ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් හදුනාගත හැකිය. මෙහි
නාගරීකරණ ක්‍රියාවලිය පිළිබදව අධ්‍යයනය කිරීමේ දී මූලීක වශයෙන් අපට වැදගත් වනුයේ
ජන සංඛ්‍යාව යන සාධකයි. නමුදු නගර පිළිබදව නිර්වචන ඉදිරිපත් කිරීමේ දී විවිධ
නිර්ණායක ඒ සදහා භාවිතා කරනු ලබන අතර ශ්‍රී ලංකාව නාගරික ප්‍රදේශ නිර්වචනය සදහා
යොදාගෙන ඇත්තේ රාජ්‍ය පරිපාලන තීරණයන් යන සාධකයයි. මෙකී රාජ්‍ය පරිපාලන තීරණයන් මත
පදනම්වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ඇති ජන සංඛ්‍යාව හා ජන ඝනත්වය, යටිතල පහසුකම් ආදිය පිළිබඳව නොසළකාහැරීමක් සිදු කරනු ලබති. රාජ්‍ය ඒ සදහා
පරිපාලනය ඒකකය යොදා ගනිමින් නගරයෙන් යන්න නිර්වචනය කිරීමට උත්සාහ දරා ඇත. එහි
අවසන් ප්‍රතිඵලය ලෙස මහනගර සභා, නගර සභා හා
සුළු නගර සභා යනුවෙන් ප්‍රදේශ ත්‍රිත්වයක් ගොඩනගා එම ප්‍රදේශයන් නගර ලෙස නිර්වචනය
කොට ඇත. ඒ හැරුණ විට අනෙකුත් සියළුම කලාපයන් ග්‍රාමීය හා වතු අංශයන් ලෙස හඳුනාගනු
ලබයි.
ශ්‍රී ලංකාවේ වර්තමානය වනවිට මහ නගර සභාවන් (23)ක් ද, නගර සභා (41)ක් ද, සුළු නගර සභාවන් (231)ක් ද දක්නට ලැබේ. එය පහතින් දක්වා ඇති වගුව අධ්‍යයනය
කිරීමෙන් මනාව පැහැදිලි වේ.
මුලාශ්‍රය: ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
1981ට පෙර අවධියෙහි ශ්‍රී ලංකාවේ නගර සභා විශාල ප්‍රමාණයකින් යුක්ත වූවද, 1981 පිහිටවනු ලැබු විමධ්‍යගත පරිපාලන ව්‍යුහය සමඟ සුළු නගර සභා හා ගම්සභා
විසුරුවා හැරීම පාදක කොටගෙන ප්‍රාදේශීය සංවර්ධන සභා පිහිටවූහ. මෙම ප්‍රාදේශීය
සංවර්ධන සභාවලට පෙර පැවැති සුළු නගර සභා මෙන්ම ගම්සභා ද ඇතුලත් වීම හේතු කොටගෙන
වර්තමානය වනවිට නගර සභා ප්‍රමාණාත්මකව අඩු වීමක් සිදුවීය. මෙකී ක්‍රියාදාමය
නිසාවෙන් ප්‍රාදේශීය සංවර්ධන සභාවලින් කුමක් නාගරිකදැයි තීරණය කිරීම අපහසුවීම නිසා
1981න් පසුව ශ්‍රී ලංකාවේ නාගරීකරණය පිළිබදව බොහෝවිට ඇස්තමේන්තු දත්ත මත පදනම්
වී නිර්වචනය කරන්නට වීය.
