූලීක කොටගෙන බිහිවීමට
මඟ පෑදීමයි.
භූරූප
නිර්මාණය හා එහි උපත පිළිබදව පැවැති විවිධ ජනප්‍රවාද අධ්‍යනය කරමින් ඒවා සටහන්
කිරීමට පටන්ගත් ග්‍රීක විද්වතුන් එකි ජනප්‍රවාදවල පවතින අතාර්කිකත්වය බැහැර කොට
එයට ආදේශනයක් ලෙස න්‍යායාත්මක හා සංකල්පීය රාමුවක් ඇති කිරීමට ද කටයුතු කළහ. මුල්
කාලීනව භූරූප අධයනයවල ගුණාත්මක ප්‍රවේශයකට මූලීකත්වයක් ලබාදුන් අතර ඉන් ඔබ්බට ගිය
ග්‍රීක විද්‍යාඥායින් එයට ප්‍රමාණාත්මක ප්‍රවේශයක් ආරෝපණය කරමින් එහි ක්‍රියාවලිය
හා එයට හේතු දක්වමින් ඒ අතර ඇති සම්බන්ධතාවය පිළිබදව අධ්‍යනය කරඇත. එමඟින් භූරූප
ඇති වීමෙහිලා පෙර පැවැති අතාර්කිකත්වයට තාර්කිකත්වය සහිත පදනමක් ඇති වීය. එය භූරූප
විද්‍යාවේ පුනර්ජීවයට හේතු වීය. මෙකී පුනර්ජීවයට දායක වු විද්‍යාඥායින් අතර ග්‍රීක
හා අනෙකුත් විද්‍යාඥායින් රාශියක් සිටින අතර ඔවුන්ගේ අඳහස් පිළිබඳව යම් හෝ
අවබෝධයක් ලබාගැනීම තුලින් භූරූප විද්‍යාවේ ආරම්භය හා විකාශනය පිළිබදව අධ්‍යනය
කිරීම පහසු කරයි.
ජනප්‍රවාද වලට
මූලිකත්වය දෙමින් භූරූප විද්‍යාව හා භුරූප පිළිබදව අධ්‍යනය කළ යුගයක එහි පදනමක්
නොමැති බව ප්‍රකාශ කරමින් එයට විද්‍යානුකූල පසුබිමක් සකස් කළ පුද්ගලයෙකු වශයෙන් ක්‍රි.පු
9 වැනි සියවසයේ
ජීවත් වු “ග්‍රීක ජාතික හෝමර්” පෙන්වා දිය හැකිය. මොහු විසින් සම්පාදිත “ඔඩෙසි”
නම් ග්‍රන්ථය තුලින් මධ්‍යධරණි මුහුදේ පැවැති දූපත් පිළිබදව විග්‍රහ කොට දක්වා ඇත.
මෙම ග්‍රන්ථය තුලදී එකි දූපත් අධ්‍යනයේ දී ඔහු ගුණාත්මක ප්‍රවේශයට වඩා ප්‍රමාණාත්මක
ප්‍රවේශයක් මඟින් දූපත් අධ්‍යනය කිරීමට කටයුතු කොට ඇත.එසේම දේවවාදී අදහස් බැහැර
කොට ඒ වෙනුවට බුද්ධිමය ප්‍රවේශයක් හිමිකර දුන් ගණිතඥා පරපුරට අයත් “තෙලස් ක්‍රි.පු 640.546 දක්වා” ජීවත් වුවෙකි.
මෙහු විසින් නයිල් ගංගාවේ වාර්ෂිකව සිදුවන ගංවතුර ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යනය කොට
ඇත. නයිල් ගංගාවෙහි ගමන් මාර්ගය පිලිබඳව ද මොහු විද්‍යාත්මකව අධ්‍යනය කොට ඇත.
දේවවාදි
අඳහස්වලට අනුව භූරූප නිර්මාණය වු බව පිළිගත් සමාජයක උපන් “හෙරඩෝටස්” එකී ක්‍රියාවලිය
ප්‍රතික්ෂේප කරමින් එයට “නිරික්ෂණ ක්‍රමවේදයක්”යොදා ගන්නා ලදී. එහිදී ඔහු සිදු කළේ
නිරීක්ෂණ ක්‍රමවේදය තුලින් නිගමනවලට එළඹීමයි. මොහු නයිල් ගංගාවේ මුවදොර තැම්පත් වන
රොන්මඩ මඟින් නයිල් ඩෙල්ටාව නිර්මාණය වු බවත්, ඊජිප්තුව නයිප් ගංගවේ ත්‍යාගයක් බවත් ප්‍රකාශ
කරන ලදී. මෙහිදී මොහු විසින් අවිධිමත් ආකාරයට හෝ යොදාගෙන ඇත්තේ ප්‍රමාණාත්මක ක්‍රමවේදයයි.
එයට හේතුව වන්නේ මොහු මෙහි දී නයිල් ගංගාවේ නිර්මාණය පිළිබඳව ගුණාත්මක අර්ථකතනයක්
නොකිරීම හේතු කොටගෙනයි. එසේම කඳු දෙකට වීම සිදුවන්නේ දේව කෝපයෙන් නොවන බවත් එයට
හේතු වන්නේ භූමි කම්පා බවත් උස් කඳු ප්‍රදේශවල සිප්පි කටු ව්‍යාප්ත පවතිනුයේ
අතීතයේ මෙම කඳු කලාප මුහුදින් යටවී පැවැතීම බවත් මොහු ප්‍රකාශ කොට ඇත.
ක්‍රි.පු 384.322 කාලයේ පමණ
ජිවත් වු “ඇරිස්ටෝටල්” ද හෙරඩෝටස්ගේ ක්‍රමවේදය වර්ධනය කල පුද්ගලයෙකි. ඔහුද
නිරීක්ෂණ තුලින් නිගමනවලට එළඹීමේ ක්‍රමවේදය තුලින් දැනුම සෙවීමට කටයුතු කළ අයෙකි.
ලෝකයේ සැම ක්‍රියාවලියක්ම වෙනස් වන බවත් එම ක්‍රියාවලියන් තමන්ට හිමි
සමතුලිතතාවයකට පත්විමට උත්සාහ කරන බවත් ඔහු ප්‍රකාශ කරන ලදී. තවද යමහල් හා භූමි
කම්පා ක්‍රියාවලිය අතර අන්තර් සම්බන්ධතාවයක් පවතින බවද ඔහු පෙන්වා දී ඇත. එසේම
ගිනිකදු පිපිරීමෙන් විශාල වශයෙන් වායුව හා ජල වාෂ්ප පිටවීම නිරීක්ෂණය කළ ඔහු ඉන්
පෘථිවි අභ්‍යන්තරයේ වියළි වාතය හා ජලය මිශ්‍රවිම හේතුවෙන් භූමි කම්පා ඇතිවන බවද ප්‍රකාශ
කළහ.
මෙම යුගයේ
විසු “සෙනාකා” විසින් භූමි කම්පා ඇති වීමට පෘථිවි අභ්‍යන්තරයේ ඇති සුළං කැළඹිලි
හේතුවන බවත් ඒ නිසා විවිධ භූරූප නිර්මාණය වන බවත් ප්‍රකාශ කරඇත. නමුත් එහි ඇති
තර්කානූකූල පදනම ඔහු විසින් ඉදිරිපත් කර නොමැති අතර කෙසේ වෙතත් ඉන් පෙනී යන්නේ
පෘථිවි අභ්‍යන්තරය පිළිබඳව අතීතයේ සිට මිනිසා දැන සිට ඇති බවයි. යුරෝපයේ ඇති
වු අඳුරු යුගයේ දී භූරූප විද්‍යාව සතුව පැවැති දැනුම සම්භාරය විනාශ වන්නට විය.
මෙකල භූරූප විද්‍යාව ගුණාත්මක හා ප්‍රමාණාත්මක වශයෙන් වර්ධනය පැවැති අතර ඉන්
ගුණාත්මක ප්‍රවේශයට හිමි වි පැවතීයේ අද්වීතීය ස්ථානයකි. මීට සමකාලීනව අරාබිකරයේ
සිටි “ඉබාන් බතූතා, ඉබන් සිනා”
වැන්නවුන්ගේ කෘතිවල පවා භූරූප පිලිබදව විග්‍රහ කොට දක්වා පැවැති අතර භූමි කම්පා
ඇතිවීම මඟින් විශාල කඳු පද්ධති ඇතිවන බව ඉන් එක් ග්‍රන්ථයක් තුල ඉබාන් සීනා විසින්
විග්‍රහ කොට දක්වා ඇත.
යුරෝපයේ අඳුරු
යුගයෙන් පසු නැවත 15.17 වැනි
සියවස්වල විද්‍යාත්මක ක්‍රමවේදය ආරම්භ වීය.මෙයට සාපේක්ෂව භූරූප විද්‍යාව ද වර්ධනය
විමක් සිදු වු අතර එහිදී “බෆන්, හටන්, ප්ලේෆෙයාර්” ආදි වූ චින්තකයින්ගෙන් භූරූප
විද්‍යාවට සිදු වු මෙහෙය ඉතාමත් වැදගත්ය. මුල් කාලයේ භූරූප පිළිබඳව අධ්‍යනය
ගුණාත්මක ප්‍රවේශයකින් සිදුකල අතර මෙම කාලය තුල එය ප්‍රමාණාත්මක ප්‍රවේශයකට
අවතීර්ණ වීය. උදාහරණයක් ලෙස බෆන් ගංගා ඛාදන හැකියාව හේතුවෙන් ගොඩබිම් ඛාදනය වී
භූරූප ඇති වු බවත් ඒ අතර ඇති සම්බන්ධතාවය පිළිබඳවත් අධ්‍යනය කිරීම පෙන්වා දිය හැකිය.“හටන්”, වර්තමානයේ
යතුර අතීතය” යන සන්දර්භය මත පිහිටා භූරූප පිළිබදව අඳහස් දක්වා ඇති අතර එය පුරාවිද්‍යාත්මක
ප්‍රවේශයකින් විග්‍රහ කිරීමද එහිලා විශේෂත්වයකි.හටන්ගේ මෙකී සංකල්පීය රාමුව
“ප්ලේෆෙයාර්” විසින් රචිත —Elastration
Huttonian’s Theory of the erath˜ නමැති ග්‍රන්ථය තුලින් තවදුරටත් වර්ධනය
දක්වා කොට ඇත. හටන් ගංගා ඛාදනය, සමුදා ඛාදනය, වැසිබිඳු ඛාදනය ආදීය
මෙන්ම භූරූප වෙනස් වීම සඳහා බලපාන යාන්ත්‍රික හා රසායනික ක්‍රියාවලිය පිළිබඳවද
කරුණූ පෙන්වා දී ඇති අතර එකී කරුණු ද ප්ලේෆෙයාර් විසින් තම ග්‍රන්ථය තුල
සවිස්තරාත්මකව දක්වමින් භූරූප විද්‍යාවේ වර්ධනයට දායකත්වය සපයා ඇත.
