ප්‍රවේශය
වර්තමාන ලෝකයේ
දැනුම ලබාගැනීම සඳහා විවිධ වු ක්‍රමඋපායන් භාවිතා කරයි. මෙම ක්‍රමෝපාය තුලින්
බිහිවන දැනුම තාක්ෂණය සමඟ සංකලනය වී මුළු ලෝකයාටම ක්‍ෂණිකව දැනගැනීමට හැකියාව ලැබි
ඇත. මෙම දැනුම අතර විද්‍යාත්මක පියවර අනුගමනය කරම්න් පර්යේෂණ ඔස්සේ නිපදවාගත්
දැනුම වඩාත් විශ්වාසදායි හා වලංගුතාවයකින් යුක්ත දැනුමක් ලෙස පිළිගන්නා අතරම මෙම
දැනුම ලබාගැනීමේ මාර්ගයන් ලෙස “අධිකාරී බලය, සම්ප්‍රදායික අත්දැකිම් ,උද්ගාම්
තර්කනය, නිගාම් තර්කනය
හා විද්‍යාත්මක ක්‍රමය” වැදගත් වේ. මෙහි පළමු ක්‍රම (3)ට වඩා පසුව
සඳහන් ක්‍රම වන නිගාම් තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය තුලින් ලබාගන්නා දැනුම
වලංගුතාවයෙන් ඉහළ මටිටමක පවතී.
විද්‍යාත්මක
පියවර ඔස්සේ දැනුම ලබාගැනීමට පර්යේෂණයක් ලෙස හදුන්වයි. තෝරාගත් ගැටළුවක් ආශ්‍රිතව
කල්පිතයක් සකස් කර එය ක්‍රමාණූකූල පියවර ඔස්සේ තොරතුරු ලබාගනු විශ්ලේෂණය කර, උපකල්පනය
හෙවත් කල්පිතය පිළිගැනීම්,
ප්‍රතික්ෂේප කිරිම හා විශ්ලේෂණය මත පදනම් වී තිබෙන බව ද
පැහැදිලිය. මෙකී පරීක්ෂණයකදී නිගමන වලට එළඐමට අවශ්‍ය ප්‍රධානතම සාධකය දත්ත හෙවත්
තොරතුරුයි. පර්යේෂණ සැලසුම් කරන අවස්ථාවේදීම තමා කුමන දත්ත රැස් කරනවාද යන්න
පර්යේෂකයා තීරණය කළ යුතුවීම මූලීක අවශ්‍යතාවයයි.
දත්ත යනු
මොනවාද ?
දත්තයක් යනු, පර්යේෂණයකට
අදාළව සත්‍ය තොරතුරු ඒකරාශී කිරිම සඳහා එකතු කරනු ලැබන සියළුම තොරතුරු හා වාර්තා
දත්ත ලෙස විග්‍රහ කළ හැකිය. මෙහිදි විශේෂයෙන් ලබා ගන්නා තොරතුරු තෝරාගත් හෝ අධ්‍යනය
කරන ගැටළුවට වඩාත් අනුකූලවිම අත්‍යාවශ්‍යය.
යම් සිද්ධියක්
හෝ අවශ්‍යතාවයක් පිළිබඳව තීරණයක් ගැනිමට අපට යම් යම් තොරතුරු අවශ්‍ය වේ.
විවිධ දත්ත ප්‍රභේද
පර්යේෂණයේ
ස්වභාවය, එහි අරමුණු, තෝරාගත්
ගැටළුවේ ස්වභාවය, පර්යේෂකයාගේ
අභිලාෂය, තිබෙන සම්පත්
වැනි සාධක රාශියක් දත්ත ලබාගැනීමේ දී බලපෑම් කරනු ලැබෙි. දත්ත ලබාගත හැකි මූලාශ්‍ර
සීම්ත වු විටෙක හෝ ඒ සඳහා විවිධ බාධා කිරීම් හෝ බාධා ඇති වුවහොත් හෝ ලබාගන්නා දත්ත
ප්‍රමාණය අඩු කළ හැකිය.