Source:
https://en.wikipedia.org/wiki/File:Sri_Lanka_location_map.svg s
ශ්‍රී ලංකාවේ අතීතයේ සිට වර්තමානය දක්වා නාගරීකරණ දෙස අවධානය යොමුකරන කල්හි
යටත් විජිතකරණයට හිමිවුයේ ප්‍රමුඛස්ථානයකි. ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ හැරවුම් ලක්ෂය
සේ සැළකිය හැකි මෙය නාගරීකරණයේ පදනම වේ. මුල් කාලීන කෘෂි ආර්ථීකය මත පදනම් වු ශ්‍රී
ලංකාව තුළ ග්‍රාමීය ජනාවාසයන් බහුල වු අතර නාගරීකරණය ඉතාමත් මන්දගාමී ලෙස
පැවැතුණි. බොහෝවිට මෙකල නගරයන් ලෙස අර්ථකථනය කොට ඇත්තේ කඩ වීථීන් හෝ කඩමණ්ඩි විය
හැකිය. 1871 සිට 1981 දක්වා කාල පරාසය තුළ ශ්‍රී
ලංකාවේ ජන සංඛ්‍යා වර්ධනය ගත් කල්හි ජන සංඛ්‍යාව සමස්ථයක් ලෙස ගත් කළ (6) ගුණයකින්
වර්ධනය වී ඇත. නමුදු මෙයට සාපේක්ෂව නාගරික ජන සංඛ්‍යාව වර්ධනය වී ඇත්තේ 10.8්% - 21.5% දක්වා පමණි. මෙය පහත දක්වා ඇති වගුව තුළින් පෙන්නුම් කොට ඇත.
ජන සංගණන දත්ත භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ නාගරීකරණ ක්‍රියාවලිය ඉතා සෙමින්
සිදු වී ඇති අතර එය 1963 හා 1981 පැවැත්වු ජන සංගණන දත්ත පාදක කරගනිමින් පෙන්වා දිය හැකිය. 1963 වනවිට ශ්‍රී
ලංකාවේ සුළු නගර සභා (51)ක් ද, 1971දී (85)ක් ද, 1981දී (83)ක් දක්වා පහත වැටී ඇත. මෙයට
සාපේක්ෂව නගර සභාවන් පිළිවෙලින් 12, 19, 39දක්වා වැඩි වී ඇති අතර මහ නගර සභා 7 සිට 12 දක්වා වර්ධනය
වීමක් සිදුවී ඇති අතර ඉන් අනාවරණය වන්නේ අලුතින් එක් වු නාගරික ඒකක වල සෘජු ප්‍රතිඵලය
වශයෙන් ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල ජීවත් වන ජන සංඛ්‍යාවේ ප්‍රතිශතය ක්‍රමිකව
ඉහළ ගොස් ඇති බවයි. මෙලෙස නාගරික ජන වර්ධනයට හේතු වු ප්‍රධාන සාධක (3)ක් ප්‍රජා
විද්‍යාඥයින් විසින් පෙන්වා දි ඇත. එනම්,
■ ජන සංඛ්‍යාවේ
ස්වභාවික වර්ධන වේගය
■ නගාරික ප්‍රදේශවලට
අදාල ශුද්ධ සංක්‍රමණය
■ ග්‍රාමීය ප්‍රදේශ
නාගරික ප්‍රදේශ ලෙස නම් කිරීම
යනුවෙනි. මෙකී සාධකයන්ගේ සිදුවන විචලතාවයන් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ
නාගරීකරණය ක්‍රියාවලියෙහි ජන සංඛ්‍යා වර්ධනය වීම සිදු වී ඇති බැව් සනාථ වේ.
ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යා වර්ධනය හා නාගරික ජන සංඛ්‍යා වර්ධනය මුල් අවධීන්හි
සමාන වර්ධන වේගයක් පෙන්නුම් කරනු ලැබූවද, එය වර්තමානය වන විට බොහෝ වෙනස් වී ඇත.1946-1951 අවධියෙහි දී නාගරික ජන සංඛ්‍යාව
හා සමස්ථ ජන සංඛ්‍යා වර්ධනය 2.8%ක සම තත්ත්වයක පැවැතිය ද, එය 1953-63 අවධිය වන විට පිළිවෙලින් 4.9%, 2.6% දක්වා වෙනස්මකට බඳුන් වීය.
