නිවර්තන
කලාපයේ රටක් වන ශ්‍රී ලංකාව අධික ජෛව විවිධත්වයකින් යුක්ත කලාපයක් ලෙස හදුනාගෙන
ඇත. නෝර්මන් මයර්ස්ගේ ජෛව විවිධත්ව කලාප අතරට ද එකතුවන ශ්‍රි ලංකාව වර්තමානය වනවිට
ලෝක උරුමයන් රාශියකට ද උරුමකම් කියනු ලබයි. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව වටිනාකම අධ්‍යයනය කිරීමේ දී වනාන්තරටන්ට
සුවිශේෂි වු ස්ථානයක් හිමි වන අතර වනාන්තර යනු, ජීවී අජීවී සංරචක එකට එක් කරන්නා වු ගබඩාවත්
ලෙස සරලව අර්ථකථනය කළ හැක. ශ්‍රී ලංකාවේ වනාන්තර ව්‍යාප්තිය අධ්‍යයනය කරන කල්හි
දේශගුණය (උෂ්ණත්වය හා වර්ෂාපතනය) භූ විෂමතාවය ආදී භෞතික සාධක යටතේ මෙන්ම මානව ක්‍රියාකාරකම්
යන තීරකයන් මඟින් ද, වනාන්තර ව්‍යාප්තිය
සීමාවීම මෙන්ම පැවැත්ම ද සිදුවේ. ශ්‍රී ලංකාවේ වනාන්තර කලාපයන් ප්‍රධාන කොටස් (8) කට බෙදා
වෙන්කොට දැක් විය හැකිය. එනම්,
■ කඳුකර
■ උප කඳුකර
■ පහත් රට වර්ෂා
වනාන්තර
■ තෙත් මෝසම්
වනාන්තර
■ වියළි මෝසම්
වනාන්තර
■ ගංගාධාර
වනාන්තර
■ වියළි වනාන්තර
■ විවෘත වනාන්තර
■ කඩොලාන
යනුවෙනි.
ශ්‍රී ලංකාවේ
මුළු භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් මිලියන 6.56 ක් පමණ වන අතර 1990 වර්ෂය වන විට
මුළු භූමියෙන් 29.5% ක් එනම්, හෙක්ටයාර්
මිලියන 194 ක් පමණ වන
ආවරණයක් ශ්‍රි ලංකාව සතුව පැවැත ඇත. මෙයින් මිලියන 1.47 පමණ භූමි ප්‍රමාණයක්
එනම්, 22.4% ක ඝන වනාන්තර
ලෙස (මෙහි 75% ක් පමණ වියන්
ආවරණයක් සහිත) ද, ඉතිරි 7% ක එනම්, මිලියන 0.47 ලෙස ද
වනාන්තර වර්ගීකරණය කර ඇත. මීට අමතරව ප්‍රති වන වගාව යටතේ වගා කරන ලද තේක්ක, මැහෝගනී, යුකැලිප්ටස්, පයිනස් ආදී
ශාකයයන් ද එසේම දේශීය ශාක විශේෂවලින් සමන්විත වන්නා වු වන වගා හෙක්ටයාර් 90000ක් එනම්, භූමි ප්‍රමාණයෙන්
1% ක වන වගා ප්‍රමාණයක්
ද, ශ්‍රී ලංකාවේ
වනාන්තර නියෝජනය කරන් ලබයි.
මෙකී ස්වභාවික
දර්ශකයන් තුළින් උප කඳුකර වනාන්තරයට හිමිවන්නේ සුවිශේෂීය වු ස්ථානයකි. මෙය ප්‍රධාන
කොටස් දෙකකින් සමන්විත වේ. එනම්,
■ උප කඳුකර වැසි
වනාන්තර
■ උප කඳුකර
වියළි වනාන්තර
යනුවෙනි. උප කඳුකර වැසි වනාන්තර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර
හා උතුරු බෑවුමට වන්නට ද,
උප කඳුකර වියළි වනාන්තර බටහිර හා දකුණු බෑවුම් වලට ද ව්‍යාප්ත
වී පවතී. අප අධ්‍යයනයේ දී යොදාගනු ලැබු උඩවත්ත රක්ෂිතය මින් අයත් වන්නේ උප කඳුකර
නිවර්තන වැසි වනාන්තර ඝනයටයි. උඩවත්ත රක්ෂිතය පාරිසරික මෙන්ම ඓතිහාසික, ආගමික, ආර්ථිකමය හා
අධ්‍යාපනික ආදී වශයෙන් ද,
වටිනාකමකින් යුක්ත වේ.