17,18 වන
සියවස්වලදී භූරූප විද්‍යාව තවදුරටත් වර්ධනය වු අතර මෙහිදී “පවෙල්, ගිල්බර්ඞ්, ඩොල්ටන්” ආදී
භූගෝල විද්‍යාඥායින් භූරූප විද්‍යාවේ වර්ධනයට දායකත්වය සැපයීය. මොවුන් විසින් ඛාදන
චක්‍ර සංකල්පය පිළිබඳව කරුණු රාශියක් මුල් වරට අනාවරණය කර තිබේ. පවෙල් භූරූප
වර්ගීකරණය පිළිබදව විග්‍රහ කිරීමේ දී භූ විද්‍යාත්මක ව්‍යුහයේ ඇති වැදගත්කම
පිළිබඳව සාකච්ඡා කොට ඇති බවත් එය පසු කාලයකදී “fඩිවිස්” නමැති
පුද්ගලයා විසින් රචිත “ඇමරිකන් ස්කූල් ඔෆ් ජියෝමෝපොලෝජි”නම් ග්‍රන්ථය තුල අන්තර්ගත
කොට දක්වා ඇත. එසේම වර්ෂාපතනය හේතුවෙන් සිදුවන ඛාදනයේ ප්‍රතිඵල වශයෙන් ගොඩබිම් ප්‍රදේශ
ක්‍රමයෙන් පහත් බිම් බවට පත්වන බවත් ඔහු පෙන්වා දි ඇත. අසමාන පාෂාණ ස්ථර පිළිබඳව
“පවෙල්” දක්වා ඇති මතය වන්නේ ඒවා භූරූප විද්‍යාත්මකව ඉතා පැරණි යුගයකට අයත්
ඛාදනයන්ගේ ප්‍රතිඵල බවයි. තවද ඛාදනය නිසා ඇති වන ප්‍රපාතාකාර බෑවුම්වලත්, පාෂාණ කුට්ටි
විතැන්වීම නිසා නිර්මාණය වන ප්‍රපාතාකාර බෑවුම්වලත් ඇති වෙනස පවෙල් විසින් විග්‍රහ
කොටඇත. “ඩෝල්ටන්” විසින් සානු ප්‍රදේශ හා කැනියම් ප්‍රදේශ පිළිබඳව විමර්ශනය කළ අතර
ඒවා නිර්මාණය වීම සඳහා නග්ණිකාරක හේතු වී ඇති බව ඔහු පෙන්වා දී ඇත.
17,18 වන සියවසයන්ගේ භූරූප විද්‍යාව කෙරෙහි විවිධ අඳහස්, න්‍යායන්, සංකල්ප ඉදිරිපත් කොට තිබුණ ද එකී සෑම අංශයක්ම ගුණාත්මක ප්‍රවේශයක් මඟින් අවධානය යොමු කරමින් ඇති කළ ඒවා ලෙස සඳහන් කළ හැකිය. නමුත් ප්‍රමාණාත්මක ප්‍රවේශයක් මේ තුල නැත්තේම ද නොවේ. එහිදී සෘජුවම ප්‍රමාණාත්මක ප්‍රවේශයක් භුරූප විද්‍යාවේ වර්ධනයට දායක කරගැනීමක් ඒ තුලින් සිදු නොවේ. 18වන සියවස මැද භාගය වනවිට භූරූප විද්‍යාව සුවිශේෂී ස්ථානයකට ගෙන ඒමට “ගිල්බර්ඞ්” නමැති භූගෝල විද්‍යාඥායාට හැකියාවක් ලැබිණී.එයට හේතු වන්නේ භූරූප විද්‍යාවේ ප්‍රමාණීකරණයට ලක් කිරීමට ඔහුගත් උත්සාහයයි.ගිල්බර්ඩි විසින් ගංගාවක් පරිවහනය කරනු ලබන භාරය, ජල ප්‍රමාණය, ජලයේ ප්‍රවේගය, ගංගාවේ අනුක්‍රමණය ආදි කරුණු ගංගාවක් ආශ්‍රිත භූරූප කෙරේ බලපාන ආකාරය පිළිබඳව ප්‍රමාණාත්මක අධ්‍යනයක් පළමුවරට සිදු කිරීම මෙයට හේතුවයි.
එසේම භූරූප
විද්‍යාව ප්‍රශස්ත ආකාරයෙන් නිර්වචනය කරමින් එහි ප්‍රගමනය සඳහා විවිධ න්‍යායන් හා
ආකෘති ඉදිරිපත් කළ භූරූපඥායෙකු වශයෙන් ඩබිලිව්.එම්. ඬේවිස් පෙන්වා දිය හැකිය. මොහු
විසින් භූරූප නිර්මාණය වීම හා එම නිර්මාණ ක්‍රියාවලීන් එකිනෙක පැහැදිලිව අර්ථ දක්වා
ඇති අතර මොහුගේ සුවිශේෂීතම නිර්මාණය වන්නේ භූරූප නිර්මාණය සම්බන්ධයෙන් ඉදිරිපත්
කරන ලද ජිවන චක්‍ර සංකල්පයයි. මෙය “භූ රූප චක්‍රය හෙවත් ඛාදන චක්‍රය” ලෙසින්ද නම්
වේ.
අතීතයේ සිට
භුරූප නිර්මණය පිළිබඳ විවිධ ජනප්‍රවාද,මිත්‍යාමත,දේවවාදී අදහස් වැනි
පදනමක් රහිත සංකල්පමය රාමුවක් යටතේ විග්‍රහ කළ ද, පසුව ඊට 15, 16 වැනි
සියවස්වලදී ගුණාත්මක ප්‍රවේශයකින් යුක්ත මුහුණුවරක් ආරෝපණය වීය. ඉන්පසුව යුරෝපයේ
අඳුරු යුගය සමඟ භූරූප විද්‍යාව ආගාධයට ඇද වැටුණ ද පසුව මිනිසාගේ විවිධ අවශ්‍යතාවයන්
මත භූරූප විද්‍යාව අධ්‍යනයට නතු වීය. එහිදී ගුණාත්මක ප්‍රවේශයකින් භූරූප අධ්‍යනය
කිරීම ආරම්භ වු අතර එහි ක්‍රමික විකාශනයත් සමඟ ඇති වු අසාර්ථකතාවය හා අතාර්කිකත්වය
මත අධ්‍යන ප්‍රවේශය ප්‍රමාණාත්මක ප්‍රවේශයකට යොමු වීය. මීට අතරමැදි යුගයේ දී
ගුණාත්මක ප්‍රවේශය හා ප්‍රමාණාත්මක ප්‍රවේශය මුසු වු සංකාන්තීය කලාපයක් ද
හදුනාගැනීමට හැකිය. ඒ කාලයේ මෙම විශ්ලේෂණ ක්‍රමෝපායන් දෙකෙහිම සංකලනයක් දැකගත
හැකිය. ගුණාත්මක ප්‍රවේශය තුල භූරූප පිළිබදව අදහස් දැක්වු ඇතැම් ගණිතඥායන් මෙම ප්‍රවේශය
යම්තාක් දුරට මුල් කාලීනව යොදාගත් පුද්ගලයන් ලෙස සලකනු ලබයි. මේ අතර කේම්බ්‍රීජ්
විශ්වවිද්‍යාලයේ “විලියම් හෙපකින්ස්” භූරූප විද්‍යාවට ගණිතමය පදනම ඔස්සේ දායකත්වය
ලබාදේ. මීට අමතරව ඇමරිකන් භූගෝල විද්‍යාඥායකු වන “බෙන්ජමින් සිලිමන්” “ඇමරිකන්
ජර්නල් ඔෆ් සයන්ස් ඇන්ඞ් ආර්ට්ස් හා ඇමරිකන් ජර්නල් ඔෆ් සයන්ස්” යන ග්‍රන්ථ දෙක
මඟින් පොසිල හා ඛණිජ අධ්‍යනය සම්බන්ධයෙන් න්‍යායාත්මක කරුණු රාශියක් පෙන්වා දී ඇත.
“ජේම්ස් ඩවයිට් ඩනා” ගලායන ජලය අතර භූ දර්ශනය නිර්මාණය පිළිබදව ශිල්පීය ක්‍රම
කිහිපයක් ඔහු විසින් ඇති කරන ලදී. “ගංගාවක දික් පැතිකඩ නිර්මාණය හා වෙරළ ඛාදන
වේදිකාව නිර්මාණය” ඒ අතර වැදගත් ශිල්ප ක්‍රම ලෙස හදුනාගත හැකිය. මෙම ක්‍රම ශිල්ප
නිර්මාණයේ දී ගුණාත්මක හා ප්‍රමාණාත්මක ප්‍රවේශයන් භාවිතා කිරීම සුවිශේෂීත්වයක්
ලෙස හදුනාගත හැකිය.
18 වන සියවස
තුලදී භූරූප විද්‍යාවේ අංග කිහිපයක වර්ධනයක් සිදු වු අතර එහිදී භූරූප නිර්මාණය
කෙරෙහි බලපාන භෞතික ක්‍රියාවලි, ප්‍රමාණාත්මකව භුරූප ඉදිරිපත් කිරීම හෝ අධ්‍යන
කිරීම සඳහා ක්‍රමවේද, ශිල්පීය ක්‍රම
වර්ධනය වීම ආදී සාධක වලට ඉන් ප්‍රමුඛතාවයක් හිමි වේ. මේ සියලු සාධක අතරින් විෂය
කේෂ්ත්‍රයේ ප්‍රවර්ධනයට වඩා දායක වන සුවිශේෂී සාධකයක් වන්නේ ප්‍රමාණාත්මක
විශ්ලේෂණය යන සාධකයයි. එමඟින් භූරූප විද්‍යාවේ පැවැති ගුණාත්මක ප්‍රවේශයට විද්‍යානූකූල
පදනමක් ලබා දී එය තාර්කික මට්ටමින් යොදා ගෙන භූරූප විමර්ශනය කිරීමට යොදාගනු ලබයි.
උක්ත සඳහන් කළ නව්‍ය ප්‍රවේශයත් සමඟම භූරූප විද්‍යාවේ විශාල පිඹිදීමක් ඇති වු අතර
එහි වර්ධනය වර්තමානය වන විට මානව ක්‍රියාවලින් සමඟ සෘජුවම බැදී පවතී. මෙම විෂය
කේෂ්ත්‍රයේ වර්තමානය වනවිට තාක්ෂණය සමඟ මුසු වෙමින් ඉදිරියට ගමන් ගන්නා බවත්
හඳුනාගත හැකිය.
ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදය යනු කුමක් ද?
ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදය යන්න පිළිබඳව කරුණු ගොනු කිරීමට මත්තෙන් ප්‍රමාණාත්මක විශ්ලේෂණ
ක්‍රමය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත යුතුය. යම් වස්තුවක් හෝ දෙයක් පිළිබදව
අදහසක් දැක්වීමේ දී ඒ සඳහා ක්‍රම දෙකක් භාවිතා කරනු ලබන අතර ඒ ඔස්සේ යමින් එකී
වස්තුව පිළිබඳව අදහස් දැක්වීම සිදුකරනු ලබයි. එම ක්‍රම වන්නේ,
- ගුණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය
- ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය
යනුවෙනි. මෙහි
දී ගුණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය යනුවෙන් හදුන්වන්නේ යම් වස්තුවක් හෝ යමක් පවතී නම්
එහි ස්වභාවය මත නැතහොත් එහි හැඩය, ස්වරූපය, හා ගුණයන් පදනම් කරගනිමින් අදහස් දැක්විමකි.
