10 October, 2016

භූරූප විද්‍යාව සහ දේශගුණික මූලිකාංග

භූරූප විද්‍යාව
භූරූප විද්‍යාව විද්‍යාව යනු මෙය යැයි යනුවෙන් විශ්වීය අර්ථකථනයක් සැපයීය නොහැකිය. මෙයට හේතු වුයේ භූරූප පිළිබදව විවිධාකාර අධ්‍යනයන් කළ පර්යේෂකයින් විද්‍යාඥයින් හා විද්වතුන් භූරූප විද්‍යාව පිළිබඳ විවිධාකාර අර්ථ දක්වා තිබීම හා එයට විවිධ ඉතිහාසගත ජනප්‍රවාද පැවතීමයි. (චීන/රුසියන්/ග්‍රීක ජනප්‍රවාද)භූරූප විද්‍යාව යන විෂය ගත් කළ එහි මතුපිටින් කියවෙන සරල අදහස වන්නේ පෘටීවියේ රූප විද්‍යාත්මක ලක්ෂණ අධ්‍යනය කිරිමක් පිළිබඳවය.නමුදු මෙය ඒ වනාහි සරල අදහසක් පමණි. උක්ත සඳහන් කරන ලද භූරූප විද්‍යාව යථාර්ථවාදී හා බුද්ධිමත් ලෙස තාර්කීකරණයට බඳුන් කළවිට එය හුදෙක්ම සංකීර්ණ වු ක්‍රියාවලියක් බව අපට නිසැකයෙන්ම අවබෝධ වේ.

භූරූප විද්‍යාව පිළිබඳව විවිධ නිර්වචන ඉදිරිපත් වි ඇති අතර එම නිර්වචන අධ්‍යනය කිරිම තුළින්, භූරූප විද්‍යාව යනු කුමක්දැයි යථාර්වත් ලෙස අවබෝධ කරගැනීමට අපට හැකිවනු ඇත. එම නිර්වචන කිහිපයක් පහත දක්වා ඇත.

පෘටීවියේ භූ ලක්ෂණ විස්තර කිරීම හා පැහැදිලි කිරීම භූරූප විද්‍යාව වෙසෙස්ටර්  (Worcester,1939) ප්‍රකාශ කළේ ය.පෘටීවියේ මූලීල භූ ලක්ෂණ එනමි, මහද්විප සාගර පිළිබඳවත් ඒවායේ දැකිය හැකි ලොකු කුඩා සෙසු විශේෂ ලක්ෂණ පිළිබඳවත් එම භූරූපවල උපත, ඉතිහාසය, ඒවා නිර්මාණය විමට බලපාන ක්‍රියාවලි ආදිය පිළිබඳවත් අධ්‍යනය කිරීම භූරූප විද්‍යාවයි.”

භූරූප විද්‍යාව යනු විශේෂයෙන්ම භූරූප වල ඛාදන ක්‍රියාවලිය ආශ්‍රිත භූරූපවල විකාශනය පිළිබදව අධ්‍යනය කිරීමයි.එහෙත් භූරූප විද්‍යාව නිර්වචනය කිරීම සඳහා එම අඳහස යොදා ගැනීම ‘ භූරූප විද්‍යාව යන්න’ පමණ ඉක්මවා අඩු කිරීමක් මෙන්ම පුළුල් කිරීමක් ද වන්නේ ය. (sparks, 1967)

භූරූප විද්‍යාව යනු භූ විෂමතාව හා පතුල් පාෂාණ අතර ඇති සමිබන්ධතාවය පිළිබඳව අධ්‍යනය කිරීම බව’ භූරූප විද්‍යාව සමිබන්ධයෙන් ඇති තවත් මතයකි. (study of the relation between land-forms and the underlying rocks)

භූරූප විද්‍යාව යනු භූ දර්ශනයේ විකාශනය පිළිබඳව අධ්‍යනය කිරීම (Study of the evaluation of landscape) යනු තවත් මතයකි.”