එයට හේතුවුයේ මේ කාල වකවානුවන්හි දි මහා නගර සභා ලෙස උසස් කිරීම් බහුලව සිදු කිරීම
නිසාවෙන් නාගරික ජන සංඛ්‍යාවෙහි වර්ධනය වීමක් මෙය පදනම් කරගෙන සිදුවීමයි. මෙලෙස
වර්ධනය වු නාගරික ජනගහනය හා සමස්ථ ජන සංඛ්‍යාව 1971-81 අවධීන්හි දි කැපි පෙනෙන ලෙස
පහත වැටිමක් සිදුවීය. එහි විශේෂත්වය වුයේ සමස්ථ ජනගහන වර්ධනයේ පහලයෑම අභිබවා
නාගරික ජන සංඛ්‍යා වර්ධනය පහලයෑමක් සිදුවීමයි. ග්‍රාමීය ප්‍රදේශයන්ගෙන් සිදුවන
සංක්‍රමණයන් අවමවීම මෙයට බලපෑ අතර ප්‍රාදේශීය සංවර්ධන වැඩපිළිවෙළවල් මේ සදහා සෘජුව
හා වක්‍රව බලපෑම් එල්ල කර ඇත. ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රම යටතේ ඇති කළ මහවැලිය, ගල් ඔය හා උඩවළව ආදීය සංවර්ධන යෝජනා ක්‍රමයන් මෙයට කදිම නිදර්ශනයන් වේ.
එසේම බලයට පත් රාජ්‍යයන්ගේ ප්‍රතිපත්ති බොහෝමයක් 75% පමණ වන ග්‍රාමීය කලාපයන් සංවර්ධනය කෙරෙහි සකස් කර තිබීම නිසාවෙන් මෙම
කලාපයන්ගේ සේවා පහසුකම් ආදිය වර්ධනය වී නාගරික සංවර්ධන ක්‍රියාවලියට යම් තරමකට
බාධාවන් එල්ල කිරීමට හේතු වීය. එසේම
■ ස්ථිර පදිංචිය
වෙනුවට ග්‍රාම සංචලනයට සිමා වීම
■ නගරයන්හි
ස්වභාවික වර්ධනය පහල යාම
■ යටිතල පහසුකම්
වර්ධනය වීම
■ ගමනාගමනය හා
සුගමතාවය වර්ධනය වීම
■ අවකාශීය
විෂමතාවය අතර පවතින විෂමතාවය අවම වීම
ආදී සාධකයන් නිසා 1970-80 දශකයන්හි දී ග්‍රාමීය ජනතාව නිරන්තරයෙන් නාගරික
කලාපයන් තුළට දෛනිකව සංක්‍රමණය වීමක් පමණක් සිදු වු අතර ඔවුන් ස්ථිරව නාගරික
කලාපයන් තුළ රැදී නොසිටියහ. එමනිසා මෙකල නාගරික ජන සංඛ්‍යාය වර්ධනය වීම සීමා සහිත
එකක් වීය. නමුත් 80 දශකයෙන් පසුව ධනවාදී ආර්ථික ක්‍රියාදාමයත් සමඟ නාගරික සංවර්ධනය
කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලැබීමත් සමඟ රාජ්‍ය මැදිහත්වීම, ප්‍රතිපත්තීන් හා විවිධ සංවර්ධන ව්‍යාපෘති ආදියද විවිධ ආයතනික ව්‍යුහයන්
ඔස්සේ සිදු කිරිම නිසාවෙන් නාගරික ජන සංඛ්‍යාව වර්ධනය තරමක් දුරට වර්ධනය වීමක්
දක්නට ලැබේ. මෙය 2020 පමණ වනවිට සමස්ථ ජනගහනයෙන් 40% ත් ඉක්මවා ගමන් කරනු ඇතැයි ජන
සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේනතුව ඇස්තමේන්තුගත කොට දක්වා ඇත.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
ග්‍රන්ථ
මානවඩු, නිරෝෂන් ලියනගේ, තෙවන ලොව නාගරීකරණය, (2008). විජේසූරිය ග්‍රන්ථ
ප්‍රකාශකයෝ, පුංචි බොරැල්ල.
හෙට්ටිගේ එස්.ටි., ජනගහන වර්ධනය හා සමාජ ප්‍රවණතා, මානව භූගෝල විද්‍යාව, (1976).
අධ්‍යාපන ප්‍රකාශන
දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල.
වෙබ් අඩවි
http://www.statistics.gov.lk (Acceded on 09/08/2016)
No comments:
Post a Comment