ලබා ගන්නා
දත්තවල ස්වභාවය
අධ්‍යනයකදී
අපට විවිධ ස්වභාවයේ දත්ත රැස් කිරිමට සිදුවේ. එක් රැස් කරනු ලබන දත්තවල ස්වභාවය
අනුව දත්ත වර්ගීකරණය කළ හැකිය.
දත්ත වර්ගය
|
ස්වභාවය
|
ම්නිසාගේ
ස්වභාවය පිළිබදව දත්ත
|
පුද්ගලයන් පිළිබදව
විවිධ තොරතුරු ලබාගත හැකිය.(සමාජ/ආර්ථික/අධ්‍යාපනික/රැකියා/චර්යා රටා/ආකල්ප)
|
සංවිධාන
පිළිබඳව දත්ත
|
රාජ්‍යයක්, ප්‍රදේශයක්, ආයතනයක් ආදී
කොටස් ගත්විට ඒ තුළ විවිධ සංවිධාන දැකිය හැකිය. (ආගම්)
|
ප්‍රදේශ
පිළිබඳ දත්ත
|
භූගෝලීය වශයෙන් වෙන්
වු ප්‍රදේශ පිළිබඳව ද අධ්‍යනයන් කළ හැකි අතර එහිදී ලබා ගන්නා දත්ත තොරතුරු ප්‍රදේශ
පිළිබඳ දත්ත ලෙස සඳහන් කළ හැකිය. යම් තෝරාගත් ප්‍රදේශයක ජනගහනය විසිරීම, රැකියා
නියුක්තිය, සංවර්ධන
දර්ශක, තිබෙන
සම්පත් ප්‍රමාණයන්, සංවර්ධනයට
අදාල ගැටළු ආදිය පිළිබඳව ලබාගන්නා දත්ත මෙයට අයත් වේ.
|
භූගෝලීය
වශයෙන් වෙන් වු ප්‍රදේශ පිළිබඳව ද අධ්‍යනයන් කළ හැකි අතර එහිදී ලබා ගන්නා දත්ත
තොරතුරු ප්‍රදේශ පිළිබඳ දත්ත ලෙස සඳහන් කළ හැකිය. යම් තෝරාගත් ප්‍රදේශයක ජනගහනය
විසිරීම, රැකියා
නියුක්තිය, සංවර්ධන දර්ශක, තිබෙන සම්පත්
ප්‍රමාණයන්, සංවර්ධනයට
අදාල ගැටළු ආදිය පිළිබඳව ලබාගන්නා දත්ත මෙයට අයත් වේ.
දත්ත
විශ්ලේෂණය කරන ආකාරය අනුව
දත්ත
ලබාගැනිමට පළමුව එම දත්ත විශ්ලේෂණය කිරිම කෙරෙහිද අවධානය යොමුකළ යුතුය. දත්ත
විශ්ලේෂණය හෙවත් අර්ථකථනය කිරීම ප්‍රධාන ක්‍රමයන් දෙකක් යටතේ සිදුකරයි. එනම්,
ප්‍රමාණාත්මක
දත්ත
ගුණාත්මක දත්ත
^Guptha;1993,128&
යනුවෙනි.
ප්‍රමාණාත්මක දත්ත
|
ගුණාත්මක දත්ත
|
සංඛ්‍යා විද්‍යාත්මක
ප්‍රතිශත දර්ශක, වගු, ප්‍රස්තාර
ආදී ක්‍රම මඟින් අර්ථකථනය කළ හැකි තොරතුරු මෙයට අයත් වේ. සාකචිඡා, සම්පරීක්ෂණ
වැනි පර්යේෂණ ක්‍රමයකදී වැඩිපුර ප්‍රමාණාත්මක දත්ත ලබාගනී. ස්ත්‍රී, පුරුෂ, ආගම්, වයස අනුව ව්‍යාප්තිය
පිළිබඳව ලබාගන්නා දත්ත ආදිය ද මෙයට අයත් වේ.