කිසියම් ප්‍රදේශයක පදනම හා දේශගුණය වෙනස් වීම මත අවධියෙන් අවධියට භූරූපමය භූ දර්ශනය වෙනස් වී ඇති ආකාරය අධ්‍යනය කිරීම භූරූප විද්‍යාවට අයක් වේ. (Sparks, 1967)        

භූරූප විද්‍යාව පිළිබඳව එකිනෙකට වෙනස් වු විවිධ මතවාද ඉහතින් දැක්වු අතර මෙකී එකිනෙකට පරස්පර විරෝධී අඳහස් සමුහයේ සාරාංශය ගත්විට භූරූප විද්‍යාව යන්නට පොදු වු අර්ථකථනයක් මෙසේ සැපයිය හැකිය. එනමි, “භූ විද්‍යාත්මක, දේශගුණ විද්‍යාත්මක බලවේග/ක්‍රියාවලි (Processes) කාලයක් තිස්සේ කිසියමි ප්‍රදේශයක පතුල් පාෂාණ හෝ පෘෂ්ඨීය ද්‍රව්‍ය (Materials) මත ක්‍රියාත්මක වි භූ ව්‍යුහය හෝ යමි ඛාදිත (Erosion) භූ රූපත් ඛාදිත දෑ පරිවහනය කර නිධි සාධනය කිරීම නිසා නිර්මාණය වන නිධි සාධිත (Deposition) භූ රූපත්, ඒවායේ පරිණාම අවධි (Evolutional Stage)  භු ලක්ෂණ විවිධත්වය විස්තර හා පැහැදිලි කිරිම තුලින් අවකාශීය විවිධත්වය විස්තර කිරිම භූරූප විද්‍යාව වන බවයි.” මෙම පොදු නිර්වචනයට අනුව භූරූප නිර්මාණය විමේදී “දේශගුණය” යන සාධකයට ප්‍රමුඛතාවයක් ලැබී ඇති බැවි පෙනේ.

භූරූප යනු කුමක් ද?

භූ රූප පිළිබඳව අධ්‍යනය කිරීම ඉතාම සංකීර්ණ වු ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලියට ඉතා දිගු ඉතිහාසයක් පවතින අතර එය පෘටීවියේ සමිභවය හෙවත් ඇති වීම (Origin) දක්වා දිව යන්නකි. පෘටීවිය පරිණාමය වීමත් සමඟම එහි පෘෂ්ඨය තුල මෙන්ම අභ්‍යන්තරයේ ද විවිධාකාර වු භූ රූප නිර්මාණය වු බවට සාක්ෂි වර්තමානය වනවිට විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. විශ්වය තුළ සිදු වු මහා පිපිරුම හෙවත් “Big ban” (ජෝර්ජර් ලැමාරියාගේ) සමඟ නිර්මාණය වු පෘටීවිය කාලයාගේ ඇවෑමෙන් විවිධ වු පරිණාමයන්ට බදුන් වෙමින් මෙකී භූරූප පද්ධතිය නිර්මාණය කරන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. ඒ සඳහා කාලය, දේශගුණය හා භූ විද්‍යාත්මක සාධක වැනි දෑ ප්‍රධාන වශයෙන් බලපෑමක් එල්ල කොට ඇත.

පෘටීවිය ඇති වු මුල් කාලයේ දි ගිනි කදු පිපිරීම, භූ චලන හා යමකම ක්‍රියාවලිය නිසා පෘටිවි අභ්‍යන්තරයේ විශාල වශයෙන් භූරූප නිර්මාණය වී ඇත. මෙයට හේතුව වුයේ, එම කාලය දී පෘටීවි අභ්‍යන්තරය තුළ පැවැති විකිරණශීලී මූල ද්‍රව්‍ය බෙදීයාම (තෝරියම්, යුරේනියමි), භූ තැටි එකිනෙකට ඝටිටනය විම, පෘටීවිය නිර්මාණයේ දී ඇති වු තාපයේ ඉතිරි අවශේෂ තාපය ආදිය නිසා පෘටීවි අභ්‍යන්තරය නිරන්තරයෙන් උණුසුමිකරණයට ලක්වීමයි. පෘටීවි පරිණාමයත් සමඟ මෙකී ක්‍රියාවලිය ද පරිණාමයට බදුන් වු අතර මෙකී පරිණාමයේ දී පෘටීවිය විවිධ යුග (අවධි) පසු කරමින් භූරූප නිර්මාණයට දායකත්වය සපයමින් වර්තමාන තත්ත්වය දක්වා පැමිණ ඇත.