උදාහරණයක් ලෙස ගතහොත් ගසක් දෙස බලා එහි අතු, මුල්, පත්‍ර ආදිය පවතින බව ප්‍රකාහ කරමින් ගස
පිළිබඳව දළ අවබෝධයක් ලබාදීමට කටයුතු කිරීම ගත හැකිය. මෙහි යථාර්ථවත්බව හා
තාර්කිකත්වය ඉතාමත් පහත් මට්ටමක පවතිනවා මෙන්ම විශ්වාසීත්වයෙන් ද අවම මට්ටමක පවතී.
නමුත් ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය
යන්න මීට වඩා හාත්පසින් වෙනස් ලක්ෂණ සහිත යථාර්ථවත් මෙන්ම තාර්කිකව කරුණු ඉදිරිපත්
කරන න්‍යායාත්මක හෝ සංකල්පීය රාමුවක් යටතේ හෝ ක්‍රියාත්මක වන සංකල්පයකි. මෙහිදි
යමක් පිළිබඳව අදහසක් ලබා දී එය සනාථ කිරීමට විද්‍යානූකූල පදනමක් ඔස්සේ කරුණු
දැක්වීමක් භාවිතා කිරීමක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස ගසක් පිළිබඳව අදහස් දැක්වීමේ
දී එය නිර්මාණය වී ඇත්තේ කෙසේ ද? එය නිර්මාණය වීමට බලපෑ සාධක හා සංඝටක මොනවා
ද? ආදී ලෙසින් ගස
තුල අන්තර්ගත දෑ පිළිබඳව ගණිතමය හෝ විද්‍යානූකූල පසුබිමක් යටතේ සිට අධ්‍යනය කරනු
ලබයි.
ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදයට ඇත්තේ ඉතා කෙටි ඉතිහාසයකි. මෙය අතීතයේ සිට ක්‍රියාත්මක වූවද
එය එතරම් සැලකිල්ලකට බදුන් නොවීම නිසා එහි ඇති වැදගත්කම අතීතයේ දී ද එතරම්
සැලකිල්ලකට බදුන් නොවීය. 1960 ගණන්වලදී එස්.කේ.
ෂෙපර් නමැත්තා විසින් නවීන සංකල්පයක් ලෙසින් ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය
හඳුන්වා දුන් අතර ඉන් පසුව එය විවිධ කේෂ්ත්‍ර ඔස්සේ වර්ධනය වෙමින් වර්තමානය දක්වා
විකාශනය වීය. මෙම සංකල්පය මීට පෙර භූගෝල විද්‍යාඥායකු වු “ඩේවිඞ් හාවී” විසින්
පෙන්වා දී තිබුණ ද එය සංකල්පමය වශයෙන් වර්ධනය වුයේ ෂෙපර් මෙම සංකල්පය හඳුන්වාදීමත්
සමඟය. මෙම ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය භෞතික භූගෝලය තුල මුලින්ම වර්ධනය වු
අතර පසුව භූරූප විද්‍යාව අතර සමඟ මෙය ක්‍රමිකව වර්ධනය විය. එයට හේතුව වුයේ භෞතික
භූගෝල විද්‍යාව විවිධ විෂය කේෂ්ත්‍රයන්ට කැඩීයාමත් සමඟ භූරූප විද්‍යාව වෙනම
ශික්ෂණයක් යටතේ ඇතිවීම කේන්දාගත වීම පාදක කොටගෙනයි. මුල් කාලීනව ගුණාත්මකව භූරූප
විද්‍යාව තුලින් භූරූප පිළිබඳව විග්‍රහ කොට දැක්වු අතර පසුව එය ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදය යටතේ අධ්‍යනය කිරීමට පටන්ගති. එයට හේතු වුයේ ගුණාත්මකව පවසන
භූරූපයක් තුල එහි යථාර්ථවත් ආරෝපණය වී නොමැති නිසාවෙනි. එමනිසා භූරූපයක යතාර්ථවත්
බව පෙන්විම සඳහා ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය මෙම අවධියේ දී යොදාගෙන ඇත.
ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදයේ සම්භවය
භූරූප විද්‍යාව
වු කලී පෘථිවියේ සමිභවය හා විකාශනය රූප විද්‍යාත්මක ලක්ෂණ අධ්‍යනය කරන්නා වු විෂය
කේෂත්‍රයයි. ඈත අතීතයේ සිට එනම්, මානව පරිණාමයේ සමඟම මෙකී භූරූප විද්‍යාව
වැඳගත් වු අතර එය මානව ප්‍රජාවගේ වර්ධනයට සෘජුව හා වක්‍රව බලපෑම් ඇති කරඇත. පූර්ව
ශිලා යුගයේ සිට නියතිවාදයට ගරු කරන සමාජයක් බිහිවන කාල පරාසය තුලද මෙකී භූරූප විද්‍යාව
අවිධිමත් ලෙස මිනිසාට බලපෑම් කර ඇත. උදාහරණයක් ලෙස නිවර්තන කලාපවල ව්‍යාප්තව පවතින
විශාල කඳු කරණය කිරීමට නිවර්තන කලාපීය වැසියාට ශක්තිමත් පාද යුවලක් ලැබීම ගත හැකිය.
මෙහිදි ද මිනිසාගේ වර්ධනයට යම් ආකාරයකින් බලපා ඇත්තේ භූරූපවල ව්‍යාප්තිය බව
අනාවරණය වේ. අතීතයේ දී භූරූප වල ව්‍යාප්තිය පිීළිබඳව එතරමි විධිමත් ආකාරයකින අධ්‍යනය
නොකළ අතර එයට හේතු වුයේ මිනිසුන් නියතිවාදයට ගරු කරමින් මිත්‍යාමතවාද වලින්
එල්බගත් සමාජයක ජීවත් වීමයි. මේ කාලය තුලදී මිනිසුන් ස්වභාවික පරිසරයට දේවත්වයක්
ලබා දෙමින් ජීවත් විය. මේ කාලයේ දි භූරූප විද්‍යාව වෙනම විෂය කේෂත්‍රයක් ලෙස
වර්ධනය නොවුණද භූරූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව අවිධිමත් ලෙස මිනිසා අධ්‍යනය කිරීමට
පටන්ගෙන ඇත. එකී අවිධිමත් භූරූප විද්‍යා අධයනය වන්නේ ගූණාත්මක ප්‍රවේශයයි.
ගුණාත්මක ප්‍රවේශය යනු, යම් වස්තුවක
පවතින ලක්ෂණ දෙස බලා ඒවා පිළිබඳව (ගුණාංග) අර්ථකථනය සැපයීමයි.
අතීත සමාජය තුල මෙම
ගුණාත්මක ප්‍රවේශය තුලින් අවිධිමත් ලෙස භූරූප විද්‍යාවට සම්බන්ධ කරුණූ රාශියක්
විග්‍රහ කොට දක්වා ඇත. උදාහරණයක් ලෙස “ඇල්ටමීරා හා දොග්දෝන් වැනි ගුහා චිත්‍ර” ගත
හැකිය. එහි ඇඳ දක්වා ඇති සිතුවම් තුල කඳු, දිය පහරවල්, සත්තු ආදී විවිධ ලක්ෂණ
පිළිබඳව විග්‍රහ වන අතර මෙවැනි ප්‍රාථමික පසුබිමක් යටතේ පවා භූරූප විද්‍යාවට
සම්බන්ධ ලක්ෂණ (ගුණාංග) අවිධිමත් ආකාරයට විග්‍රහ වී ඇත. එම චිත්‍රවලට අනුව අඳින ලද
යම් වස්තුවක ගුණාංගයක් පමණක් විග්‍රහ කොට දක්වා ඇති අතර එහිදී අඳින ලද කටු සටහන්
තුලින් මෙය කන්දකි, මෙය
සත්ත්වයෙකි, යනුවෙන් පමණක්
හඳුනාගත හැකිවේ. එය එසේවීමට හේතු වුයේ එම වස්තුව ලක්ෂණවල ගුණයන් පමණක් ඒ තුලින්
විග්‍රහ වී පැවැතීම නිසාවෙනි. මේ ආකාරයට මුල් කාලයේ අවිධිමත් ලෙසින් භූරූප විද්‍යාව
පිළිබඳව ගොඩනඟන විවිධ තොරතුරු හඳුනාගත හැකිය. මිනිසාගේ දියුණුවත් සමඟ ඊට සාපේක්ෂව
භූරූප විද්‍යාව විකාශනය විමක් සිදුවීය. විවිධ මිනිස් අවශ්‍යතා ඉටු කරගැනීමට යාමේදී
භූරූප විද්‍යාව අත්‍යන්තයෙන්ම බැදී පැවතීම නිසා භූරූප විද්‍යාව අත්හල නොහැකි ප්‍රවේශයක්
ලෙසින් වර්ධනය වු සේම මුල් කාලීනව අවිධිමත්ව අධ්‍යනය කළා වු ගුණාත්මක ප්‍රවේශය
සංවර්ධනාත්මක ප්‍රවේශයක් ලෙසින් ඉදිරියට ඇදී ගියහ. මිනිස් චින්තනයේ බලපෑමට නතු වු
මෙම ගුණාත්මක ප්‍රවේශය ඉතාමත් කෙටි කාල පරිසයකදී භූරූප විද්‍යාවට අනුපූරක කාරකයක්
ලෙසින් වර්ධනය විය.
15, 17 සියවස් තුලදී
පෘථිවි පෘෂ්ඨයෙහි ව්‍යාප්තව පවතින විවිධ භූරූපයන් පිළිබඳව දැඩි අවධානයක් සංවර්ධනය
යන ක්‍රියාදාමයන් ඔස්සේ අධ්‍යනය කිරීමට එකල මානවයා පෙළඹුණාහ. මෙයට හේතුවුයේ භූරූපවල
ව්‍යාප්තිය සංවර්ධනය යන ක්‍රියාවලියට සෘජුවම බලපෑමක් එල්ල කල නිසාවෙනි. මේ කාරණා
පදනම් කොටගෙන මිනිසුන් භූරූප පිළිබඳව අවධානයක් යොමු කළහ. කෘෂි කර්මාන්තය, වෙළදාම, කර්මාන්ත ආදී
ඕනෑම ක්‍රියාවලියක් ස්ථනගත වීමේදී භූරූපවල සෘජු හා වක්‍ර බලපෑමක් ඇති වු නිසාවෙන්
එම ලක්ෂණ පිළිබඳව අවධානය දැඩිවීමට හේතු වීය. නමුත් මෙම කාලයේ භූරූප පිළිබඳව අධ්‍යනයේ
දී ගුණාත්මක ප්‍රවේශය පමණක් යොදාගෙන ඇත. එහිදී භූරූපයන්ගේ ස්වභාවය පිළිබඳව දැඩි
අවධානයක් යොමුකර ඇත. මෙහිදි භූරූපයක හැඩය, ස්වභාවය, වර්ගය, පිහිටීම ආදී වු ලක්ෂණ පිළිබඳව වු අධ්‍යනයන්ට
මූලීක තැන ලබා දී ඇත. 15,17 වැනි
සියවසයන්හි මෙකී අධ්‍යනයන් පමණක් මිනිසුන්ගේ අවශ්‍යතාවයන්ට අවශ්‍ය විම නිසා මේ සමඟ
ගුණාත්මක ප්‍රවේශය පමණක් වර්ධනය වීය.