උඩවත්ත කැලය පිවිසුම් දොටුව
මුලාශ්‍රය: http://www.travelwindholiday.com/wp-content/uploads/2015/08/udawattakele.jpg
උඩවත්ත වනාන්තරය ඈතට දිස්වන ආකාරය
මුලාශ්‍රය: https://upload.wikimedia.org/wikipedia/commons/5/56/Sri_Lanka_
බෞද්ධාගමික සිද්ධස්ථානයක් වනආරණ්‍යවාසී ගුහාවක් (අත්හැර දමා ඇත)
මුලාශ්‍රය: http://for91days.com/photos/SriLanka/Udawattakele%20Sanctuary/Cave-Buddhist.jpg
අතීතයේ සිට මානව
ප්‍රජාව සමග දැඩි අන්තර් සබැදියාවක් පැවැත් වු වනාන්තර, වත්මන වනවිට ගෝලීය මට්ටමින්
අවධානය ලක්වන පරිදි දැඩි ලෙස හායනයට ලක්වෙමින් පවතී. එසේම ශ්‍රි ලංකාවේ වනාන්තර ද මීට
සාපේක්ෂව විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති අතර, දැනට පවතින්නා වු වනාන්තර සංරක්ෂණය කළ යුතු
බවට අවධාරණය කරමින් බොහෝ කතිකාවත් පසුගිය දශක කිහිපය තුළ ගොඩනැගුණි. ඒ අතරින්
සංරක්ෂණය කළ යුතු ප්‍රමුඛ වනාන්තරයක් ලෙස උඩවත්ත වන උද්‍යානය හඳුනාගනු ලැබීය. උඩවත්ත
කැලේ වන උද්‍යානයෙහි විශ්ෂත්වය වන්නේ එය ප්‍රධාන නාගරික කළාපයක් මධ්‍යයයේ පිහිටා
තිබීමයි. එනම්, ශ්‍රි ලංකාවේ ප්‍රධාන නාගරික කළාපයක් වන මහනුවර නගර මධ්‍යයේ මෙය
පිහිටා ඇති අතර අද වනවිට සැළකිය යුතු භූමි ප්‍රමාණයක මෙම වනාන්තරය ව්‍යාප්තව ඇත. එහෙත්
එය අතීතයේ පැවති බිම් ප්‍රමාණය හා සලකන කල්හි බෙහෙවින් සීමිත බිම් ප්‍රමාණයකි.
උඩවත්ත වනාන්තරයේ පිහිටීම දැක්වෙන ගූගුල් අර්ත් සිතියම
ඓතිහාසික
මහනුවර දිස්ත්‍රික්කයේ දළදා මාලිගයට උතුරු හා නැගෙනහිර අර්ධයට ආරක්ෂිත වැටියක් සේ දිවෙන මෙම වනාන්තරය 1856දී රක්ෂිත
වනාන්තරයක් ලෙසද, 1938 දී අක්කර 257 ක් ඇතුළත්
මෙම වනාන්තරය මේ වනවිට වනජීවී අභය භූමියක් ලෙස නම් කොට ඇත. උඩවත්ත කැළේ වනාන්තරයට
පිවිසීමේ දී මුලින්ම දිස්වන්නේ ජල පොකුණකි. මෙම පොකුණ රජ සමයේ රජ පවුලේ සාමාජිකයන්
දිය කෙළිය සදහා උපයෝගී කරගෙන ඇත. එසේම දළදා මලිගය ඉදිරිපිට ඇති බෝගම්බර වැව මැද
පිහිටි උමඟක් තුළින් මෙම පොකුණට පැමිණිය හැකි උමං මාර්ගයක් පැවැති බවට විශ්වාස
කෙරේ. බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉංග්‍රීසින් හා සිංහලයන් අතර ඇති වූ යුද්ධය හේතු
කොටගෙන මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ මළසිරුරු තැන්පත් කර ඇති ගැරිසන් සොහොන
නමින් හැඳින්වෙන සොහොන් භූමියක් ද මෙම වනය තුළ දක්නට ලැබේ. එසේ ම මෙම වනාන්තරය තුළ
මංපෙත් රැසක් ද හඳුගත හැකිය. ඉන් පැරණිතම මංපෙත වන්නේ හෝර්ට්න් ආර්යාව අනුස්මරණය
කිරීම සඳහා 1934 දී ඉදිකරන ලද
හෝර්ටන් ආර්යාවගේ මංපෙතයි. මෙම සුන්දර වනාන්තරය මධ්‍යයේ පිහිටා තිබෙන පොකුණ වටා