|
භාෂාමය වශයෙන්
වාර්තාවක ස්වරූපයෙන් හෝ කථාවක් ලෙසින් විග්‍රහ කිරීමේ අපේක්ෂාවෙන් ලබාගන්නා දත්ත
ගුණාත්මක දත්ත වේ. මානව වංශ, ඓතිහාසිකව වැනි පර්යේෂණ ප්‍රවේශයන්හි දී
ගුණාත්මක දත්ත රැස් කරනු ලැබේ. යමක හැසිරීමේ රටා පිළිබඳව මානව වංශ ක්‍රමය යටතේ
සහභාගී නිරීක්ෂණයන් මඟින් ලබාගන්නා තොරතුරු මෙයට අයත් වේ.
|
දත්ත වල
ස්වභාවය අනුව ක්‍රම ශිල්ප වර්ග කිරිම
අධ්‍යනය සඳහා
ලබාගන්නා දත්තවල ස්වභාවය අනුව දත්ත ප්‍රධාන කොටස් දෙකකි.
- ප්‍රාථම්ක දත්ත
- ද්විතීයක දත්ත
යනුවෙනි.
ප්‍රාථමික
දත්ත යනු, පර්යේෂකයන්
මැදිහත්වීම තුලින් පළමුවෙන්ම ලබා ගන්නා දත්ත වේ. උදාහරණ ලෙස පර්යේෂකයා විසින් ප්‍රශ්නාවලිය, නිරීක්ෂණය
වැනි ක්‍රම තුලින් ලබා ගන්නා තොරතුරු දැක්විය හැකිය.
ද්විතීයක දත්ත
යනු, පර්යේෂණය
ආරම්භ වනවිට පැවැති තොරතුරුය. ඒවා මෙම අධ්‍යනය සඳහාම රැස් කළ නොවන අතර තිබෙන දත්ත
වලින් අධ්‍යනයට අවශ්‍ය කොටස් තෝරාගැනීම අවශ්‍යය. වෙනත් පුද්ගලයන් විසින්, වෙනත් විවිධ
පරමාර්ථ මූලීක කරගෙන රැස් කර ඇති තොරතුරු ද්විතියක දත්ත වේ.
ද්විතීයක දත්ත
භාවිතයේ දී පර්යේෂකයාගේ සැබෑ අවශ්‍යතාවන්ට ගැළපෙන දත්ත සෙවිම දුෂ්කර විය හැකිය.
එසේම ද්වීතියක දත්ත යල් පැන ගිය ඒවා වීමට ද පුළුවනි. ද්විතියක දත්තවල නිවරද්‍යතාවද
සැක සහිත විය හැකිය. ද්විතියක දත්ත
භාවිතයේ දී සැළකිලිමත් විය කරුණු කිහිපයකි.
- අධ්‍යනය කරන ගැටළුවන්ට එම දත්ත අදාල ද යන්න විමසීම.
- තෝරාගනු ලබන දත්ත අදාළ කාල සීමාව නියෝජනය කරන්නක් ද යනබව.
- එම දත්ත ප්‍රකාශයට පත්කර ඇති හේතුව.
- දත්තවල නිවැරැදිභාවය පිළිබඳව ඇති සාක්ෂි.
දත්තවල
ස්වභාවය අනුව දත්ත රැස් කිරීමේ ක්‍රම
- ප්‍රාථම්ක දත්ත රැස් කිරීම (එතරම් වැදගත් නොවේ)
- ද්විතීයක දත්ත රැස් කිරිම (වැදගත් වේ)
ද්විතීයක දත්ත
රැස් කිරිම
- රජයේ නිල ප්‍රකාශන
- සංඛ්‍යා ලේඛන (රජයේ විවිධ දෙපාර්තමේන්තු, ආයතන විසින් ප්‍රකාශයට පත්කරන සංඛ්‍යා ලේඛන. උදාහරණ ලෙස ජන සංඛ්‍යා වාර්තා, පාසල් සංඛ්‍යා පිළිබද වාර්තා ගත හැකිය.)