මෙකී බලපෑම් මත  “පෘටීවි පෘෂ්ඨය මත නිර්මාණය වන විශාල කඳු පද්ධති සහ සානු මෙන්ම කුඩා කදුගැට සහ කඳුරු වැනි කුදුමහත් ලක්ෂණ වලින් සෑදුණු දෑ භූරූප ලෙස හදුන්වයි.” මෙම භූරූප සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ මහද්වීපික ස්කන්ධ මත වූවද සාගර පතුලේ ද කදු පද්ධති සහ සුළු භූ ලක්ෂණ පිහිටා ඇති බව අවධාරණය කළ යුතුය. මෙලෙස පාටීවියේ ඇති භූ විෂමතා ලක්ෂණ අනුව භූරූප ගණ ප්‍රධාන කොටස් (03)ක් යටතට ගත හැකිය. එමඟින් එම භූරූප අධ්‍යනයට මෙන්ම හඳුනාගැනිමට ද පහසු වේ. මෙම භූරූප ගණ (03) වර්ග කිරීම සඳහා එහි විශාලත්වය උපයෝගී කොටගෙන ඇත. එම භූරූප ගණ ත්‍රිත්වය පහත දක්වා ඇත. එනම්,

  • පළමු ගණයේ භූරූප හෙවත් මහා ගණයේ භූ රූප (මහද්වීපික ස්කන්ධ හා සාගර)
  • දෙවන ගණයේ භූරූප හෙවත් මධ්‍ය ගණයේ භූ රූප (නිර්මාණාත්මක සාධක මත ඇතිවන කඳු, නිමින, තැනිතලා ආදිය...)
  • තෙවන ගණයේ භූරූප හෙවත් ක්‍ෂ්ද්‍ර ගණයේ භූ රූප (විනාශකාරි සාධක මත ඇති වන භූරූප එනමි ගංගා, සුළං, ග්ලැසියර්, තරංග ආදිය මත ඇති වන භූරූප)
යනුවෙනි.

නමුදු මෙම භූ රූප ගණ තුනෙහි පරිණාමය ද මේ ලක්ෂණ ගෙනහැර දැක්වීමේ දී ගෙනහැර දැක්වීමේ දී ක්‍රියාත්මක වු ක්‍රියාවලීන්ගේ පදනම මත වෙනස් විමක් සිදු වේ. උක්ත දක්වන ප්‍රධාන භූරූප පදනමි කොටගෙන නිර්මාණය වන සංකීර්ණ භූරූප වර්ගීකරණයක් ඇත. එම වර්ගීකරණය පහතින් දක්වා ඇත. එය අධ්‍යනය කිරීමෙන් පෘථීවි පෘෂ්ඨය මත ව්‍යාප්ත භූරූප වර්ග පිළිබඳව දළ අදහසක් ලබා ගත හැකිය.

 
භූරූප නිර්මාණයට බලපාන සාධක
භූරූප ඒකක ගණයන් නිර්මාණය වන ආකාරය පිළිබඳව අධ්‍යනය කිරීමේ දී ඒවායේ පරිණාමය හා ලක්ෂණ විස්තර කරන්නා වු මහද්වීපකාරක හා පර්වතකාරක භූ චලන ආදියට වැදගත් ස්ථානයක් හිමි වේ. එසේම තෙවන ගණයේ භූරූප නිර්මාණයේ දී කුඩා භූ රූප නිර්මාණය සමිබන්ධව කාරකයන් මඟින් කෙරෙන භූ තල නග්නීකරණ ක්‍රියාවලිය වැදගත් වේ. මෙකී භූ රූපයන් නිර්මාණය හෙවත් ජනනය වර්ගීකරණය පදනමි කොටගෙන ද වර්ග කිරීමකට බදුන් කළ හැකිය. මෙය ඉතා පුළුල් අර්ථකථනයකින් දක්වන්නේ නමි භූරූප නිර්මාණය වීම සමිබන්ධව ක්‍රියාත්මක වන ප්‍රධාන බලවේග දෙකක් හඳුනාගත හැකිය. එනමි, 
  • අන්තර්ජන්‍ය බලවේග (Endogenetic Force) 
  • බහිර්ජන්‍ය බලවේග (Exegetic Force)
                                                                    යනුවෙනි.උක්ත සදහන් කළ බලවේගයන් දෙක එකිනෙකට විග්‍රහ කොට ගැනීම තුලින් ඒවායේ බලපෑම මත භූරූප නිර්මාණය වන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිය.