භූරූප විද්‍යාව
යන 1800 දි පමණ
හඳුන්වා දුන්න ද ඊට පෙර භූරූප පිළිබඳව අධ්‍යනය කර ඇති බවට ඉහත සාධක මඟින් පෙනීයයි.
15,17 වන
සියවස්වලදී “ඇරිස්ටෝටල්, ස්ට්‍රාබෝ, හෙරඩෝටස්”
වැන්නවුන් භූරූප පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇති අතර එය භූ දර්ශනය පැහැදිලි කිරීමේ
දී නිම්න, ඩෙල්ටා, භූචලන යනාදියට
පමණක් සිමා වී කරුණු දක්වා ඇත්තේ එකල සමාජයට අත්‍යාවශ්‍ය භූරූප වශයෙන් උක්ත භූරූප
වැදගත් වු නිසාවෙනි. එමෙන්ම භූරූපවල ගුණාත්මකභාවය පිළිබඳව පමණක් විග්‍රහ කිරීම
තුලින් ද ගම්‍යමාන වන කරුණ වන්නේ එම යුගය තුල ගුණාත්මක ප්‍රවේශයට මූලීකත්වයක්
ලබාදී ඇති බවයි.
ජේම්ස් හට්න්
නමැත්තා විසින් 1785 දී හෙමින්
සිදුවන ජල ඛාදනයේ වැදගත්කම අවධානය යොමු කරන ලද අතර ඔහුද එය ගුණාත්මක වශයෙන් අධ්‍යනයට
බඳුන් කර ඇත. ජල ඛාදනය සිදුවන ආකාරය, ජලය ගලායන ප්‍රදේශ, ජලය නිසා ඇති
වන භූරූප පිළිබඳව මොහු අඳහස් දක්වා ඇත. හට්න්ගේ මෙම අඳහස තවදුරටත් වර්ධනය කරන
පුද්ගලයකු වශයෙන් ජෝන් ප්ලේපෙයර් හඳුනාගත හැකි අතර ගංගාවල ස්වරූපය හා ඒවායේ නිම්න
අතර තිබෙන සම්බන්ධතාවය ඔහු පැහැදිලි කරන ලද්දේ ගුණාත්මක ප්‍රවේශයක් මත පිහිටාය.
මොහු විසින් භූරූප විද්‍යාව පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේ දී ක්‍රියාවලි (Process) යන සාධකයට
වැඩි අවධානයක් යොමු කර ඇත. ක්‍රියාවලිය පිළිබඳව අදහස් දැක්වීමේ දී මොහු විසින්
ගුණාත්මකව එහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමත් පමණක් සිදුකර ඇති අතර එයට හේතුව
වුයේ එකල සමාජ පරිසරයයි.
“ඒකියතාවාදය” (uniformitarianism) නමැති සංකල්පය
“චාල්ස් ලොයෙල්” විසින් 1830 ගණන්වල
ඉදිරිපත් කළ අතර ඉන් කියවෙන්නේ අතීතයේ යතුර වර්තමානය බවයි. “භූ විද්‍යාවේ මුලධර්ම”
නමැති ග්‍රන්ථය ඔස්සේ මෙම සංකල්පය සමාජගත කරන මොහු අතීතයේ හා වර්තමානය සන්සන්දනය
කරමින් භූරූප පිළිබඳව ගුණාත්මක කථනයක් සපයනු ලබයි. මේ කාලය තුලදීම ලොයෙල් විසින්
“අවසාධිත නිධි ස්ථාන මරුව,
(Drift Deposits) අයිස් ක්‍රියාකාරීත්වය”
යන කරුණු පදනම් කොට ගනිමින් පෘථිවියේ උපත සිදු වු කාලය පිළිබඳව අඳහසක් දක්වා
තිබිණි. අයිස්වල හා අවසාධිතවල ගුණාත්මක බව පදනම් කරගනිමින් ඒවායේ ස්වභාවය මත
පෘථිවි ඇතිවීමේ කාලය නිර්ණය කිරීමට ලොයෙල් ගත් උත්සාහය තුලින් ද පෙනි යන්නේ එකල
සමාජය තුල භූරූප අධ්‍යනය සඳහා ප්‍රමුඛව භාවිතා කරන ලද්දේ ගුණාත්මක ප්‍රවේශයක් බවයි.
මුල් කාලයේ දී
භූරූප විද්‍යාව අධ්‍යනය කිරීමට භාවිතා කළ ගුණාත්මක ප්‍රවේශය, භූ විද්‍යාඥායින්ට
19 වන සියවසයේ
දෙවන භාගය වනවිට විවිධ අඳහස් දැක්වීමට උපයෝජනයක් වීය. මේ ඔස්සේ නව අදහස් හා සංකල්ප
ඇති කරගත් විද්‍යාඥායින් ලෙස “ජෝන් වෙස්ලි පවෙල් හා ග්‍රෝව් කාල් ගිල්බර්ඞ්”
වැන්නවුන්ට හිමි වන්නේ අද්වීතිය ස්ථානයකි.මොවුන් පාෂාණ ව්‍යුහ (Rock Structure) සමඟ භූරූපවල
තිබෙන සමිබන්ධතා පාෂාණවල ඇති ගුණාත්මකභාවය එනම්, ස්වභාවය, හැඩය, වර්ණය ආදී වු
ලක්ෂණ පදනම් කොටගෙන දැක්වීය. එසේම පරිසරය හා වෘක්ෂලතා, භූරූප භූ ව්‍යුහ
සමඟ දක්වන සම්බන්ධතාවයන් පවා මොවුන් පෙන්වා දී ඇත. එසේම ගංගා ඛාදනයේ උපරිම මට්ටම
මුහුදු මට්ටම සීමාවෙන් පාලනය වන බව ප්‍රකාහ කළ ඔහු එයට ගංගාවේ හැඩය, ප්‍රධාන
වශයෙන් නිම්නය ආදී සාධක බලපාන බව පෙන්වා දී ඇත. මෙහිදි ද ඔහු එකී ලක්ෂණ විග්‍රහ
කිරීම සඳහා භාවිතා කොට ඇත්තේ එකී ගංගාවේ ඇති ලක්ෂණ හෙවත් ගුණයන් මත පිහිටාය.
ගිල්බට් විසින් ඉදිරිපත් කරන ලද ගංගාවක බල ක්‍රියාවලිය බලය හා එයට ඇති ප්‍රතිවිරෝධතා
බලය යන සාධක පාෂාණ හා අවසාධිතවල ස්වභාවය අනුව තීරණය වන බව පෙන්වා දී ඇත. මෙය “ගතික
සමතුලිතතාවය” පිළිබඳ අදහසක් ලෙස හැදින්වේ.
“භූ දර්ශන
සිතුවම්කරණය” ද ගුණාත්මක ප්‍රවේශයේ වැදගත් ස්ථානයකි. “පොවෙල්” නමැති භූ විද්‍යාඥායා
විසින් මෙවැනි භූ දර්ශන සිතියම් රාශියක් ඇඳ දක්වා ඇත. මෙම සිතුවම් අධ්‍යනය කිරීම
තුලින් භූරූප පිළිබඳව ගුණාත්මක අදහසක් ඇති කර ගැනීමට හැකියාවක් පවතී.මේ ආකාරයට
ගුණාත්මක ප්‍රවේශය තුලින් භූරූප විද්‍යාවට දායකත්වය ලබා දුන් පිරිස අතර උක්ත සදහන්
කළ විද්‍යාඥායින්, දාර්ශනිකයින්
ආදී පුද්ගලයන් වැදගත් වේ. මෙම පුද්ගලයින් භූරූප විද්‍යාවට ගුණාත්මක ප්‍රවේශය ඔස්සේ
තම දායකත්වය සැපයීමට හේතු සාධක වුයේ එකල සමාජය තුල පැවැති ගුණාත්මක විශ්ලේෂණ ක්‍රමය
පදනම් කොටගත් සමාජ පසුබිමයි. භූරූප තුලින් මිනිසාට යම් බලපෑමක් වේද, ඒ තුලින් විෂය
අධ්‍යනයට පාදක වන ප්‍රවේශයේ වෙනස් වීමක් සිදුවන අතර එය කාලීනව විචල්‍ය වීමකට
ලක්වීම මෙහි සුවිශේෂීත්වයට හේතුවකි.
18 වන සියවස
වනවිට භූරූප අධ්‍යනය ගුණාත්මක ප්‍රවේශය තුලින් මඳක් ඈත් වු අතර එයට නව ප්‍රවේශයක්
ලෙස ප්‍රමාණාත්මක ප්‍රවේශය ආරෝපණය වීය. මෙයට හේතු වුයේ කාර්මික විප්ලවයේ සෘජු හා
වක්‍ර බලපෑම්ය. මුල් කාලයේ මිනිසාගේ මිත්‍යාමත හා අවිඥාානිකත්වය මත ගුණාත්මක ප්‍රවේශයක්
තුලින් අධ්‍යනය කළ භූරූපයන් මිනිසාගේ සවිඥාානය මත ඇති වන්නා වු අවශ්‍යතා සපුරා
ගැනීමේ දී එය ගුණාත්මක ප්‍රවේශය ඒ සන්දර්භය තුල ස්ථානගත වීය. මෙය ගුණාත්මක ප්‍රවේශය
තුලින් භූරූප අධ්‍යනය කරන අවධියේ දී පවා ක්‍රියාත්මක වු අතර එය එකල වැදගත් ප්‍රවේශයක්
නොවීය.ක්‍රමක් ක්‍රමයෙන් ගුණාත්මක ප්‍රවේශය තුල දළුලා පැමිණ 12වන සියවසයේ
කාර්මික විප්ලවය සමඟ සීඝ්‍ර පිබිදීමකට නතුවිය.
භූරූප විද්‍යාව
හා ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදයේ ඇති සම්බන්ධතාවය
භූරූප විද්‍යා
විෂය වර්ධනය වීම ප්‍රධාන යුගයන් 04 ක් යටතේ අධ්‍යනය කළ හැකිය. එනම්,
- ඓතිහාසික භූ රූප විද්‍යාත්මක අවධිය (ක්‍රි.පු500.ක්‍රි.පු1 දක්වා)
- පුර්ව නවින භූ රූප විද්‍යාත්මක අවධිය (ක්‍රි.ව18 දක්වා)
- ප්‍රමාණාත්මක භූ රූප විද්‍යාත්මක අවධිය (ක්‍රි.ව1850.1950දක්වා)
- සමකාලීන භූ රූප විද්‍යාත්මක අවධිය (ක්‍රි.ව1950.වර්තමානය දක්වා)
යනුවෙනි.