- පර්යේෂණ වාර්තා (තමාගේ අධ්‍යන විෂය ක්‍ෂේත්‍රයට අදාලව විවිධ පුද්ගලයින් සිදුකර ඇති පර්යේෂණ පිළිබඳ වාර්තා මේ යටතට ගැනේ.)
- කොමිෂන් වාර්තා
- ජාත්‍යන්තර ප්‍රකාශන
දත්ත ලබා
ගන්නා මුලාශ්‍ර අනුව ක්‍රම ශිල්ප වර්ගීකරණය
- ලිඛිත මූලාශ්‍ර (ලිඛිත මූලාශ්‍ර ලෙස මුද්‍රණය කළ ඒවා මෙන්ම මුද්‍රණ නොකළ පොත්පත්, ලිපි ලේඛන, වාර්තා ආදිය ඇතුලත්ය.)
- ක්‍ෂේත්‍ර මූලාශ්‍ර (සෘජුව පර්යේෂකයා පර්යේෂණ භූම්යට ගොස් විවිධ උපකරණ භාවිතා කර දත්ත ලබාගැනීම මෙයට ඇතුලත් වේ.)
සමාලෝචනය
අධ්‍යන ක්‍රියාවලියේ
දි කල්පිතය පරීක්ෂාව හා නිගමනවලට එළඹීම සඳහා භාවිතා කරනු ලබන විවිධ තොරතුරු සාධක
හා ප්‍රතිචාර දත්ත ලෙස විග්‍රහ කිරීමට හැකි විය. එසේම මෙහිදී ලබාගන්නා ලද දත්ත ප්‍රමාණාත්මක
හා ගුණාත්මක යන දෙවර්ගයටම අදාල විය. ලබාගන්නා දත්තවල ස්වභාවය අනුව “ජනගහනය පිළිපදව
හා ප්‍රදේශ පිළිබද දත්ත” යනුවෙන් ප්‍රභේද දෙකක් ද හදුනාගත හැකිය. මෙකී පර්යේෂණයට
පදනම දත්ත වන අතර දත්ත නොමැතිව පර්යේෂකයාට නිගමනයකට එළඹීමට දුෂ්කර වන බව මින්
අනාවරණය විය.
දත්ත රැස්
කිරීමේ දී මෙහි දි වැදගත් වුයේ කරුණු රාශියක් යටතට සීමාවෙම්න් දත්ත රැස් කිරීමයි.
එහිදි අදාල ගැටළුවට පමණක් දත්ත රැස්කළ යුතුය. ජනගහනය හා එහි විසිරීම වැනි සාධක
කෙරෙහි ද අවධානය යොමු කළහ.
මෙහිදී අධ්‍යනය
කරනු ලබන ගැටළුවේ ස්වභාවය,
අධ්‍යනයේ අරමුණු, ලබාගැනීමට අපේක්ෂිත දත්තවල ස්වභාවය අනුව
දත්ත රැස්කිරිම පිළිබඳව මෙයින් අනාවරණය විය. මෙහීදි දත්තවල ස්වභාවය අනුව ප්‍රාථම්ක
හා ද්විතියක දත්ත ලෙසද මූලාශ්‍ර ලිඛිත හා ක්‍ෂේත්‍ර යනුවෙන් ද දක්වා ඇත.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
ග්‍රන්ථ
වනසිංහ, ශ්‍යාමින්ද. (2006). දත්ත රැස් කිරිමෙි ක්‍රම ශිල්ප, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 675, මරදාන පාර, කොළඹ 10.
වෙබ් අඩවි
https://en.wikipedia.org/wiki/Data
p://www.etymonline.com/index.php?term=data
https://en.wikibooks.org/wiki/Statistics/Different_Types_of_Data/ Quantitative
http://www.socialresearchmethods.net/kb/datatype.php
No comments:
Post a Comment