අන්තර්ජන්‍ය බලවේග
අන්තර් ජන්‍ය බලවේග යනු පෘටීවි අභ්‍යන්තරය තුළ ක්‍රියාකාරී වන බලවේගයන්ටය. යමකම ගණ භූ කමිපන ක්‍රියා ඇති වු විට පෘටීවි පෘෂ්ඨය අභ්‍යන්තරයේ හට ගැනෙන චලන මඟින් ඒවායේ ප්‍රතිපල පෘෂ්ඨය මත දැකිය හැකි වන්නේ භූ රූප නිර්මාණය ලෙසින්ය.” මෙලෙස පෘටීවි අභ්‍යන්තරයේ සිදුවන යමකම ක්‍රියාවලිය හා භූ චලන නිසා පෘටීවි අභ්‍යන්තරයේ ඇති මැග්මා පෘටීවි පෘෂ්ඨයේ ඇති දුර්වල කුස්තුර, සිදුරු මඟින් පෘටීවි මතුපිට තලයට පැමිණ විවිධ භූරූප නිර්මාණය කරනු ලබයි. මෙහිදී භූරූප නිර්මාණය වීමට ප්‍රමුඛතම සාධකය වන්නේ අන්තර්ජන්‍ය බලවේගයන්ය. මෙම බලවේගයන් ක්‍රියාත්මක වීමේදී සමපීඩන බලවේග, ආතතීය බලවේග, භූමි කමිපා හා භූ චලන වැදගත් වේ.

බහිර්ජන්‍ය බලවේග
තෙවන ගණයේ භූරූප නිර්මාණය වීමේ දී කුඩා භූරූප නිර්මාණය කිරීමේ කාරකයක් ලෙස භූ තල ඛාදන කාරකයන් වැදගත් වේ. එසේම ගලන ජලය, සුළඟ, අයිස් හා තරංග යන නග්නීකාරකයේ විශේෂ භූරූප නිර්මාණය කරමින් භූ දර්ශනය විවිධත්වයට එක් කරයි. මෙම බලවේගයන් පෘටීවි අභ්‍යන්තරයෙන් පිටත ක්‍රියාත්මක වීම නිසා බහිර්ජන්‍ය බලවේග යනුවෙන් හදුන්වනු ලබයි. මෙකී බහිර්ජන්‍ය බලවේග මත නිර්මාණය වන්නා වු භූරූප ඇති කිරීම සඳහා බලපාන ලබන කරුණු රාශියක් (බාහිර සාධක) ඇත. එනමි,
  • භූ විෂමතාවය
  • වනාන්තර
  • පාෂාණවල ස්වභාවය
  • මානව සාධක
  • දේශගුණය
    • උෂ්ණත්වය
    • වර්ෂාපතනය
    • සුළඟ
    • පීඩනය
    • ආර්ද්‍රතාවය
                              යනුවෙනි.