18 වන සියවස
තුලදි භූරූප විද්‍යාවේ අංශ කිහිපයක් වර්ධනය සිදුවීය. ඒවානම්, භූ විද්‍යාව, ඛණිජ විද්‍යාව, භූරූප
නිර්මාණය කෙරෙහි බලපාන භෞතික ක්‍රියාවලි, ප්‍රමාණාත්මකව භූරූප ඉදිරිපත් කිරීම, කේෂ්ත්‍ර අධ්‍යනය
කිරීම සඳහා ක්‍රමවේද හා ශිල්ප ක්‍රම වර්ධනය වීම ඒ අතර ප්‍රධානත්වයක් ගනු ලබයි.
මෙහිදී ප්‍රමාණාත්මකව භුරූප ඉදිරිපත් කිරීම යන්න අනෙකුත් සාධකවලට වඩා
සුවිශේෂීත්වයක් ගනු ලබයි. එයට හේතුව වුයේ මුල් කාලීනව ගුණාත්මක ප්‍රවේශයක් ඔස්සේ
අධයනය කළ භූරූපයන් මේ කාලය තුල ප්‍රමාණාත්මක ප්‍රවේශයක් ඔස්සේ අධ්‍යනය කිරිම
නිසාවෙනි.
20 වැනි සියවසයේ
මැදභාගය වනවිට භූරූප විද්‍යා විෂය කේෂ්ත්‍රය විශාල විපර්යාසකරණයකට බදුන්වීම හේතු
කොටගෙන විශාල ප්‍රගතියක් එකී විෂය කේෂ්ත්‍රය තුල දක්නට ලැබේ. මෙහි බලපෑම මත වර්ධනය
වු අංග ගණනාවක් හඳුනාගත හැකිය. ඒවා පහත ආකාරයට පෙල ගැස්විය හැකිය. එනම්,
- “අකෘති (Models) (රූපාකාර හා ගණිතමය හෝ වාචික) නිර්මාණය කර ඒ ආශ්‍රයෙන් පරිසරයේ තිබෙන භූරූප තේරුම් ගැනිමට මහන්සි ගැනීම.
- විද්‍යාගාර පර්යේෂණ හා කේෂ්ත්‍ර පරීක්ෂණ පදනම් කරගෙන නිගමනවලට එළඹීම.
- සංකීර්ණ ක්‍රියාවලි තේරුම් ගැනීම සඳහා ගණිත හා සංඛ්‍යාන විද්‍යාවේ මූලධර්ම භාවිතා කිරීම.
- පැහැදිලිව හදුනාගත හැකි ශිල්පීය ක්‍රම භාවිතා කිරීම.
- භාවිතා කරන ශිල්පීය ක්‍රම හා මැනුම්වල පැහැදිලි ජාත්‍යන්තර ප්‍රමිති නිර්මාණය වීම සහ ඒ පිළිබඳ ඒකක ඇති වීම.
- සැබෑ නිදර්ශන මඟින් මූලධර්ම පැහැදිලි කිරීම.
- කෙටි කාලින ක්‍රියාවලි සමඟ සම්බන්ධ ක්ෂදා භූරූප අධ්‍යනයට වැඩි උනන්දුවක් වර්ධනය වි තිබීම.
- සාගර භූ රූප අධ්‍යනය කිරිමට උනන්දු වීම.
- භූරූප වර්ධනය වීම කෙරෙහි කාලගුණ විපර්යාස විසින් සිදුකරන බලපෑම පිළිබඳව සොයා බැලීමට උනන්දු වීම.
- භූරූප නිර්මාණය කරන ක්‍රියාවලි හා සම්බන්ධ අවකාශිය ස්වරූප විග්‍රහාත්මක ලෙස අධ්‍යනය කිරීම.
- භූමිය කළමණාකරණය පිළිබඳව තීරණ ගැනීම සඳහා භූරූප විද්‍යාත්මක අදහස් උපකාර කර ගැනීම.
- ජෛව ක්‍රියාවලි භූරූප නිර්මාණය කිරීමට ඇති බලපෑම අධ්‍යනය කිරිම. උදාහරණයක් ලෙස තුඹසක් නිර්මාණය කිරීම ගත හැකිය.
- මානව ක්‍රියාකාරකම් භූරූප නිර්මාණය හා ක්‍රියාවලීන්ට හේතුවන ආකාරය අධ්‍යනය කිරීම.
යනුවෙනි.”
ඉහත දක්වා ඇති
තොරතුරු මඟින් භූරූප විද්‍යාව එක් එක් යුගයන්හි දි විකාශනය වු ආකාරය හා බැදුණු
කරුණු පැහැදිලි කොටගත හැකිය.භූරූප විද්‍යාවට ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය ප්‍රවේශ
වු ආකාරය පිළිබඳවත්, එය භූරූප විද්‍යාවට
සම්බන්ධ වෙමින් එහි පුනර්ජීවයට හේතු වු ආකාරයත් පැහැලිදිවම දක්වා ඇති අතර ඊට අමතරව
භූරූප විද්‍යාවේ ප්‍රගමණයට දායක වු අනෙකුත් අංගයන් පිළීබඳවත් ඉහතින් දක්වා ඇත.
ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදයේ වර්ධනය භූරූප විද්‍යාවේ වර්ධනයට දායක වු ආකාරය
භූරූප විද්‍යාව
තුලින් පෘථිවියේ රූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව අධයනය කරනු ලබයි.එසේම පෘථිවියේ
මුලීක භූ ලක්ෂණ වන මහද්විප හා සාගර පිළිබඳවත් ඒවයේ ඇති ලොකු කුඩා හා සෙසු විශේෂ
ලක්ෂණ පිළිබඳවත් එම භූරූපවල උපත, ඉතිහාසය හා ඒවා නිර්මාණයවීමට බලපාන ක්‍රියාවලි
ආදිය පිළිබඳවත් මෙහිදී අධ්‍යනය කරනු ලබන අතර පරිණාමීය අවධි (Evolutional Stage) සැලකිල්ලට ගෙන විස්තර කිරීම හා පැහැදිලි කිරීම
තුලින් අවකාශීය විවිධත්ව විස්තර කිරීමක් සිදු කරනු ලබන මෙහි මුලීක වශයෙන් ගූණාත්මක
විශ්ලේෂණ ප්‍රවේශයක් ඔස්සේ කරුණු ගොනුකොට ඇත. යම් භූරූපයක් පිළිබඳව එනම්, එහි ඉතිහාසය, උපත, නිර්මාණ ක්‍රියාවලිය
පිළිබඳව එකී භූරූපයන්ගේ ගුණයන් හෙවත් ලක්ෂණ මත පිහිටා විග්‍රහයක් ඉදිරිපත් කිරීමක්
මෙහිදී සිදුවේ. එය බොහෝවිට වාචිකව ඉදිරිපත්කිරීමක් ලෙස හදුනාගත හැකිය. එහිදී එම
භූරූපය පිළිබඳව යථාර්ථවත් අවබෝධයක් ලබාගැනීමට අපට නොහැකි වන අතර භූරූප පිළිබඳව දළ
අදහසක් පමණක් අපට ඉන් ලබාගත හැකිය. නමුදු ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය යටතේ
මෙකි භුරූපයම විමර්ශනයට ලක්කළ විට එහි උපත, වයස හා නිර්මාණ ක්‍රියාවලිය පිළිබඳව විද්‍යානූකූල
පසුබිමක් යටතේ සිට අධ්‍යන කරමින් විවිධ සංකල්ප හා න්‍යායන් යටතේ යථාර්ථවත්
අවබෝධයක් ලබාගැනීමට හැකියාවක් ලැබේ. මෙතැන් සිට ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය
හදුන්වාදීම භූරූප විද්‍යාවේ විකාශනයට දායක වු ආකාරය විමර්ශනයට බඳුන් කරමු.
භූරූප විද්‍යාව
තුලින් භූරූප පිළිබඳව අධ්‍යනය කරනු ලබයි. මුල් කාලීන භූරූප විද්‍යාව තුලින්
භූරූපයන් පිළිබඳව ගුණාත්මක විශ්ලේෂණ ක්‍රමය මඟින් එහි ගුණයන් පිළිබඳව විග්‍රහ කරනු
ලැබීය. නමුදු ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමය මඟින් එය නව මඟකට යොමු කරනු ලැබු අතර
මුල් කාලීනව භූරූපවල ගුණයන් පිළිබඳව පමණක් හැදෑරූ අතර පසුකාලීනව ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදය යටතේ එහි සංකිර්ණත්වය අධ්‍යනයට ලක්කළහ.
මෙමඟින් මානව කටයුතුවලට අවශ්‍ය ක්‍රියාවන් සම්පාදනය පහසු විය. ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදය හදුන්වාදීමට පෙර සමයේ භූරූප පිළිබඳව අවබෝධය එතරම් වැදගත්කමක්
නොතිබුණ කේෂ්ත්‍රයක් ලෙසට සලකණු ලැබු අතර ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය සමඟ එහි
අවකාශීය විවිධත්වය පවා අධ්‍යනයට බදුන් කරලීය. ගුණාත්මකව අධ්‍යනය කරනු ලැබු භූරූප
ඉන් ඔබ්බට හෙවත් සංකිර්ණත්වය සඳහා හේතු වු ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය
පිළිබඳව උදාහරණ සහිතව අධ්‍යනය කිරීම තුලින් ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය භූරූප
විද්‍යාවේ විකාශනයට දායක වු ආකාරය පිළිබඳව කරුණු අනාවරණය කරයි. එයට හේතු වන්නේ ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදය තුල භාවිතා කරනු ලබව විවිධ ගණිත ක්‍රම, න්‍යායන් හා
සංකල්ප ආදී විද්‍යානුකූල ප්‍රවේශයන්ය.
පෘථිවි තලයේ
නිර්මාණය වන සියලු භූරූපයන් අන්තර් ජන්‍ය හා බහිර් ජන්‍ය ක්‍රියාවලිය මත ඇති වු
ඒවාවෙයි. බහිර් ජන්‍ය ක්‍රියාවලිය නග්ණීකරණ ක්‍රියාවලිය ලෙස ද හඳුන්වන අතර මේවායේ
ක්‍රියාකාරිත්වය නිසා උස මට්ටමේ අඩුවීම සිදු වේ. එසේම විෂමතාවයන් (Relief) ඉවත් කිරීම
සඳහා මෙම සාධක ආශ්‍රිත ක්‍රියාවලි බලපෑම් ඇති කරනසේම උස යන සාධකය පිළිබදව කථා
කිරීමේ දී මුහුදු මට්ටම යන මිනුම පදනම් කොටගෙනයි. මේ ආකාරයට භූරූප පිළිබඳව සංකීර්ණ
අධ්‍යනය කිරීමට හැකියාව ලැබී ඇත්තේ ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය භූරූප විද්‍යාව
තුල ස්ථාපිතවීම මතවේ. නැතහොත් උක්ත සඳහන් කළ අන්තර් හා බහිර් ජන්‍ය ක්‍රියාවලිය
ආශ්‍රිතව නිර්මාණය වන භූරූප පමණක් අපට හඳුනාගැනීමට හැකිවේ.