දිවෙන පරිදි ඉදිකර තිබෙන පටු මාර්ගය ගස් සහ පඳුරු බහුලව පවත්නා සෙවණැති සිසිල්
පරිසරය තුළින් වැටී තිබෙන බැවින් එහි ගමන් ගන්නා අයට ඉතාමත් සුවදායි අත්දැකීමක්
විඳගැනීමට අවස්ථාවක් ලැබේ. එපමණක් නොව ඓතිහාසික ලියකියවිලිවලට අනුව සෙංකඩ නම් වූ
තාපසයෙක් සිංහල රජ දවසේ අප රටේ වාසය කර තිබේ. ඔහුගේ අදහසට අනුව උඩවත්ත කැලේ ඉතාම
වාසනාවන්ත ජයග්‍රහණ අත්පත් කර දීමේ හැකියාවක් ඇති ස්ථානයක් බැවින් රජතුමාගේ
වාසස්ථානයට කදිම ස්ථානයක් ලෙස හඳුන්වා තිබේ. ඒ අනුව රජතුමා සිය මාළිඟය මෙම ස්ථානයේ
ඉදිකර තිබේ. ඔවුහු අනුස්මරණය කරමින් මාළිගය පිටුපස තිබෙන ගුහාව සෙන්කඩ ගුහාව වන
අතර එය අද වනය තුළ දක්නට ලැබේ. එසේම සිංහළ රජ සමයේදී භාවනා යෝගීව වැඩ වසන
භික්ෂූන්ට වැඩසිටීම උදෙසා ඉදිකරන ලද වන අරණ, සේනානායක ආරාමය, තපෝවන පන්සල, කීර්ති ශ්‍රී
පොත්ගුල් විහාරය, සිරිවර්ධනාරාමය
සහ පෞරාණික ගංගාරාම විහාරය උඩවත්ත කැලේදී හමුවන පන්සල් පහයි.
රජ පොකුණ - උඩවත්ත කැලය
මුලාශ්‍රය: http://www.birdforum.net/opus/images/thumb/9/9c/Udawattakele3.jpg/350px-Udawattakele3.jpg
යෝධ පුස් වැල
මුලාශ්‍රය: https://www.google.lk/search?q=udawatta+kele+sanctuary&client=firefox-b&biw=1360&
එසේම විශාල
ජෛව විවිධත්වයකින් යුක්ත උපකඳුකර වැසි වනාන්තරයක් ලෙස උඩවත්ත කැලේ රාජකීය වනෝද්‍යානය
හඳුනාගත හැක. මෙම වනාන්තරයේ දේශගුණය නුවර දේශගුණික තත්වයට සමානය. නිරිත දිග මෝසම
මැයි මස මැද භාගයේ සිට ජූලි අගෝස්තු දක්වා ක්‍රියාත්මක වන අතර ඊසාන දිග මෝසම
ඔක්තෝම්බර් නොවැම්බර් සිට ක්‍රියාත්මක වේ. වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1615 ක් පමණ වන
අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 ක් පමණ වේ. මෙම උද්‍යානය තුළ ශාක විශේෂ 405කට වඩා වැඩි
සංඛ්‍යාවක් දක්නට ලැබෙන අතර ඒ තුළ ශාක විශේෂ 135ක් සහ වැල් වර්ග 11ක් පමණ වන අතර
ඉන් විශේෂ 9ක් ආවේණික වේ.
එම ශාක අතර වල්දෙල්, පිහිඹිය, මැහෝගනී, කොස්, කිතුල්, මී, නා, මදටිය, වනසපු, සපු, දූරියන්, කුරුඳු, මොර, නුග යනාදී
තුරුලතා මෙම වනයේ වැඩි වශයෙන් දක්නට ලැබේ. කෙසේ නමුත් විදේශිය ශාකයක් වන කට්ට
කුමංජල් ශාකය මෙම වනය තුළ දක්නට ලැබෙන අතර එය ආක්‍රමණශීලි ශාක විශේෂයක් ලෙස
හඳුනාගත හැකිය .මෙම ශාකය වනාන්තරයේ ජෛව විවිධත්වයට විශාල තර්ජනයක් වී තිබේ. එසේම
යෝධ පුස්වැල මෙම වනාන්තරය තුළ දැකිය හැකි සුවිශේෂ වු දර්ශනයකි. වසර 200-300 ක් පමණ
වයසැති යෝධ පුස් වැලක් කොඩිමලේ නැමැති ස්ථානයේදී දැකිය හැක. මෙම රක්ෂිතය තුළ උසම
ස්ථානය වන කොඩිමලේ මුහුදු මට්ටමේ සිට අඩි 1800ක් මපණ ඉහළින් පිහිටා
තිබේ.