උක්ත සඳහන් සාධකයන් පෘටීවි පෘෂ්ඨය මත ක්‍රියාකාරී වීමෙන් භූරූප නිර්මාණය වීම සිදුවන අතර එහිදී  දේශගුණය යන සාධකයට ප්‍රමුඛතාවයක් හිමි වේ. ඉහත සාධකයන් සියල්ලක්ම එකිනෙකට අන්තර් සමිබන්ධතාවයකින් යුක්ත වන අතර එකී ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස භූරූප ඇති වීම සිදු වේ. උදාහරණයක් ලෙස දේශගුණික සාධක මත භූ විෂමතාවය නිර්මාණය වන අතර එම භූ විෂමතාවය මත එකී ප්‍රදේශවල පාෂාණ, වනාන්තර, පාරිසරික වෙනස් වීමි හා මානව ක්‍රියාකාරකමි  ආදිය ද වෙනස් වේ. කෙපන් තම දේශගුණ වර්ගීකරණය තුල තිබෙන ප්‍රධාන ප්‍රභේදයන් හා ඒ එකිනෙක ප්‍රභේදයන්ට අනුරූප සමිබන්ධයක් වී ඇති බව පෙන්වා දෙන්නේ ද මෙම සාධක උපයෝගි කරගනිමින්ය. (මෙමඟින් තහවුරු වන කරුණ වන්නේ භූ රූප නිර්මාණයෙහිලා භූ විෂමතාවය, වනාන්තර, පාෂාණවල ස්වභාවය, මානව සාධක, දේශගුණය ආදී සාධක පාෂාණ වල ස්වභාවය මත ක්‍රියාකාරී වන බවයි.)  

දේශගුණික මූලීකාංග භූරූප නිර්මාණය වීමෙහිලා දායක වන ආකාරය
 
දේශගුණය යනු කුමක් ද?
දේශගුණය යනු, දීර්ඝ කාලයක් තුල පවතින වායුගෝලීය සාමාන්‍ය තත්ත්වය ලෙස හඳුනාගෙන ඇත. නැතහොත්  දිගු කාලීනව සළකන කාලගුණයේ සාමාන්‍ය තත්ත්වය ලෙස ද පෙන්වා දිය හැකිය. එනමි,  යමි ප්‍රදේශයකින් හඳුනාගන්නා ලද කාලගුණික දත්ත හා වාර්තා දිගු කාලයක් තුල නිරීක්‍ෂණය කිරීමෙන් හඳුනාගනු ලබන වායු ගෝලීය තත්ත්වයන්ගේ සාමාන්‍ය තත්ත්වය අනුව ලබා ගන්නා තොරතුරු මඟින් යමි ප්‍රදේශයක දේශගුණික තත්ත්වය හඳුනාගත හැක.” නැතහොත්  “වායුගෝලයේ තිබෙන ජල වාෂ්ප වල හැසිරීම හා එහි ප්‍රතිඵලය, සූර්යාලෝකය වායු ගෝලය තුල හැසිරෙන ආකාරය, තාපයේ බලය, පෘටීවි තලයට ඇති කරන බලපෑමි දේශගුණය ලෙස සලකනු ලබයි.” මෙකී දේශගුණ ක්‍රියාවලිය සඳහා බලපාන ප්‍රධාන දේශගුණික මූලීකාංග කිහිපයක් පවතින අතර ඒවානමි “උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළඟ, පීඩනය, ආර්ද්‍රතාවය යනාදියයි”. දේශගුණය පිළිබඳව අධ්‍යනය කිරීමේදී අත් නොහල හැකි ප්‍රවේශයකි, කාලගුණය යන්න. “කාලගුණය යනු, නියමිත ස්ථානයක සුලු කාලයක් තුලදී ඇතිවන වායු ගෝලීය තත්ත්වයි.”


දේශගුණික මූලිකාංග මෙන්ම දේශගුණික පාලන කාරකයන් මඟින් ද දේශගුණය යන්න තීරණය වේ. මෙය සෘජුව හෝ වක්‍රව භූරූප නිර්මාණයෙහිලා බලපෑමක් ඇති කරනු ලබයි .මෙම දේශගුණ පාලන කාරකයන් “සූර්යයා හා අක්ෂාංශ, ගොඩබිමි ව්‍යාප්තිය, අඩු හා වැඩි පිඩන මණ්ඩල හා සාගර ප්‍රවාහ ආදිය වැදගත් වේ.”