යම් ක්‍රියාවලියක්
සිදුවීම සඳහා ප්‍රධාන වශයෙන්ම ශක්ති ප්‍රභවයක් අවශ්‍ය වේ.උක්ත සඳහන් කළ බහිර් ජන්‍ය
ක්‍රියාවලිය සඳහා සුර්යය ශක්තිය හා විභව (Solar
energy and potential energy) වැදගත් වේ. මෙම ශක්ති මුලාශ්‍ර වල ක්‍රියාකාරීත්වය
අනුව භූරූප නිර්මාණයවීම සක්‍රීයව සිදුවේ. නමුත් අවකාශීය වෙනස්කම් මත පෘථිවියට
ලැබෙන සුර්යය ශක්ති ප්‍රමාණය වෙනස්වීමකට බඳුන්වේ. මෙකී ක්‍රියාවලින් පිළිබඳව අධ්‍යනය
කිරීම සඳහා ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය වැදගත් වන අතර එය ගුණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය මඟින්
අධ්‍යනය කොට දැක්විය නොහැකිය. එමනිසා ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රවේදය වනාහි භුරූප
විද්‍යාවේ විකාශනයට බලපෑමක් ඇති කළ හැකි ප්‍රවේශයක් ලෙස හඳුනාගත හැකිය. පෘථිවිය
තලයට ශක්තිය ලැබෙන ආකාරය සහ ශක්තිය භූරූප නිර්මාණයට ඇති සම්බන්ධතාවය දක්වන රූප
සටහන තුලින් උක්ත සඳහන් කරනු ලැබු ක්‍රියාවලිය මනාව පැහැදිලි වේ.
පෘථිවිය තුල
ක්‍රියාත්මක වන ජෛව භූ භෞතික චක්‍ර මඟින් ද භූරූප නිර්මාණය කිරිමෙහිලා බලපෑමක් ඇති
කරයි. මෙම චක්‍ර නිර්මාණය වීමේදී ශක්ති මුලාශ්‍රවලට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. මෙම ජෛව භූ රසායනික චක්‍ර
පිළිබඳව අධ්‍යන කිරිම සඳහා ප්‍රමාණාත්ක විශ්ලේෂණ ක්‍රමය අත්‍යාවශ්‍ය වන්නේ ඒවායේ
චක්‍රීය ස්වභාවය රඳා පැවැත්ම සිදුවන්නේ එම එක් එක් අංග අතර පවතින තුලිතතාවය ආරක්ෂා
කර ගැනීම මත නිසාවෙනි.
අන්තර් ජන්‍ය
ක්‍රියාවලි මත නිර්මාණය වන භූරූප අධ්‍යනයේ දී මැග්මා හා ආග්නේය ක්‍රියාවලීන් (igneous activity) මෙහිදී මැග්මාවල පරිමාව, ඝණත්වය, උෂ්ණත්වය, ගලායාම, භූරූපයේ
සම්භවය ආදී සංරචක මත භූරූප නිර්මාණ ක්‍රියාවලිය විපර්යාසකරණයට ලක්වේ. මෙම
විපර්යාසකරණය පිළිබදව අධ්‍යනය කිරීම සඳහා ද ප්‍රමාණාත්මක විහ්ලේෂණ ක්‍රමය භූරූප
විද්‍යාවේ විකාශනය මත පිටිවහලක් ලබාදෙන සංකල්පයක් ලෙස හැදින්විය හැකිය.
භූරූප වෙන්කර
හඳුනාගෙන වෙන් වෙන් වශයෙන් සලකා පරීක්ෂා කළහැකි වුවත් වඩාත් පැහැදිලි තොරතුරක්
ගැනීම සඳහා භූරූප විද්‍යාත්මක පද්ධති (Geomorphic
System) යෝග්‍ය වේ. “පද්ධතියක් යනු, දාව්‍ය හෝ
වස්තු හෝ සතු ගුණාංග (attribute) නිසා එකිනෙකට බැදී සමස්ථයක් ලෙස ක්‍රියාත්මක වන
තත්ත්වයයි. ”ගුණාංග මඟින් පද්ධතියක් නිර්මාණය වන අතර ගුණාංග සංඛ්‍යාත්මක වටිනාකම්
වලින් මිනුම්ගත කිරීමේදී ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය යොදාගනු ලැබේ. නැතහොත්
එහිදී භූරූප වෙන්කර හදුනාගැනීමේ දී ගුණාංග ඹත පමණක් සීමාවීමට සිදුවේ. උදාහරණයක්
වශයෙන් ගංගා කොටසක බෑවුම් කෝණයේ සාමාන්‍ය ප්‍රමාණය කොපමණද? යන කරුණ
මිනුම්ගත කර ඉදිරිපත් කිරීම ගතහැකිය. එසේම භූරූපයට සම්බන්ධ වන්නා වු බාහිර පෙනුම
හෙවත් බාහිර ලක්ෂණ පැහැදිලි කරන පද්ධති රූප විද්‍යාත්මක පද්ධති (Morphologic) නම් වේ. මෙහි
දී රූපය හෙවත් පෙනෙක ආකාරය අනුව භූරූපය පිළිබඳව විග්‍රහ කිරීමක් සිදුකල හැකිය.
නමුත් මෙය ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමය මඟින් විවිධ ගණිත ක්‍රම හෝ සංකල්ප ආදීය
යොදාවිට බෑවුම්කරණය, බෑවුම් කෝණයේ
සාමාන්‍ය ප්‍රමාණය, ගංගාවේ බැස්මේ
වේගය, ගංගාවේ ගලායන
ජල ප්‍රමාණය කොපමණ ද? ආදිය පිළිබඳව
ඉතාමත් කාර්කික ලෙස අධ්‍යනය කළ හැකි වි තිබේ. පහත රූප සටහනින් දැක්වෙන්නේ උක්ත
විග්‍රහ කරන ලද රූප විද්‍යාත්මක පද්ධතියකට උදාහරණයක් ලෙස හෙවත් ඒ ආශ්‍රිත ශක්තිය
ගලායන කැස්කේඩ පද්ධතියක් වර්ෂණ ජල කැස්කේඩයක් ආශ්‍රයෙන් පෙන්විමකි.
භූරූප විද්‍යාව
තුල යෙදෙන්නා වූ ප්‍රමාණාත්මක විශලේෂණ ක්‍රවේදයෙහි තවත් වැදගත් සාධකයක් ලෙස “ප්‍රමාණය
හා සංඛ්‍යාතය” (Magnitudo and Frequency)හඳුනාගත හැකිය.
මෙම කරුණු දෙක තුලින් භුරූපවල විශාලත්වය හා නිරන්තර ක්‍රියාකාරීත්වය යන්න පිළිබඳව
අදහසක් ප්‍රකාශ වෙයි. මෙම කරුණු දෙක එකිනෙකට අන්තර් සම්බන්ධ වෙමින් භූරූප ලක්ෂණ
නිර්මාණවීමට හා වෙනස් කිරීමට දායකත්වය සපයයි. මෙම සංකල්ප දෙක යටතේ භූරූපයන්ගේ
පාලනය තීරණය වේ. උදාහරණයක් ලෙස ග්ලැසියර් ආශ්‍රිත භූරූප නිර්මාණය විමට පෙර කෙටි
කාලයක් තුලදී ඇතිවන විශාල භූමි කම්පාවක් ගත හැකිය. භූමි කම්පාවක් සිදුවන අවස්ථාවක
දී එහි බලපෑම කොතෙක් දැයි ගණනය කිරීම සඳහා යොදාගනු ලබන්නේ ප්‍රමාණාත්මක විශ්ලේෂණ
ක්‍රමවේදය මත පදනම් වු සංකල්ප හා විවිධ ශිල්පීය ක්‍රම හා තාක්ෂණික ක්‍රම උපයෝජනයට
ගනිමින්ය. මෙමඟින් පැහැදිලි වන්නේ ද ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය මඟින් භූරූප
විද්‍යාව ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදයක් සමඟ විකාශනය වෙමින් වර්ධනය වන බවයි.
භූරූප විද්‍යාව
තුල ඇති තවත් වැදගත් සාධක දෙකක් ලෙස “සමතුලිතවීම හා පරිණාමය” (Equilibrium and Evolution) ගත හැකිය. වර්තමාන ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර
බලා භූරූපවලට නිගමනයන් ලබාදීම (අධ්‍යනය කිරීමේ ප්‍රවේශය) හදුන්වන්නේ “කාර්ය බද්ධ
ප්‍රවේශය” නම් වන අතර එයට පරිණාමීය නැතහොත් ඓතිහාසික ප්‍රවේශයක් මඟින් තොරතුරු
ලබාගැනීමක් සිදුකරනු ලබයි. කාලය සමඟ භූ දර්ශනය විචල්‍ය වන අතර වර්තමානයේ ඇත්තේ අතීතයේ ඇති ක්‍රියාවලීන්ගේ
බලපෑම නිසා නිර්මාණය වු භූ රූපයන්ය. භූරූප වෙනස් විම කාලයට සම්බන්ධ කර පරික්ෂා කර
බලනවිට භූරූප සමතුලිතවීමේ ලක්ෂණ කිහිපයක් හදුනාගැනීමට පුළුවනි. ඒ අතර “ස්ථිතික
සමතුලිතතාවය” ප්‍රධාන වේ. එනම්, ක්‍රියාවලිය සෙමින් සිදුවුවහොත් රූපාකාරයේ
පැහැදිලි වෙනසක් සිදුවීම පියවි ඇසින් දැකගත නොහැකිය. මෙකි ක්‍රියාවලිය පිළිබඳව
ගුණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදයක් මත පිහිටා අධ්‍යනය කළහොත් එය පිළිබඳ යථාර්ථය අවබෝධ
කරගත නොහේ. නමුත් මෙකී ක්‍රියාවලින්ට ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය යොදා එහි
යථාර්ථවත් බව අනාවරණය කොටගත හැකිය. මින් ගම්‍යමාන වන්නේ භූරූප විද්‍යාවේ විද්‍යාත්මක
පැතිකඩ අධ්‍යනයෙහිලා ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය මනා පිටුවහලක් දක්වා ඇති
බවයි. උදාහරණයක් ලෙසට ගලායන ගංගාවක අවසාධිත ගෙනයාම නිරනතරව සිදුවන නමුත් ගංගාවේ
අනුක්‍රමණය, නිම්නයේ
ස්වභාවය, මුහුදු මට්ටම
සමඟ ඇති සම්බන්ධය යනාදිය ගලා යන ගංගාව නිරීක්ෂණය කිරීමෙන් හඳුනාගත නොහැකිවිම
ගතහැකිය.
