කෘෂිකර්මය යනු කුමක්ද?
ලෝක ආර්ථිකය
තුල කෘෂි කර්මයට හිමිවන්නේ අද්වීතීය ස්ථානයකි. විවිධ ස්වරූපයන් ගනිමින් ක්‍රියාත්මක
වන මෙය සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල විවිධ අරමුණු පදනම් කරගෙන ක්‍රියාත්මක
වෙයි. මෙකී විවිධ අරමුණූ ඔස්සේ ක්‍රියාත්මක වන කෘෂිකර්මයෙහි ව්‍යාප්තිය, එයට දායක වන්නන්
ප්‍රමාණය, භාවිතා කරනු
ලබන විවිධ ක්‍රම, ප්‍රදේශයයෙන්
ප්‍රදේශයට, හෝ රටින් රටට
ආදි ලෙස වෙනස් ස්වභාවයක් ගත හැකිය. ලෝක ආර්ථිකය හා විවිධාකාරයෙන් සහ සම්බන්ධව
අන්තර් ක්‍රියාකරනු ලබන අතර කෘෂිකර්මය විශාල ජන සංඛ්‍යාවකගේ උපාය මාර්ගය ද වේ.
එසේම කර්මාන්ත, වෙළදාම, පරිවහනය, සේවා ආදි
අංශයන් සමග කෘෂිකර්මාන්තය සෘජුව හා වක්‍රව සමීප සම්බන්ධතාවයක් පවත්වනු ලබන අතර
කෘෂිකාර්මික නිපයුම්, කෘෂිකාර්මික
ඉල්ලුම්, කෘෂිකාර්මික
ස්වරූපය, කෘෂිකාර්මික
වර්ගවල ව්‍යාප්තිය, අනෙකුත් ක්‍රියාවලින්
සමග දක්වන සහ සම්බන්ධතාවය පිළිබඳ දැන
සිටීම ද මෙහිලා වැදගත් කොට සැලකිය හැකිය.
කෘෂි කර්මය
පිළිබඳ නිර්වචන
කෘෂිකර්මාන්තය
ගෝලීය මට්ටමෙන් ගෙන සැලකූ කල්හි ඉතාමත් සංකීර්ණ වු ක්‍රියාදාමයක් ලෙස හඳුනාගත
හැකිය. මෙකී සංකීර්ණත්වයට හේතු වුයේ, එම ක්රියාවලියෙහි ක්‍රියාකාරීත්වය අවකාශීමය
වශයෙන් දක්වන දැඩි විෂමතාවය හේතුකොට ගෙනය. එක් බෝග වර්ගයක් භු විෂමතාවය, දේශගුණය යන
භෞතික සාධක පදනම් කරගනිමින් ද, සමාජ, සංස්කෘතික අංග වන සිරිත් විරිත්, සම්ප්රදාය, ආගම ආදී අංග
ලක්ෂණ පදනම් කොටගනිමින් ද,
අවකාශය තුල විවිධත්වයක් ඇතිකරමින් ව්‍යාප්තව ඇත. එමනිසා
කෘෂිකර්මය වනාහි ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස අපට හඳුනාගත හැකිය. මෙකී
සංකීර්ණත්වය පදනම් කොටගෙන කෘෂිකර්මය යන්න නිශ්චිත අර්ථකථනයක් හෙවත් විශ්වීය
නිර්වචනයක් මේ වනවිට ලැබී නොමැත. නමුත් කෘෂිකර්මය පිළිබඳව විවිධ වු නිර්වචන
රාශියක් කෘෂික්රමයේ ස්වභාවය, ව්‍යාප්තිය, අරමුණු ආදී සාධක මත
පදනම් වෙමින් ඉදිරිපත් කොට ඇත. ඒවායින් කිහිපයක් පහත දක්වා ඇත.එනම්,
Agriculture, or farming, is the simplification of nature's food webs and the rechanneling of energy for human planting and animal consumption. (http://kids.mongabay.com)
Agriculture, also called farming or
husbandry, is the cultivation of animals, plants, fungi, and other life forms for food, fiber, biofuel, drugs and other products used to sustain
and enhance human life.Safety and health in agriculture. (International Labor
Organization)
The science, art, or practice of
cultivating the soil, producing crops, and raising livestock and in varying
degrees the preparation and marketing of the resulting products. (http://www.merriam-webster.com)
The active production of useful
plants or animals in ecosystems that have been created by people. Agriculture
may include cultivating the soil, growing and harvesting crops, and raising livestock. (http://www.answers.com)
Agriculture is the science or
practice of farming, including cultivation of the soil for the growing of crops
and the rearing of animals to provide food, wool, and other products. Origin:
late Middle English: from Latin agricultura, from ager, agr- 'field' + cultura
'growing, cultivation'. (http://www.oxforddictionaries.com)
Agriculture is the production of
food and goods through. (http://en.wikipedia.org)
යනුවෙනි.