එපමණක් නොව
දේශිය ඒකදේශීය වඳවීමේ තර්ජනයට ලක්වූ සුලභ දුර්ලභ යන කාණ්ඩයන්ගෙන් යුත් පක්ෂි විශේෂ
81ක් පමණ මෙම
වනය තුල දක්නට ලැබේ. ඒ අතර ලංකා රන් නළල් කොට්ටෝරුවා, අළු කොබෙයියා, නීල කොබෙයියා, කොණ්ඩ
උකුස්සා, සර්ප උකුස්සා, සැළලිහිනියා, රන්
පිළිහුඩුවා, කහ කුරුල්ලා, ලංකා
ගිරාමලිත්තා, අළු ගිරවා, අඳුරු නිල්
මැසිමාරා යන කුරුලු විශේෂ වැදගත්වේ. ඊට අමතරව වල් ඌරා, හඳුන් දිවියා, ඕලු මුවා, මීමින්නා, උණහපුළුවා, ඉත්තෑවා, දඬුලේනා,
මාවවුලා, හෝතඹුවා, හාවා වැනි ක්ෂිර පායින්ද පිඹුරා, නාගයා, මුඳු කරවලා, පොළොන්
තෙලිස්සා, පළා පොළඟා, රන්වන් මාපිලා, ගැරඬියා, ඇහැටුල්ලා, අළුර දනකයා, කටකළුවා, හාල් දණ්ඩා
ආදි සර්ප විශේෂ 21 ක් පමණ
හඳුනාගෙන ඇත. මෙවැනි විශාල ජෛව විවිධත්වයකින් යුතු ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාම
පහසුවෙන් යමෙකුට ළඟාය හැකි අභය භූමියක් ලෙස උඩවත්ත කැලේ හඳුනාගෙන ඇත.
ශාක විශේෂ
|
සත්ව විශේෂ
|
කුරුළු විශේෂ
|
උරග විශේෂ
|
වල්දෙල්
පිහිඹිය
මැහෝගනී
කොස්
කිතුල
මී
නා
මදටිය
වනසපු
සපු
දූරියන්
කුරුඳු
මාර
නුග
හවරිනුග
දුම්මල
|
වල්ඌරා
හඳුන්දිවියා
ඕලු මුවා
මීමින්නා
උණහපුළුවා
ඉත්තෑවා
දඬුලේනා
මාවවුලා
හෝතඹුවා
හාවා
|
ලංකා රන් නළල්
කොට්ටෝරුවා
අළු කොබෙයියා
නීල කොබෙයියා
කොණ්ඩ උකුස්සා
සර්ප උකුස්සා
සැළලිහිනියා
රන් පිළිහුඩුවා
කහ කුරුල්ලා
ලංකා ගිරා මලිත්තා
අළු ගිරවා
අඳුරු නිල් මැසිමාරා
|
පිඹුරා
නාගයා
මුඳු කරවල
පොළොන් තෙලිස්සා
පළා පොළඟා
රන්වන්මාපිලා
ගැරඬියා
ඇහැටුල්ලා
අළුරදනකයා
කටකළුවා
හාල්දණ්ඩා
|
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
සඟරා සහ වෙනත්
හරිත හසුන - දෙවන කලාපය, (2003). ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකා කාර්යාලය.
හරිත හසුන - දෙවන කලාපය, (2003). ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකා කාර්යාලය.
“පසේ සෝදාපාලුව වැළැක්වීමට නම් ඔබේ සහය අවශ්‍යයි” - අත් පත්‍රිකාව, පරිසර දැනුවත් කිරිමේ අංශය, මධ්‍යම පරිසර අධිකාරිය.
“සැවැන්දරා සිටුවා පස හා ජලය සංරක්ෂණය කරමු” - අත් පත්‍රිකාව, අධ්‍යාපන හා වන ව්‍යාප්ති අංශය - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව.
Discussed
with officers Environmental Management Division of Forest Department
Udawaththakele Royal Forest Park in Kandy.
No comments:
Post a Comment