භූරූප විද්‍යාවට
ප්‍රමාණාත්මක විශ්ලේෂණය සම්බන්ධ කළ කල්හි ක්‍රියාවලියක් ලෙස “අචල ගති ස්වභාවය
සමතුලනය හා ගතික සමතුලනය” Stead state equilibrium) වැදගත් සාධක
දෙකක් ලෙස ගත හැකිය. එනම් යම් භූරූපයක් මුල් ස්වභාවය හදිසි බලපෑමක් මත වෙනස් වි
නැවත පෙර තිබු තත්ත්වයට පත්වෙමින් පැවතීමේ ක්‍රියාවලියයි. ගංගා ඛාදනය ආශ්‍රිතව
අවසාධිත තැම්පත්ව දූපත් නිර්මාණය වීම මෙයට සරල උදාහරණයක් ලෙස ගත හැකිය. මෙම ක්‍රියාවලිය
නිරීක්ෂණය මඟින් අධ්‍යනය කිරීමට ඉතා දිගු කාලයක් ගතවන අතර එමනිසා ප්‍රමාණාත්මක
විශ්ලේෂණය ඔස්සේ ගණිත ක්‍රම යොදාගනිමින් උපකල්පිත නිගමනයන්ට පැමිණීම ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදයට හැකියාවක් පවතී. එමනිසා භූරූප විද්‍යාfවි දී, ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදය ඔස්සේ අචල ගති සමතුලිතතාවය ඉතා දිගු කාලයක් තිස්සේ සිදුවන ක්‍රියාවලි
සමඟ භූරූප ඇති කිරීමට මඟ පාදයි. එකි ලක්ෂණය ගණිතමය විග්‍රහයකට අනුව තුලිත
තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකිය. මේ සදහා කාලය ඉතා විශාල ප්‍රමාණයක් ගතවන අතර
එහිදී කාලය විශාල වශයෙන් වැය කිරීමත් මගින් සමතුලිත ක්‍රියාවලිය සිදුවන්නේ නම් එය
“ක්ෂය වු සමතුලිතතාවය(decay equilibrium) ලෙස නම් කරයි.
මේ තත්ත්වය පොළව තලයේ විෂමතාවය අඩු කාලයක සිදුවන බව හදුනාගෙන ඇති අතර එසේ
හදුනාගැනිමට පාදක කොටගත් ක්‍රමවේදයට පදනම සැපයෙන්නේ ද ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය
හරහායි. මෙකී ක්‍රියාවලිය උදාහරණයක් ගංගා ඛාදනය අශ්‍රයෙන් පහත රූප සටහනින් පෙන්වා
දී ඇත.
භූරූපවිද්‍යා
විෂයෙහි අන්තර්ගත ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය තුල කාලය යන සාධකයට හිමි වන්නේ
අද්විතීය ස්ථානයකි. එයට හේතුව වන්නේ යම් ක්‍රියාවලියක ක්‍රියාත්මකතාවය සදහා කාලය
අත්‍යාවශ්‍යම සාධකයක නිසාවෙනි. යම් භූරූපයක් පිළිබදව ගුණාත්මක අදහසක් ප්‍රකාශ
කිරීමට කාලය යන සාධකය වැදගත් නොවුණ ද, ප්‍රමාණාත්මක ප්‍රවේශයක් ඔස්සේ භූරූපයක්
විග්‍රහ කිරීමේ දී “කාලය” යන සාධකය අත්‍යන්තයෙන්ම අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්වේ.
භූරූපයන් කාලයත් සමග විශාල සම්බන්ධතාවයක් පවතින අතර එය අනුපූරක මෙන්ම පරිපූරක
ආකාරයෙන් ද භූරූප නිර්මාණය කිරීමට දායක වේ. මෙකි සාධක මත භූරූප විද්‍යාවේ ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදයට කාලය යන සාධකය අන්තර්ගත කොට ඇති අතර එය භූරූප විද්‍යාවේ
වර්ධනයට හා විකාශනයට ප්‍රභල වශයෙන් බලපෑමක් සිදුකර ඇත. මෙහිදී එම බලපෑමට ප්‍රධාන
හේතුව වන්නේ ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදයයි.
“අවකාශය හා
පරිමාණය” යන සාධකය ද භූරූප විද්‍යාවේ දි ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය තහවුරු
කරනු ලබන සාධකයන් දෙකකි. යම් භූරූපයක ව්‍යාප්තියක ව්‍යාප්ති අවකාශය පෙන්වීම සඳහා
මෙකී පරිමාණය යොදාගෙන ඇත. එසේම කාල පරිමාණයට ද මෙහිදි වැදගත් ස්ථානයක් හිමි වී ඇති
අතර, භූරූප
වර්ගිකරණය කිරීමට ද මෙකී සාධකයන් හේතුවි ඇත. භූරූප “රේඛීය පරිමාණය, අයත් විය හැකි
වර්ග ප්‍රමාණය, උපතට බලපාන
කරුණු, භූරූප සමඟ
සම්බන්ධ ක්‍රියාවලි” යනාදී වශයෙන් වර්ග කොට දක්වා ඇත. මෙමගින් භූරූප හා කාලය, අවකාශය අතර
ඇති සම්බන්ධතාවය මනාව අනාවරණය වේ. මෙම සාධකයන්ගෙන් ද තහවුරු වන්නේ භූරූප විද්‍යාවේ ප්‍රගමණයට සෘජුව හා වක්‍රව ප්‍රමාණාත්මක
විශ්ලේෂණය බලපා ඇති බවයි.
වර්තමානය
වනවිට භූරූප විද්‍යාවේ වර්ධනය සඳහා ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය භාවිතා කරනු
ලබන්නේ “විග්‍රාහාත්මක ක්‍රමවේදයන්ය.” මෙහි දි දත්ත එක්රැස් කොට ඒවා විශ්ලේෂණය
කිරීම මඟින් භූරූප පිළිබඳව අධ්‍යනය කරනු ලබයි. මේ සඳහා ඔවුන් විවිධ උපකරණයන් ද
භාවිතා කිරීමක් ද සිදුකරනු ලබන අතර මේ සඳහා විශාල කාලයක් ගත කරනු ලබයි. මෙයට
උදාහරණයක් ලෙස “චාල්ස් ඩාවින්” විසින් අතොල භූරූපය නිර්මාණය වීම පිළිබඳ කළ
පර්යේෂණය ගත හැකිය. මුල් කාලයේ දී මෙහි දත්ත ලබාගැනීම ඉතා ප්‍රාථමික මටිටමින්
සිදුකළ අතර වර්තමානය වනවිට සංකීර්ණ තත්ත්වයක් යටතේ උසස් තාක්ෂණය භාවිතා කරමින්
දත්ත ලබාගැනීම සිදුකරනු ලබයි. ගුවන් ඡායාරූප මඟින් නිර්මාණය කරගන්නා තොරතුරු හා
දත්ත භූවිෂමතා සිතියම් සමඟ සන්සන්දනය මඟින් භූ දර්ශනයේ කෙටි කාලින වෙනස්වීම් ඵ්‍රමාණාත්මක
ලෙසට විග්‍රහ කිරිමට දත්ත පදනම නිර්මාණය කරගැනිමට පිළිවන.
වර්තමානය
වනවිට භූරූප ආශ්‍රිතව විවිධ ලක්ෂණ පැහැදිලි කරදිම සඳහා “පරිගණක ආකෘති” නිර්මාණය කර
ඇත. ඒවා දෘඩාංග ආකෘති,සමකාර්ය
ගණිතමය ආකෘති ලෙස කොටස් කළ හැකිය. මෙකී ආකෘති භාවිතා කරමින් භූරූප, ලක්ෂණ හා ක්‍රියාවලි
තේරුම් ගැනීමට උත්සාහ කිරිමක් ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමය තුල දක්නට ලැබේ. භූරූප
විද්‍යාවේ දි “සිතියම්කරණයද” ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමය තහවුරු කරන්නා වු එක්
සන්දිස්ථානයකි. මෙමඟින් භූරූපවල ව්‍යාප්තිය, පිහිටීම, දිශාව ආදි ලක්ෂණ පෙන්විය හැකි අතර එය
පෙන්විම සඳහා භාවිතා කරනු ලබන මුලීක සංකල්ප ප්‍රමාණාත්මක විශ්ලේෂණය තුලින් ලද
ඒවායි. එමගින් ද තහවුරු වන්නේ භූරූප විද්‍යාවේ විකාශනයට ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය
හේතු වන බවයි. අතීතයේ ප්‍රාථමික දත්ත හා විවිධ දත්ත මූලාශ්‍ර පදනම් කරගනිමින්
සිතියම් නිර්මාණය කළ අතර එය වර්තමානය වනවිට ගුවන් ඡායාරූප GPS, GIS වැනි උසස්
තාක්ෂණය යොදාගනිමින් සංවර්ධනය කර ඇති අතර හයට පදනම නිර්මාණය වුයේ ප්‍රමාණාත්මක
විශ්ලේෂණය මඟින්ය. මෙවැනි ක්‍රමවේදයන්ට මුලිකවම ගණිතමය සංකල්ප, ආකෘති, න්‍යායන් හා
අනෙකුත් සංකල්ප පදනම්වීම මඟින් භූරූප විද්‍යාවට ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය
දායක වු බව මනාව පසක් වේ. පහතින් දක්වා ඇති සිතියම් කිහිපය තුලින් ඉහතින් ප්‍රකාශ
කරන ලද තොරතුරු පිළිබඳව දළ අවබොධයක් ලබාගත හැකිය.
මෙම සිතියම්
අධ්‍යනය කිරීමෙන් ගුණාත්මක අවබෝධයක් ලබාගත හැකි වූවද, එහි අන්තර්ගත
දෑ අධ්‍යනය කිරීමෙන් භූරූපවිද්‍යාව ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය පිළිබඳව මනාව
තහවුරු වේ.සිතියම් පරිමාණය,
දිශාව, වර්ගය අදීය මෙයට නිදර්ශන වශයෙන් ගත හැකිය.
“සන්සන්දනාත්මක
ප්‍රවේශය” ද ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය තුලින් භූරූප විද්‍යාවේ විකාශනයට
දායකත්වයක් සපයා ඇත. මෙහිදී එකිනෙක භූරූප සන්සන්දනාත්මකව අධ්‍යනය කරනු ලබයි.
සූර්යය විකිරණ ව්‍යාප්තිය හා පෘථිවි තලය මත ඇති ජල ව්‍යාප්තිය භූරූප නිර්මාණය
කෙරෙහි ඇති බලපෑම සන්සන්දනාත්මකව පරීක්ෂා කිරීම උදාහරණ ලෙස ගත හැකි අතර පහත රූප
සටහනින් පෘථිවි තලය මත ජල ව්‍යාප්තිය පෙන්වා ඇති අතර එමඟින් ඉහත පැවැසූ කරුණු මනාව
පැහැදිලි වේ.
ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදය හදුන්වාදීම භූරූප විද්‍යාව විකාශනයට දායකත්වය සැපයු තවත්
අවස්ථාවක් ලෙස “ගංගා ද්‍රෝණි හා ගංගා සන්ශ්‍රේණි” ආකෘති වැදගත් වේ. “හෝර්ටන් හා ක්‍රිස්ටාලර්”
වැනි පුද්ගලයින් මේ පිළිබඳව අඳහස් දැක්වුවන් අතර වැදගත් වේ. මේ ආශ්‍රිතය ඔවුන්
විවිධ පරිමාණික රටාවන් අධ්‍යනය කරමින් ගංගා ඛාදනය හා ඒවා සම්බන්ධ කර පෙන්වා දී ඇත.