මෙම
නිර්වචනයන් අධ්‍යයනය කිරීමෙන් අපට පැහැදිලි වන්නේ කෘෂිකර්මය වනාහි සංකීර්ණවූත්, විවිධත්වයකින්
යුක්තවූත්, ක්‍රියාවලියක්
බවයි. එමනිසා මෙයට පොදුවු විශ්වීය නිර්වචනයක් සැපයීම දුෂ්කර කාර්යකි. නමුත් එක්සත්
ජාතීන්ගේ කෘෂිකාර්මික සංවිධානය මගින් ඉදිරිපත් කර ඇති නිර්වචනය, වර්තමාන ලෝකයේ
කෘෂිකර්මය පිළිබඳව අර්ථගැන්වු හොඳම හා උසස්ම නිර්වචනය ලෙස පිළිගනු ලබයි.
ලෝක මට්ටමේ
කාෂිකර්මය (ගෝලීය කෘෂිකර්මය)
කෘෂිකර්මාන්තයට
දිගු ඉතිහාසයක් පවතිනාතර එය ප්රාග් ඓතිහාසික යුගය දක්වා දිවයන අතර මෙකී මූලික
අවධීන්හි ද කෘෂිකර්මාන්තය අවිධිමත් ලෙස සිදුවී ඇති අතර පසු කාලීනව විවිධ අවශ්‍යතාවයන්
මත එකී ක්‍රියාවලියට ක්‍රමාණූකූල පදනමක් ආරෝපණය වී ඇත. මෙම ක්‍රමාණූකූල පදනම දීර්ඝ
කාලයක් තිස්සේ වර්ධනයවීමෙන් වර්තමානයේ දක්නට ලැබෙන කෘෂිකර්මාන්තයේ අවකාශීය රටාව
නිර්මාණය වී ඇත. එනම්, මානව ඉතිහාසයේ
ආරම්භයේ අතීත මානවයින් පැලැටී හා ශාක කොටස් තම එදිනෙදා පැවැත්ම සඳහා ප්‍රයෝජනයට
ගත් අතර පසුව වන ද්‍රව්‍ය රැස්කරමින්, සතුන් දඩයම් කරමින් වනචාරීව ස්වභාව ධර්මය මත
යැපෙමින් තම පැවැත්ම තහවුරු කොටගත්හ.
‘ලෙස්සි සිමන්ස්’ විසින් කෘෂිකර්මයේ ප්රාග්
ඉතිහාසය පිළිබඳවත් එහි ක්රමික විකාශනයත් පිළිබඳව පර්යේෂණයක් සිදුකල අතර ඔහුට අනුව
ශාක ශාක ගෘහස්ථකරණයවීම කෘෂිකර්මාන්තයේ වැදගත්ම සංදිස්ථානයක් සේ සැලකේ. අතීත මානවයා
විසින් ගින්දර සොයාගැනීමත් සමග ශාක ගෘහස්ථකරණය සිදුවු බව සඳහන් කරන ලෙස්ලි
තවදුරටත් ප්‍රකාශ කරනුයේ ක්‍රි.පූ 8000 පමණ කෘෂිකර්මයේ
මූලාරම්භය සිදුවන්නට ඇති බවයි. කෙසේ වෙතත් බෝගවගාව හා සත්ත්ව පාලනය ඇතිවීම
සම්බන්ධයෙන් ප්‍රාථමික තම ස්ථානය හෝ ස්ථානයන් සොයාගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වන
අතර එය පිළිබඳව විවිධ මතවාදයන් වර්තමානය වනවිට විවේචනයට බදුන්වෙමින් පවතී.
කෙසේ වෙතත්
ගෝලීය කෘෂිකර්මය අධ්‍යනය කිරීමේදී එය ප්‍රධාන කොටස් දෙකක් යටතේ අධ්‍යනය කරනු ලබයි.