භූරූප නිර්මාණයෙහිලා දේශගුණික මූලයන්ගෙන් සිදුවන බලපෑම

ෂ්ණත්වය
උෂ්ණත්වය යන්න දේශගුණ ක්‍රියාවලියක ආරමිභය ලෙස හඳුනාගත හැකිය .”උෂ්ණත්වයේ අඩු වැඩි විම මත වායු ස්ථරයේ ප්‍රසාරණය අඩු වැඩි වීමත් සිදුවන අතර එමඟින් පීඩන තීව්‍රතාවය ද අඩු වැඩි වීමකට බඳුන් වේ. අඩු උෂ්ණත්වයක් තුලදී වැඩි පීඩන තත්ත්වයක් ද, වැඩි උෂ්ණත්වයක් යටතේ අඩු පීඩන තත්ත්වයක් ද නිර්මාණය වේ. මෙකි උෂ්ණත්ව විවිධතාවය නිසා පෘටීවීය තලයේ පීඩනයන් වෙනස් වීමකට බදුන්වන අතර එමඟින් සුළං හැමිම යන ක්‍රියාවලිය ක්‍රියාත්මක වී ඒ සමඟ වර්ෂණය ආරමිභ වීමක් සිදුවේ. මෙකී ක්‍රියාවලීන් තුලින් ද භූ දර්ශනය විවිධතාවයකට බදුන් කරයි.

වායු පීඩනය
වායු පීඩනය යනු පොළව මත වායු ගෝලය මඟින් ඇති කරනු ලබන තෙරපීමයි.” පෘථීවි ගුරුත්වාකර්ෂණ බලය මත වායු ගෝලය පෘටීවියට ඇදී පවතින අතර එය ස්ථර කිහිපයකින් සමන්විත වේ. මෙම ස්තරයන් එකින් එක ඉහළ සිට පහළට කෙරෙන තෙරපීම නිසා පහළම ස්තරයය තුල පීඩනය ඉතාමත් අධිකය. වායුගෝලයේ ඉහළටයත්ම ඝණත්වය හා පීඩනය ක්‍රමිකවඅඩු වී ක්‍ෂය විමක් දක්වා ගමන් කරයි. පීඩනය හා සුළං යන්න,උෂ්ණත්වය හා වර්ෂාපතනය තරමි වැදගත් දේශගුණික මූලයක් නොවන නමුත් මෙය උෂ්ණත්වය හා වර්ෂණය කෙරෙහි පැහැදිලි ලෙස බලපෑමක් ඇති කරනු නිසා භූරූප නිර්මාණයෙහිලා ඉතාමත් වැදගත් සාධකයක් ලෙස හඳුනාගත හැකිය. 

ආර්ද්‍රතාවය
වායු ගෝලයේ අන්තගත ජල වාෂ්ප ප්‍රමාණය ආර්ද්‍රතාවය වශයෙන් හඳුන්වනු ලබන අතර එය සාපේක්ෂ හා නිරපේක්ෂ ආර්ද්‍රතාවය ලෙස දෙකොටසකි.” පහළ වායු ගෝලය තුල ආර්ද්‍රතාවය වැවි වශයෙන් දක්නට ලැබෙන අතර මෙය නිරන්තරයෙන් උචිචාවචනයට බඳුන් වේ. මෙම උචිචාවචයනය හේතු කොටගෙන වර්ෂාව තීරණයවිමක් සිදුවේ. එසේම මෙමඟින් භූ විකිරණය උරාගැනීමක් සිදුකරනු ලබනාතර එමඟින් පෘටීවි තලයේ උෂ්ණත්වය ද පාලනය කරනු ලබයි. එමනිසා දේශගුණික මූලිකාංග අතර වැදගත් සාධකයක් ලෙස ආර්ද්‍රතාවය වැදගත්වන අතර මෙය භූ රූප නිර්මාණය කිරීමට හේතු සාධකයක් ලෙස වැදගත් වේ.