ගංගාවක් නිර්මාණය වී ඇති අකාරය අනුව ගංගා සන්ශ්‍රේණියක හැඩය, ප්‍රමාණය, දිග ආදිය
වෙනස්වන බවත් ඒ අනුව ඒ ආශ්‍රිතව නිරිමාණය වන භූරූපයන්ගේ විචලතාවයක් ඇතිවන බවත්
හෝර්ටන් පෙන්වා දී ඇත. හෝර්ටන් හා ස්ට්‍රාලර් විසින් සොයා ගන්නා ලද ගංගා සන්ශ්‍රේණියන්
පහත රූප සටහන් තුලින් දක්වා ඇත.
ප්‍රධාන
ගංගාවක පවතිවන අතු ගංගා පදනම් කර ගනිමින් එකී ගංගාව කාණ්ඩ කොට දක්වා “ගංගා සන්ශ්‍රේණියන්”
නිර්මාණය කරනු ලබන අතර එමඟින් ප්‍රධාන ගංගාව ගෙනයනු ලබන ජල ප්‍රමාණය, අවසාධිත ප්‍රමාණය, භූරූප නිර්මාණ
ක්‍රියාවලිය, භූගත හා භූතල
ජල ප්‍රමාණය ආදීය පිළිබඳව ගණනය කිරීම්වලට බදුන් කරයි. එසේම ඒ ඒ සන්ශ්‍රේණි
අවස්ථාවලදී නිර්මාණය වන භූරූප පිළිබදව හා එම අතු ගංගා ප්‍රධාන ගංගාවේ ක්‍රියාකාරිත්වයට
දායක වන ආකාරය පිළිබදව ද මෙහිදී ප්‍රමාණික ලක්ෂණ යටතේ හඳුනාගත හැකිය. මෙවැනි ලක්ෂණ
හඳුනාගැනීමට යාමේදී වඩාත් සංකීර්ණ ගණිත ක්‍රමයන් භාවිතා කිරිමක් දක්නට ලැබේ. එසේම
මෙමඟින් භූරූප විද්‍යාවට සම්බන්ධ විවිධ අනාවැකි පලකළ හැකි අතර භූරූප ඇති වීම, ක්‍රියාකාරීත්වය
හා විකාශනය, ස්වභාවික ව්‍යසන
ආදී ක්‍රියාවලි මෙහිදී ප්‍රධානත්වයක් ගනු ලබයි. ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය
ඔස්සේ භූරූප විද්‍යාව ගංගා සන්ශ්‍රේණි දායක වන ආකාරය ඉහත රූප සටහන් අධ්‍යනය
කිරීමෙන් පැහැදිලි වේ.
එසේම භූරූප
විද්‍යාවට ඩේවිලිසියානු
ඛාදන චක්‍රය මඟින් ද ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය සම්බන්ධ කල හැකිය. මෙමඟින්
ගංගාවක් ආශ්‍රිතව සිදුවන ඛාදනය, පරිවහනය, නිධිසාධනය යන ක්‍රියාවලි පිළිබඳව විදා්‍යානූකූල
පදනමක් ඔස්සේ සාකච්ඡාවට බදුන් කොට ඇත. ඉහත තොරතුරු
අධ්‍යනය කිරීම තුලින් පැහැදිලි වන ප්‍රධාන කරුණ වන්නේ ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය
භූරූප විද්‍යාවට හඳුන්වාදීම සමඟ භූරූප විද්‍යාව ගූණාත්මක ප්‍රවේශයෙන් මිදී
යථාර්ථවත් විද්‍යානූකූල විෂය කේෂ්ත්‍රයක් බවට පත්වීමට පදනම විවර වු බවයි. මෙම ක්‍රියාවලීන්
හා සංකල්පයන් මානව ක්‍රියාවන් හා සෘජුව හා වක්‍රව එකිනෙකට සම්බන්ධවීමෙන් භූරූප
විද්‍යාව සංවර්ධනයෙහිලා එකි ප්‍රවේශය මහත් පිටිවහලක් වීය. මිනිසුන්ගේ වර්තමාන
සංවර්ධන ක්‍රියාවන්ට භූරූප විද්‍යාව දායක කරගැනීමට මෙකී ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රවේදය
භූරූප විද්‍යාව තුලට ආදේශවීම හේතුවු අතරම අනාගත සංවර්ධන ක්‍රියාදාමයන්, මෙන්ම අනෙකුත්
උපකල්පන එනම්, ස්වභාවික ව්‍යසන, භූමීන් පිළිබඳ
තොරතුරු ආදිය පිළිබඳව සුළු හෝ අවබෝධයක් උපකල්පන තුලින් ලබාගැනීමට හැකියාවක් ලැබේ.
එසේම අනාගතයේ ඇති වියහැකි අභියෝගයන්ට මුහුණ දීමට උපකල්පිත හෝ සැබෑ සැලසුම් මේ
තුලින් නිර්මාණය කිරීමට හැකියාවක් පවතී.මෙයින් පෙනී යන්නේ ප්‍රමාණාත්මක විශ්ලේෂණ
ක්‍රමය හඳුන්වාදීම මඟින් භූරූප විද්‍යාවේ විකාශනයට දායකත්වයක් සැපයු බවයි.
සමාලෝචනය
භූරූප විද්‍යාව
තුලින් පෘථිවියේ භූ විද්‍යාත්මක ලක්ෂණ අධ්‍යනය කරනු ලබන අතර එසේම ඒවායේ උපත, ඉතිහාසය, ක්‍රියාකාරීත්වය
හා අවකාශීය විවිධත්වය පිළිබඳව ද අධ්‍යනය කරනු ලබයි. මුල් කාලයේ දී භූරූප විද්‍යා
විෂය කේෂ්ත්‍රයේ වර්ධනය සඳහා විශාල විද්‍යාඥායින්
පිරිසකගේ හා ඔවුන්ගේ විවිධ අදහස්, සංකල්ප, න්‍යායන්, මතවාදී ආදියෙහි
දායකත්වය ලබාදී ඇත. එසේම භූරූප විද්‍යාවේ ඉතිහාසය පිළිබදව මෙම ලිපිය ඔස්සේ අදහස්
දක්වා ඇති අතර එහිදී ගුණාත්මක හා ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදයන්ට සුවිශේෂි
ස්ථානයක් ලබාදෙමින් කරුණු විමර්ශනය කොට ඇත.ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය
පිළිබඳව මෙහි විග්‍රහාත්මක ලෙස කරුණු දක්වා ඇති අතර එහි සම්භවය හා විකාශනය පිළිබඳව
ද විධිමක් ලෙස සාකච්ඡාවට බදුන් කොට ඇත. එසේම ගුණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදය හා ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදය යන ද්විත්වය භූරූප විද්‍යාවේ ප්‍රගමනයට දායක වු අයුරු
සන්සන්දනාත්මකව පෙන්වා දී ඇති නිසාවෙන් භූරූප විද්‍යාවේ විකාශනය පිළිබඳව ද ඉන්
අවබෝධයක් ලබාගත හැකි වී ඇත.
ප්‍රමාණාත්මක
විශ්ලේෂණ ක්‍රමවේදය භූ රූප විද්‍යවේ වර්ධනයට දායක වු ආකාරය විග්‍රහ කිරීමේදි ඒ
සඳහා විවිධ වු ක්‍රියාවලි පාදක කොටගෙන ඇත. ඒ අතර අන්තර් ජන්‍ය හා බහිර් ජන්‍ය ක්‍රියාවලිය, ජෛව භූ
රසායනික චක්‍ර, ශක්ති ගලනය, ඛාදනය/පරිවහනය/නිධිසාධන
ක්‍රියාවලිය ආදී වු ක්‍රියාවලින්ට ප්‍රමුඛතාවයක් දී ඇත. එකී ක්‍රියාවලීන් හා භූරූප
විද්‍යාව අතර ඇති සම්බන්ධය විමර්ශනය කිරීම තුලින් ඒවා භූරූප විද්‍යාවේ ප්‍රගමනයට
දායක වු බව මේ තුලින් මනාව ගම්‍යමාන වේ.
ආශ්‍රිත ග්‍රන්ථ
නාමාවලිය
ග්‍රන්ථ
අමරසේකර, දයා. සහ දසනායක, රෝහිත. (2005). ඉඳුවර
පර්යේෂණාත්මක ලේඛන සංග්‍රහය භූගෝල විද්‍යාව, ආරිය ප්‍රකාශකයෝ, බෞද්ධ විද්‍යාලය
මාවත, වරකාපොල.
එපිටවත්ත, සෙනෙවි. (2006). භෞතික
භූගෝල විද්‍යාව 01
(භූරූප විද්‍යාව), ස්ටැම්පර්
ලේක් ප්‍රකාශකයෝ, 366, හයිලෙවෙල්
පාර, පන්නිපිටිය.
එපිටවත්ත, සෙනෙවි. (2006). භෞතික
භූගෝල විද්‍යාව 02
(ජෛව භූගෝල විද්‍යාව), ස්ටැම්පර්
ලේක් ප්‍රකාශකයෝ, 366, හයිලෙවෙල්
පාර, පන්නිපිටිය.
ජයසේන, ඉන්ද්‍රාණි.
(1962). ඩෙන්ලෙව්ගේ
සිතියම් අභ්‍යාස, ලේක් හවුස්
ඉන්වෙස්ට්මන්ට් ලිමිටඞ්, ලේක් හවුස්, කොළඹ.
බණ්ඩාර, තිලක්
විජේතුංග. සහ පත්මසිරි ඊ.එච්.ජී.සී. (2011). භෞතික භූගෝලය
භූරූප විද්‍යාව, කතෘ ප්‍රකාශනයකි.
මාතොන්, එමානුවෙල් දි.
(1964). සංක්ෂේප
භූගෝල විද්‍යාව, රාජ්‍ය භාෂා
දෙපාර්තමේන්තුව, බුලේ පාර, කොළඹ 07.
හෙන්නායක, නාලනී. (2004). මානව
භූගෝල විද්‍යාව, ඇස්. ගොඩගේ
සහ සහෝදරයෝ, 675, මරදාන පාර, කොළඹ 10.
රේස්, අර්වින්. (1971). සාමාන්‍ය
සිතියම් විද්‍යාව, අධ්‍යාපන ප්‍රකාශන
දෙපාර්තමේන්තුව, අර්නස් ද
සිල්වා මාවත, කොළඹ 03.
· Goudie,
Andrew. (1990). Geomorphological Techniques, Unwin Hyman Ltd, 15/17
Broadwick Street, London WIV 1FP, UK.
·
Kirkby,
M.T. (1994). Process models and Theoretical Geomorphology, John willey and
sars, New York.
·
Pitty,
Alistair F. (1971). Introduction to Gomorphology, Methuen & Co Ltd, 11
New Fetter Lane, London EC4.
වෙබ් අඩවි
http://en.wikipedia.org
·
http://www.image.com
·
http://www.agu.org
·
http://www.sciencedirect.com
·
http://www.sciencedirect.com
·
http://www.lifeinfreshwater.org
No comments:
Post a Comment