එනම්,
- සංවර්ධිත රටවල කෘෂිකර්මය
- සංවර්ධනය වෙමින් පවතින රටවල කෘෂිකර්මය
යනුවෙනි. මේ
යටතේ කෘෂිකර්මය අධ්‍යයනය කිරීමේදී හඳුනාගත හැකි ලක්ෂණ රාශියක් පවතී. සංවර්ධිත බොහෝ
රටවල් ප්‍රමාණයක් කෘෂිකර්මාන්තය සිදුකරනුයේ වාණිජමය පරමාර්ථයන් මුදුන්පත්
කොටගැනීමටයි. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් පරිභෝජනය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය
ලබාගැනීම සඳහා කෘෂිකර්මය සිදුකරනු ලබයි. එසේම සංවර්ධිත රටවල් විශාල ප්‍රමාණයෙන්
එනම්, මහා පරිමාණික
බිම් යටතේ අඩු ශ්රමයකින් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට ක්‍රියා කරන අතර සංවර්ධනය
වෙමින් පවතින රටවල් කැබැලි වි ගිය කුඩා බිම් කොටස්වල, සම්ප්‍රදායික
ක්‍රියාවලියක් ඔස්සේ විශාල ශ්‍රමයක් යොදවමින් කෘෂිකාර්මික කටයුතුවල නිරත වී ඉන්
ආහාර පරිභෝජන අවශ්‍යතා සම්පුර්ණ කරගැනීමට කටයුතු කරනු ලබයි. මේ ආකරයට එකම ක්‍රියාවලියක්
විවිධ අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වන අතර මෙකි කෘෂිකාර්මික අරමුණූ ලෙසට,
- ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම
- කර්මාන්ත සඳහා කෘෂි අමු ද්‍රව්‍ය නිපදවීම.
- විශේෂීයකරණ අතිරික්ත නිෂ්පාදනය බෙදා හැරිම.
ආදිය හඳුනාගත
හැකිය. මෙම කෘෂිකාර්මික අරමුණු අවකාශය තුල විෂමව පැහැතීම නිසා එකී මානව ක්‍රියාකාරකම
තුල අවකාශීය ප්‍රභේදනයක් පිළිඹිබු කරයි. මෙකි අවකාශීමය ප්‍රභේදනය (අවකාශීය රටාවන්)
තේරුම් ගැනීමට විවිධ පුද්ගලයන් උත්සාහ දරා ඇති අතර මෙකි උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස
කෘෂි වර්ගිකරණ බිහිවී ඇත. මෙහිදී විවිධ අවකාශයන් තුල ව්‍යාප්ත වී ඇති එකම වර්ගයේ
ලක්ෂණ සහිත ප්‍රදේශ හදුනාගැනීමට මෙම පුද්ගලයින් කටයුතු කර ඇත. ගෝලීය පරිමාණයෙන්
කෘෂිකර්මය දෙස බැලීමේදී භෞතික හා මානව සාධකවලට සම්බන්ධ කරුණු මත පදනම් වි මෙවැනි
කෘෂි වර්ගීකරණ ඉදිරිපත් කළවුන් අතර ‘බේකර්, ග්රීපිත් ටේලර්, ඩාවෙන්ට්
විට්ලිසි, වැන් රෝයන්, ආර්.තෝමන්, ග්‍රෙගර්’
ආදිහු මෙහිදි වැදගත් වේ.
මෙම
කෘෂිකාර්මික වර්ගීකරණයන් ඉදිරිපත්වීම මඟින් ලෝකය තුල පවතින කෘෂි රටාවන් පිළිබඳවත්, එහි ලක්ෂණ
පිළිබඳවත් අධ්‍යනය කළ හැකි අතර ඒවා ගෝලීය ආර්ථිකයට දායක වී ඇත්තේ කෙසේ ද? සහ ප්‍රාදේශීය
සංවර්ධනය ආහාර අවශ්‍යතාවය සපුරාගැනීමට ක්‍රියා කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳව
ද අධ්‍යනය කොට ඇත.
ශ්‍රී ලංකාවේ
කෘෂිකර්මය
ශ්‍රී ලංකාවේ
කෘෂිකර්මය ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි. එය ප්රාග් ඉතිහාසය දක්වා දිවෙන
අතර ලිඛිත ඉතිහාසයට අනුව එය විජයාගමනයත් සමඟ සහ සම්බන්ධ වේ. විජය කුමරු මෙරටට
පැමිණෙන විට කුවේණිය කපු කටිමින් සිටියා යැයි පැවසෙන මූලාශ්‍රය මත පිහිටි කල්හි
විජය පැමීණීමටත් පෙර සිටම ලංකාව තුල කෘෂිකර්මය පැවැති බව මින් සනාථ වේ. කෙසේ වෙතත්
විජයගේ පැමිණීම ශ්‍රී ලංකාවේ මානව ශිෂ්ටාචාරයේ මූලාරම්භය සේ සලකනු ලබන අතර එතැන්
පටන් ශ්‍රී ලංකාව තුල විශාල කෘෂිකාර්මික සශ්‍රීක බවක් පැවතුණි. ඒ බව එකල ඉදිවුණු
මහා කෙත්වතු, විශාල
වැව්වලින් සමන්විත වු වාරි ශිෂ්ටාචාරය තුලින් මනාව පිළිබිඹු වනවා සේම ජවප්රවාද හා
ජනශ්රැති ද මෙයට සාක්ෂි සපයයි. එකල පැවැති තෙවැදැරුම් භූමි පරිභෝග ක්‍රමය අනුපූරක
පදනමකින් ක්‍රියාත්මක වු කෘෂිකර්මයක් වන අතර ගෙවත්ත, හේන, කුඹුර මෙහිදී
ප්‍රධාන වේ. ස්වයංපෝෂී ආර්ථික රටාවක් ක්‍රියාත්මක වු මෙහි විටින් විට එකී ස්වයං
පෝෂීතාවය බිඳ වැටීමටද හේතු මානව හා ස්වභාවික සාධකයන් බලපෑම් එල්ල කළ ඇත.