වර්ෂාපතනය
වර්ෂාපතනය යන්න වර්ෂණ ක්‍රමයන්ගෙන් එක් ආකාරයකි .වර්ෂාපතනය යනු වායු ගෝලයේ පවතින්නා වු ජල වාෂ්ප වායු ගෝලයේ උෂ්ණත්වය මත පාටීවිය දෙසට නිදහස් වීමයි. මෙය හිම කැට, තුහින, අයිස් හා වර්ෂාපතනය ආදී ලෙසින් පෘටීවීය තලයට ලැබේ. මෙකි වර්ෂණ ක්‍රම වලින් බහුලව ලැබෙන වර්ෂණ ක්‍රමය ලෙස වර්ෂාව හඳුනාගෙන ඇති අතර එමනිසා වර්තමානයේ දී වර්ෂණය යන්න අර්ථකථනය කිරීම සඳහා වර්ෂාපතනය යන්න යොදාගනු ලබයි. මෙකී වර්ෂණ ක්‍රියාවලියේ දී ජල  චක්‍රයට හිමි වන්නේ අද්විතියක ස්ථානයකි.

සුළං හෙවත් වාතස්කන්ධ
ඒකාකාරි දේශගුණික ලක්ෂණ සහිත යමිකිසි ප්‍රදේශයක සෑහෙන දිගු කාලයක් තිස්සේ ස්ථායීව පැවැතීමෙන්, තිරස් අතට පැතිරුණු සමාන උෂ්ණත්වයක් හා ආර්ද්‍රතාවයක් ද, සිරස් අතට ක්‍රමානූකූලව වෙනස් වන ස්ථරයන් ද ලබා ගත් වායුගෝලයේ විවෘත කොටසක් වාත ස්කන්ධයන් වශයෙන් හඳුන්වයි.” මෙම වායු ස්කන්ධයන් එක් තැනක සිට තවත් ස්ථානයක් දක්වා ගමන් කරනු ලබන අතර එයට හේතුව වන්නේ සංනයන ක්‍රියාවලියයි. මෙම වාතස්කන්ධ හෙවත් සුළං වෙනස් දේශගුණ ලක්ෂණ සහිත භූ තලයක් හරහා ගමන් කිරීමේ දී ඒ හා අනුවර්තනය විමක් සිදුවන අතර එහිදි එම භූමියේ දේශගුණය වෙනස් කිරිමට ද සමත් වේ. මෙයට උදාහරණය ලෙස ‘සහරා හා ඇමසන් වැනි කලාපයන්’ දැක්විය හැකිය. මෙසේ සුළං හෙවත් වාතස්කන්ධ නිසා යමි යමි ප්‍රදේශවල වෙනස් දේශගුණික ලක්ෂණ ඇති කරන අතර එහිදී එම කලාප වල භූරූප නිර්මාණය වීමෙහිලා ද මෙම සාධකය සෘජුව හා වක්‍රව බලපෑමක් ඇති කරනු ලබන බව මින් ගම්‍යමාන වේ.

දේශගුණික කලාප සහ භූ රූප හා සමිබන්ධ දේශගුණික කලාප
දේශගුණය හා දේශගුණික මූලීකාංග පිළිබදව ඉහතින් සරල අවබෝධයක් ලබාගත් අතර එහි අවකාශිය ව්‍යාප්තිය පිළිබඳව මෙතැන් සිට අධ්‍යනය කිරීම මෙම නිබන්ධනයේ දී වැදගත් වේ. පෘටීවීය තලය මත ව්‍යාප්තව පවතින දේශගුණයේ විවිධ රටාවන් අධ්‍යනය කරනු ලැබු කාලගුණ විද්‍යාඥයින් එය විවිධ කාල වලට බෙදා වෙන් කරනු ලැබිය. මේවා දේශගුණික කලාප ලෙස නම් වේ. දේශගුණික කලාප බෙදා වෙන් කිරීමේ දී “ඔස්ටින් මිලර්, තෝන්වෙටි හා කෙපන්” වැනි විද්‍යාඥයින් වැදගත් වේ.