යුරෝපීය
ජාතිකයන්ගේ පැමිණීමත් සමඟම ශ්‍රී ලංකාවේ කෘෂි කේෂ්ත්‍රයේ දැවැන්ත විපර්යාසයකට
බදුන් වීය. එනම්, පැවැති
ස්වයංපෝෂී කෘෂි ආර්ථීක රටාව විදේශ ප්‍රතිපත්ති පදනම් කොටගෙන බිඳවැටුණු අතර ඒ
වෙනුවට ආදේශන කෘෂි ප්‍රතිපත්තිය වුයේ ව්‍යාපාරික වගාවන් හෙවත් වාණිජවාදි
කෘෂිකර්මයයි. බි්රතාන්ය රජය තුළ වාණීජ වගාවන්ට ප්‍රමුඛතාවයක් ලබාදුන් අතර මුල්
කාලයේ දි කෝපි, සින්කෝනා වැනි
බෝගයන් ද, පසුව තේ, පොල්, රබර්, කුරුදු වැනි
බෝගයන් ද වගාකරන ලදී. බි්රතාන්ය රජය ක්‍රියා කළ ආකාරය නිසා මුල් වගාබිම් රජයට
පවරාගත් අතර එමඟින් එතෙක් පැවැති ස්වයංපෝෂී ගැමි කෘෂිකර්මය පරිහානියට පත්වීය.
ඇතැම් බි්රතාන්ය පාලකයෝ දේශීය කෘෂිකර්මය නඟා සිටුවීමට ක්‍රියා කළද එය එතරම්
සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නක් නොවීය.
යටත්විජිතකරණයෙන්
පසු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට දේශපාලනික බලපෑම සෘජුව ලැබේ. මෙකී දේශපාලනීකරණය වු කෘෂිකර්මය
ආශ්රයෙන් ද්විත්ව කෘෂි රටාවක් නිර්මාණය වීය. එනම්, සම්ප්‍රදානූකූල සුළු
ගොවි අංශය හා විදේශියන්ගේ අනුග්‍රහයලත් ව්‍යාපාරික අංශය යනුවෙනි. මෙම අංශ දෙක එකට
මිශ්‍ර වු කෘෂිකර්මයක් ද පසු කාලීනව ලංකාව තුල බිහි වු අතර මෙම අංශ දෙක අතර ආර්ථික
හා සමාජීය සම්බන්ධතාවයද පහළ මට්ටමක පැවැතුණී. එසේම සම්පත් පර්භෝජනය, තාක්ෂණ මට්ටම, නිෂ්පාදන
පරමාර්ථය, කෘෂි සංවිධානය
යනු කරුණූ ඔස්සේ මෙකී දෙඅංශය තුල එකිනෙකට වෙනස් වු තත්ත්වයක් නිර්මාණය වීය. කොසේ
වෙතත් වර්තමානය වනවිට මෙම දෙඅංශයෙහිම සම්මිශ්‍රණය වු කෘෂිකර්මයක් ලංකාව තුල
ස්ථාපිත වී ඇති බැව් පෙනියයි.
ආශ්රිත ග්රන්ථ
නාමාවලිය
ග්රන්ථ
බැප්සෙට් ඩී.
ඩග්ලස්. (1998). ලංකා භූගෝල
විද්‍යාව (පාසල් සඳහා), ඇම්.ඩී.
ගුණසේන සහ සමාගම, කොළඹ.
කෘෂිකර්මයට නව
ජීවයක්, (1998). කෘෂිකර්ම හා
ඉඩම් අමාත්‍යාංශය.
වෙබ් අඩවි
http://si.wikipedia.org
http://www.agridept.gov.lk
No comments:
Post a Comment