                                                        ගෝලීය දේශගුණික කලාප



                                                       Source: www.meteorologyclimate.com

උක්ක සිතියමේ පෙන්වා ඇති ආකාරයට වර්ගිකරණය කරන ලද දේශගුණික කලාප හා භූ රූප නිර්මාණ ක්‍රියාවලිය අතර අන්තර් සම්බන්ධතාවයක් පවතින බව අනාවරණය කළ භූරූප විද්‍යාඥයින් භූරූප හා සමිබන්ධ දේශගුණික කලාප කිහිපයක් නමි කළහ. මෙම භූරූප හා සමිබන්ධ දේශගුණික කලාප වර්ගීකරණය කිරීම සදහා දේශගුණික මූලිකාංග හා මූලික පදනම ලෙස භාවිතා කොට ඇත. උදාහරණයක් ලෙස ග්ලැසියර් කලාපවල පවතින භූරූප ගත හැකිය. අන්තර්ජන්‍ය හා බහිර්ජන්‍ය ක්‍රියාවලිය මත ඇති වන මූලික භූ රූපයන් පසුව දේශගුණය මගින් බලපෑම් එල්ල කරන විට ඒ ඒ ප්‍රදේශයට ආවේණික වු භූ රූපයන් හෙවත් ප්‍රාදේශීය භූරූප නිර්මාණය කරනු ලබයි. මෙලෙස නිර්මාණය කරනු වන භූරූප දේශගුණයට සමිබන්ධ කර පෘටීවි තලය මතුපිට භෞතික කලාපයන් කිහිපයක් හඳුනාගෙන ඇති අතර මෙම භෞතික කලාප පිළිබඳව වු පොදු එකඟතාවයක් නොපවතී. පහත වගුවෙන් භූරූප සමිබන්ධ දේශගුණික කලාප, එම කලාපවල පවතින දේශගුණික ලක්ෂණ, එකිනෙක භූරූප මඟින් ද දේශගුණික කලාපය තුල තිබෙන භූරූප ක්‍රියාවලිය පිළිබඳව දක්වා ඇත.


මෙම භූරූප ව්‍යාප්ත වීමේ දී දේශගුණය වැදගත් වන අතරම එයින් ප්‍රධාන දේශගුණික සාධක දෙක වශයෙන් උෂ්ණත්ව හා වර්ෂාපතන ව්‍යාප්තිය ද හඳුනා ගැනිම වැදගත් වේ. පහත දක්වා ඇති සිතියමි තුලින් එකී ව්‍යාප්තිය පැහැදිලිව අධ්‍යනය කළ හැකිය. මෙම සිතියම් අධ්‍යනය කිරීම හා සන්සන්දනය කිරීම තුලින් භූ රූප ව්‍යාප්තිය පිළිබඳව යථාර්ථවත් වු අවබෝධයක් ලබා ගැනිමට හැකි වේ.
 

 


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

ග්‍රන්ථ
අල්විස්, ඩික්මන්, දේශගුණ විද්‍යාව අධ්‍යනය, (1968). සීමාසහිත ලේක් හවුස් ඉන්වෙස්මන්ටි සමාගම, 41, ඩබිලිවි.ඒ.ඩී. රාමනායක මාවත, කොළඹ.

එපිටවත්ත, සෙනෙවි, භෞතික භූගෝල විද්‍යාව 01 (භූරූප විද්‍යාව), (2006). ස්ටැමිපර් ලේක් ප්‍රකාශකයෝ, 366, හයිලෙවෙල් පාර, පන්නිපිටිය.

රත්නාකර, ඇන්., සමරසිංහ, පී.එචි.බී., (ඒ. ඔස්ටින් මිලර්, ඩී. ඇන්සි) දේශගුණ විද්‍යාව, (1962). රාජ්‍ය භාෂා ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බුලේ පාර, කොළඹ 07.

බණ්ඩාර, තිලක් විජේතුංග, පත්මසිරි ඊ.එචි.ජී.සී., භෞතික භූගෝලය භූරූප විද්‍යාව, (2011). කතෘ ප්‍රකාශනයකි.

ලබෝද්, ඊ.ඩී., සංක්‍ෂිප්ත භූගෝල විද්‍යාව, රාජ්‍ය භාෂා ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බුලේ පාර, කොළඹ. (එමානුවෙල් දි මාතෝන්).

වෙබි අඩවි 
http:// webriver.blogspot.com

http:// www.coolgeography.co.uk

http:// www.nature.nps.gov

http:// www.pacificislandtravel.com

http://contform httpwww.uwgb.edu

http://httpgeology.about.com

http://margopare.blogspot.com

http://pgeology.about.com

http://www.airphotona.com

No comments: