පාරිසරික කළමනාකරණය
යනු නීති පැනවීමක් නොවන අතර යම් ආකාරයක නෛතික අවශ්‍යතාවයක් ඒ සඳහා අවශ්‍යවේ. එසේ
වුවද, වනාන්තර
කළමනාකරණ ක්‍රියාවලියෙහිලා යොදාගනු ලබන ක්‍රියාවලිය සඳහා විවිධ ක්‍රම ශිල්ප හා ප්‍රවේශයන්
භාවිතා කොට ඒ තුළින් වනාන්තර සංරක්ෂණය සිදුකිරීම මෑත කාලීන ප්‍රවණතාවයකි. එහිදී,
1. තාක්‍ෂණික ප්‍රවේශය
2. යාන්ත්‍රික ප්‍රවේශය
3.නෛතික ප්‍රවේශය
4. ජෛව විද්‍යාත්මක ප්‍රවේශය
5. ශෂ්‍ය විද්‍යාත්මක ප්‍රවේශය
6. අධ්‍යාපනික ප්‍රවේශය
7. සමාජ ආර්ථික ප්‍රවේශය
8. දේශපාලනික ප්‍රවේශය
යනාදි වු ප්‍රවේශයන් වැදගත් වේ. උඩවත්ත
වන උද්‍යානය සංරක්ෂණය කිරීම සඳහා ද මෙකී ප්‍රවේශයන් රාශියක් යොදාගෙන ඇති බවක්
හඳුනාගත හැකිවේ.
තාක්‍ෂණික ප්‍රවේශය
වනාන්තරයේ පවත්නා වු
ජෛව හා අජෛව සංරචකයන්ට සිදුවන හානිය පාලනය කිරීම සඳහා නව තාක්‍ෂණික මෙවළම් යොදාගැනීමක්
තාක්ෂණික ප්‍රවේශය හරහා සිදුවේ. උඩවත්ත වනාන්තරය තුළ සිදුකර ඇති නව ඉදිකිරීම්
සියල්ලක්ම පාරිසරික හිතකාමි ආකාරයට ගොඩනැවීමට කටයුතු කිරීම මෙයට උදාහරණයකි. ඒ සඳහා
නව තාක්ෂණික ක්‍රමෝපායන්, සැලසුම්
යොදාගෙන ඇති අතර ඒවා බොහෝමයක් දිගු කාලීන සැලසුමක් සහිත ක්‍රියාත්මක කරන ලද ඒවා
වුවද ඒවායේ අනෙකුත් ඉදිකිරීම්වලට සාපේක්ෂව අවම වශයෙන් දක්නට ලැබේ.
යාන්ත්‍රික ප්‍රවේශය
වන උද්‍යානය තුළ රථ
වාහනවලින් ගමන් කිරීම තහනම් වන අතර වනාන්තරය නැරඹීම සඳහා භාවිතා කළ යුත්තේ පරිසර
හිතකාමී එනම්, ශබ්ද දූෂණය හෝ
වායු දූෂණය සිදුනොවන ප්‍රවාහන මාධ්‍යයන් වන පා ගමනින් ඇවිදයාම හෝ පාපැදි භාවිතා
කිරීමයි. ඒ තුළින් වනාන්තරයෙහි සත්ත්ව ප්‍රජාවට මෙන්ම ඔවුන්ගේ චර්යා රටාවන්ට ද
කිසිඳු බාධාවක් ඇති නොවේ. මහනුවර නගරය තුළ පවත්නා වු තදබදකාරී ස්වභාවය සහ වනාන්තර
තුල පවත්නා වු නිස්කලංකභාවය හේතුවෙන් වනාන්තරය තුළ ජීවත්වන සතුන් හා ඔවුන්ගේ චර්යා
රටාවන් රඳවා තබාගැනීමටත්, සතුන්
වනාන්තරය තුළින් පිටතටයෑම වැළකීමත් සිදුවන අතර එමගින් සතුන් ආරක්‍ෂාකර ගැනීමට
හැකියාවක් ලැබී ඇත. මෙම උපායමාර්ගික ක්‍රියාමාර්ගය හේතු කොටගෙන වනාන්තරය තුළ
නිර්මාණය වී ඇති නිස්කලංකභාවය නිසාම වනාන්තරය සංචාරක පක්‍ෂීන්ට ද වාසස්ථානයක් වී
ඇත.
ජෛව විද්‍යාත්මක ප්‍රවේශය
ජෛව විද්‍යාත්මක සංරක්‍ෂණය
ප්‍රධාන ක්‍රම දෙකක් ඔස්සේ සිදුකළ හැකිය.
- ස්ථානීය ජෛව විද්‍යාත්මක සංරක්‍ෂණය
- පරිබාහිර ජෛව විද්‍යාත්මක සංරක්‍ෂණය
උඩවත්ත වනාන්තරය තුළ
ක්‍රියාකාරීව සිදුවන්නේ ස්ථානීය ජෛව විද්‍යාත්මක සංරක්‍ෂණයකි. ස්ථානිය සංරක්‍ෂණයේ
දී ප්‍රධාන වශයෙන්ම තර්ජනයට මුහුණ පා ඇති ශාක හා සත්ත්ව විශේෂ, ඒකදේශීය විශේෂ සහ
නොයෙක් පරිසරික පද්ධති පවතින ස්ථානය තුළදීම නීති මාලාවන් සහ සංරක්‍ෂණ ක්‍රියාමාර්ග
භාවිතා කරමින් ආරක්‍ෂා කරනු ලැබේ. මෙහි ප්‍රධාන අභිප්‍රාය වනුයේ ශාක හා සත්ත්ව
සංහතිය ආරක්‍ෂා කිරීමයි.
අරමුණු
- ජෛව විවිධත්වය හා විශේෂයන් ස්ථානගතව පවතින ස්වාභාවික වාසස්ථාන තුළම සංරක්‍ෂණය කිරීම
- ස්වාභාවික වාසස්ථාන තුළදී ජීවීන්ගේ ප්‍රජනක ක්‍රියාවලිය පහසුවෙන් සිදුකිරීමට අවස්ථාව සලස්වාදීම
- ස්වයං චිරස්ථිතාවය සඳහා විශාල ගහන තිබීම තහවුරු කිරීම
- ප්‍රමාණවත් වාසස්ථාන පවත්වා ගැනීම
- වාසස්ථාන ප්‍රමාණවත් තරමට ව්‍යාප්ත කිරීම තහවුරු කිරීම.
මේ අභිප්‍රාය මුදුන්
පමුණුවා ගැනීම සඳහා විවිධ රටවල විවිධ වූ ක්‍රමෝපායන් උපයෝගී කරගනු ලබන අතර ඉන් ප්‍රධානතම
තැනක් හිමි වන්නේ රක්‍ෂිත ප්‍රදේශ ඇතිකර වීමයි. ඒ අනුව උඩවත්ත කැලේ 1856දී රක්‍ෂිතයක් ලෙස නම්
කිරීම සිදුකරන ලද අතර එලෙස නම් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වූ කරුණු කීපයකි. ඒවා
හරිත ප්‍රදේශයක් ඇති කිරීමේදී ප්‍රධාන වශයෙන් සලකා බලන කරුණු වේ. ඒවා නම්,
- විශාල ජෛව විවිධත්වයක් සහිත වීම. උදාහරණ ලෙස ශාක වර්ග 405, ක්‍ෂීරපායීන් 15, පක්‍ෂින් 80, සමණළයන් 32 සිටීම පෙන්වා දිය හැකිය.
- ඒ ඒ ප්‍රදේශයේ විශේෂිත වූ පාරිසරික වැදගත්කමක් තිබීම. එනම්, මෙය උප කදුකර වැසි වනාන්තරයක් වීම.
- මෙම ප්‍රදේශයේ ඇති විනෝදාස්වාදාත්මබව, දැකුම්කලුබව හා විශේෂිත වූ භූගෝලීය වටිනාකමක් සහිත වීම. එනම්, මෙය මහනුවර නගරය තුළ ශ්‍රී දළදා මාළිගා ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබෙන බැවින් දැකුම්කලු බවකින් යුක්තවීම සහ මහනුවර ප්‍රදේශයේ වායු දූෂණය හා උෂ්ණත්වය පාලනය කරන, නුවර වැවට ජලය සපයන ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ වීමද මේ සඳහා බලපා ඇත.
- සංචාරකයින් වැඩි කැමැත්තක් දක්වන සහ ඒ සඳහා පහසුකම් සහිත ප්‍රදේශයක් වීම. මෙය ප්‍රධාන වශයෙන් රටක ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා දායක වන්නකි.
- විශේෂිත වූ විද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රදේශයක් වීම.
- පුරා විද්‍යාත්මක වටිනාකමකින් හා සංස්කෘතික වටිනාකමකින් යුක්ත වූ එකක් වීම.උදාහරණ ලෙස උඩරට රාජධානි සමයේදී මෙය උඩවාසල වත්ත නමින් රාජකීයන් පරිභෝජනය කළ ප්‍රධාන උද්‍යානය වීම, බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් පිහිටා තිබීම සහ ගැරිසන් සොහොන් බිම පිහිටා තිබීම පෙන්වා දිය හැකිය.
- ප්‍රදේශය අන්තරායට ලක් වූ හෝ දුර්ලභ විශේෂ සහිත ප්‍රදේශයක් වීම
යනාදියයි.
මුල් කාලීනව තෘණ
භූමියක් ලෙස පැවත මෙම ප්‍රදේශය 1938දී උද්‍යාන ප්‍රදේශයක් වශයෙන් නම් කරන ලදි. 1972 වර්ෂය වනවිට මෙම ප්‍රදේශයේ
වන වැස්ම ඉතාමත් සීමිත වූවෙන් 1980 වර්ෂයේදී නැවත ශාක රෝපණය කිරීම සඳහා කටයුතු යොදන ලදි.
වන ආවරණය ඉතා ඉක්මනින් ප්‍රදේශය තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණැතිව මහෝගනී, ගිනි සපු, හවරි නුග, නා, වල් සාම්බ්‍රානි ආදී
ශාක රෝපණය කිරීම සිදුකළ අතර මෙය වනාන්තරය සංරක්‍ෂණයෙහිලා යොදාගන්නා ලද ප්‍රධානතම
ජෛව විද්‍යාත්මක ප්‍රවේශයක් ලෙස හඳුනාගත හැකිය. එසේම වන උද්‍යානයෙහි තුළ නැවත වගා
කරනු ලබන පැල ශාකයන් සතුන්ගෙන් ආරක්‍ෂා
කිරීම සඳහා කම්බි දැල් මගින් ආවරණය කිරීම ද කටයුතු යොදා ඇත. උදාහරණයක් ලෙස යෝධ උණ
ශාකයෙහි පැල ආහාරයට ගනු ලබන ඉත්තෑවන්ගෙන් උණ පැල ආරක්ෂා කරගැනීම සඳහා කම්බි දැල්
වලින් ආවරණය කරන ලද උණ ශාකය පෙන්වාදිය හැකිය.
ශෂ්‍ය විද්‍යාත්මක හා
කෘෂිකාර්මික ප්‍රවේශය
මෙම වනාන්තරයෙහි ශාක ව්‍යාප්තිය ප්‍රධාන ස්ථර දෙකකින් සමන්විත වේ. එනම්, ඉහළ පිහිටි වියන් ස්ථරය සහ පහළ පිහිටි පඳුරු ස්ථරයයි. මෙය හේතුවෙන් ප්‍රදේශයෙහි පාංශු ඛාදනය සිදුවන අතර එම පාංශු ඛාදනය අවම කිරීම සඳහා වනාන්තරය තුළ කෘතිම කාණු පද්ධතීන් ස්වභාවික පරිසරයට හානිනොවන ආකාරයෙන් ඉදිකොට ඇති අතර එමඟින් අපද්‍රාවය වන ජලය නිසි ආකාරයෙන් පහළ බෑවුම් ප්‍රදේශ කරා ගමන් කරවීමට සලස්වා ඇත.
අධ්‍යාපනික ප්‍රවේශය
අධ්‍යාපනික ප්‍රවේශය
දිගු කාලීනව ප්‍රතිඵල අත්පත් කරගත හැකිවූත්, කාර්යක්‍ෂමවූත් ප්‍රවේශයකි. මෙය විධිමත්,
අවිධිමත් සහ නොවිධිමත්
අධ්‍යාපන ක්‍රම යනුවෙන් ප්‍රධාන කොටස් ත්‍රිත්වයක් හඳුනාගත හැකිවේ.
- විධිමත් ක්‍රමවේදය යනු බොහෝදුරට ද්වීතික හා තෘතීක පාසල්වල සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා නිර්දේශ පත්‍රවලට අනුකූලව ලියවුණු අතිරේක පොත පත පරිශීලනය කිරීම ආදියයි. විධිමත් අධ්‍යාපනයේ දී ද්විතීක හා තෘතීක මට්ටමේ දැනුම පොදුවේ මහජනතාව අතර ප්‍රචාරය වේ. එසේ වුවද, විශ්වවිද්‍යාලවලදී කෙරෙන පර්යේෂණ හා ඉගැන්වීම් පොදු ජනතාව අතරට පත්වන්නේ කලාතුරකිනි. එම අධ්‍යාපන ක්‍ෂ්ත්‍ර බොහොමයක්ම යොමුවන්නේ රාජ්‍ය හා අනෙකුත් සංවිධානවල ප්‍රතිපත්ති සැකසීමටයි. අනෙකුත් සංවිධානවල ක්‍රියාකාරීත්වය තුළින් පාරිසරික සැලසුම් නිර්මාණය කිරීමක් ද සිදුවේ.
- අවිධිමත් පාරිසරික අධ්‍යාපනයේ දි නිශ්චිත විෂය නිර්දේශයක් හෝ කරුණු මේ සඳහා යොදා නොගැනේ. පළමුව සඳහන් කළ අධ්‍යාපන ක්‍රමය උසස් අධ්‍යාපන ආයතන හා පාසල් සඳහා වන අතර අවිධිමත් ක්‍රමය සමස්ත මහජනතාවටම විවෘතව පවතී. එමගින් පරිසරය සංරක්‍ෂණය කිරිම, විනාශයට පත් වූ පාරිසරික ප්‍රපංච පරිසර හායනයෙන් සිදුවන ප්‍රති විපාකයන් ද විස්තර කරදෙනු ලබයි. මේ සඳහා යොදාගත හැකි මාධ්‍ය කීපයකි. එනම්, පාසල් මගින් හෝ රාජ්‍ය නොවන ආයතන මගින් හෝ වෙනත් ආයතන මගින් සංවිධාන කරනු ලබන වැඩමුළු සහ ශ්‍රමදාන, දේශන / ගුවන් විදුලි, රූපවාහිනී වැනි විද්‍යුත් ජන මාධ්‍යය වලින් ඉදිරිපත් කරන වැඩසටහන් / කලා මාධ්‍යයන් මගින් සිදුකරන ප්‍රචාරක කටයුතු / අත්පත්‍රිකා හා කාටූන්
ආදියයි.
උඩවත්ත වන උද්‍යානය
සංරක්‍ෂණය කිරීමේදී ද මෙකී විධිමත් හා අවිධිමත් අධ්‍යාපන ක්‍රම යොදාගැනීම සිදුකරනු
ලැබේ. පාසල්, විශ්ව විද්‍යාල
දරු දැරියන් සඳහා වනෝද්‍යානයට ඇතුළුවීමට විශේෂ වට්ටමක් ලබාදෙන අතරම දැනුවත් කිරීමේ
වැඩසටහන්, විශේෂ
මාර්ගෝපදේශනය, අත් පත්‍රිකා
ලබාදීම, වීඩියෝ දර්ශන
පෙන්වීම, සංරක්‍ෂණ මධ්‍යස්ථානයක්
හා තොරතුරු පියසක් පිහිටුවා තීබීම මගින් අවශ්‍ය තොරතුරු ලබාදීමක් හා දැනුවත්
කිරීමක් සිදුකරනු ලබයි.
දේශපාලන ප්‍රවේශය
වන උද්‍යානය අවට ප්‍රදේශවලට
අවශ්‍ය පහසුකම් ලබාදීමට දේශපාලනික වශයෙන් සහාය ලබාදීම තුළින් වනාන්තරයට එල්ලවන
යැපීම් බලපෑම අවම කිරීමට කටයුතු කොට ඇත. එහිදී වටා ප්‍රදේශයන්ගේ සිදු වී ඇති යටිතල
පහසුකම් සංවර්ධනය, රැකියා
අවස්ථාවන් ලබාදීම, පාරිසරික
සංවිධාන හා සමිති සමාගම් පිහිටුවීම ආදිය පෙන්වාදිය හැකිය.
සමාජ ආර්ථික ප්‍රවේශය
වනාන්තර ආරක්‍ෂා කිරීම
සඳහා ආයතනික හා නෛතිකමය ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා සාමාජීය
වශයෙන් ප්‍රජාවගේ සහභාගීත්වයත් ඉතාමත් වැදගත් වේ. එබැවින් උඩවත්ත වන උද්‍යානය
සංරක්‍ෂණය සඳහා වනාන්තර පරිවාර කලාපයේ සිටින ප්‍රජාවගේ සහභාගීත්වය උපරිම මට්ටමින්
ලබාගැනීමට අවශ්‍ය වැඩසටහන් සැලසුම් කිරීමක්
සිදුකොට ඇත. උදාහරණයක් වශයෙන් වනාන්තරය තුළ ඇතිවන හදිසි ගිනි තැබීම් වැනි තත්ත්වයකට
ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රජා සංවිධානයන්ගේ පුහුණු කර තිබීම පෙන්වාදිය
හැකිය. ඒ සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයන් මඟින් අවශ්‍ය සම්පත් ලබාදී ඇති
බවක් පෙනීයයි.
සංරක්ෂණ උපාය මාර්ගවල
සාර්ථක අසාර්ථකභාවය
විවිධ ප්‍රවේශයන් සහ
ක්‍රමවේදයන් ආදිය යොදාගනිමින් උඩවත්තකැලය වන උද්‍යානය සංරක්ෂණය කිරීමෙන් අපේක්ෂා
කරනුයේ සමස්ත වන උද්‍යානයේ සංරක්ෂණය වුවද, එය පහත පරිදි අංශ කිහිපයකට වර්ගීකරරණය කළ
හැකි වේ.
- ශාක සංරක්ෂණ උපායමාර්ග
- සත්ත්ව සංරක්ෂණ උපායමාර්ග
- භූමි සංරක්ෂණ උපායමාර්ග
- ජල කලමනාකරණ උපායමාර්ග
- වෙනත් උපාය මාර්ග
ශාක සංරක්ෂණ උපායමාර්ග
ශාක සංරක්ෂණ උපාය
මාර්ගවලදී ගෙන ඇත ප්‍රධානම පියවර ලෙස ශාක රෝපණය කිරීම පෙන්වාදිය හැකිය. වනාන්තරයේ
ශාක වැස්ම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වීය. ඒ සඳහා මහෝගනී,
ගිනිසපු, හවරි නුග වැනි ශාක
වර්ග හඳුන්වා දෙනු ලැබු අතර එම ශාක අතරින් ඇතැම් ශාක වර්ග වත්මන වනවිට ආක්‍රමණික
ශාකබවට පත්වෙමින් වනාන්තරය තුළ පැවැති ශාක ප්‍රජාවගේ වර්ධනයට විශාල බලපෑමක් එල්ල
කොට ඇත. වනාන්තරයේ ශාක විවිධත්වය අවම කිරීමට මෙය හේතුවී ඇති අතර හඳුන්වාදුන්
මහෝගනී ශාකය සෙසු ශාක වර්ගවලට වඩා වැඩි ගහනයක් මේ වන විට ලබා ගෙන ඇත. එමෙන් ම වල්
සාම්බ්‍රානී ශාකය දැනට පවතින ප්‍රබලත ම ආක්‍රමණශීලී ශාකය වශයෙන් හඳුනා ගෙන තිබේ. ඒ
තුළ අනෙක් ශාක වර්ධනයට අවස්ථාව නොලැබෙනවා සේම කුඩා පරිමාණයේ වල් සාම්බ්‍රානි පැළ ද
විශාල වශයෙන් ව්‍යාප්තව පවතී. එය එක් අතකින් වනාන්තරයේ යටි රෝපණයට සමාන වන තරම්
විශාල ප්‍රමාණයක් වීම තුළ වනාන්තරයේ ශාක විවිධත්වයටත් අනෙකුත් විශේෂවල ශාක
වර්ධනයටත් බලපෑම් ඇති කරයි. එමෙන් ම මෙම ශාකය ව්‍යාප්ත වීම අවම කරලීම අතිශයින් ම
දුෂ්කර වූ කාර්යයකි. ඒ මන්ද යත් වල්
සාම්බ්‍රානි යනු වේගයෙන් වර්ධනය වන ශාකයක් වීමත් ස්වයං රෝපණයක් සහිත ශාකයක් වීමත්
ය. ඉන් අදහස් කරන්නේ ඉතා ඉහළ උසක් සහ පු`ඵල් පැතිරීමක් හිමි කර ගන්නා මෙම ශාකයෙහි
බීජ විශාල සංඛ්‍යාවක් හට ගැනීම නිසා එම බීජ ශාකය අවට විශාල ප්‍රදේශයක පුරා පැතිීම
තුළ යළි ඒවා හට ගැනීමයි. එවිට එක් ශාකයක් මඟින් වුව ද ඉතා කෙටි කාලයක දී විශාල ප්‍රදේශයක්
ආවරණය වන සේ ශාක වැස්මක් නිර්මාණය කරනු ලැබේ.
අනෙක් අතින් මෙම වල්
සාම්බ්‍රානි පත්‍ර විශාලත්වයෙන් අඩු වුව ද ඒවා අතිවිශාල සංඛ්‍යාවක් හට ගන්නා
බැවින් ශාකයක් අවට එහි කිරුළෙහි සිට විහිදෙන අතු පරාසයට සමාන භූමි ප්‍රදේශයක් පුරා
පත්‍ර පතිත වේ. එබැවින් පත්‍ර එක මත එක නිරතුරුව පතිත වීම තුළ දිරාපත් වීම සඳහා
වැඩි කාලයක් ගත වේ. එහි දී දිරාපත් නොවී එක මත එක ගොඩගැසුණු පත්‍ර ස්ථරයක් වශයෙන්
සංවිධාන ගතව භූමිය මතුපිට පවතින බැවින් යටිරෝපණ කුඩා ශාක හා පඳුරු විශේෂ වර්ධනයට
අවකාශයක් නොලැබේ. ඒ මතුපිට දක්නට ලැබෙනුයේ පාංශු ස්ථරයක් නොව ඝනත්වයෙන් වැඩි එහෙත්
දිරාපත් නොවූ ශාක පත්‍ර ස්ථරයක් වන හෙයිනි. මේ අනුව මින් පෙනී යන්නේ වනාන්තරයේ ශාක
ව්‍යාප්තිය වැඩි කර ගැනීමේ අරමුණින් ප්‍රතිරෝපණය කළ ශාක අතරින් වල් සාම්බ්‍රානි
නැමැති ශාක විශේෂය මඟින් වනාන්තරයේ අනෙක් ශාක වර්ධනයට අයහපත් බලපෑමක් කර ඇති බවයි.
මෙයට සමාන තත්ත්වයක්
පිලෝඩෙන්ට්‍රම් නැමැති වැල් විශේෂය මඟින් ද ඇති වී තිබේ. මෙම වැල් විශේෂය ද
වේගයෙන් වර්ධනය වන වැල් විශේෂයක් වන අතර මෙයශාක කඳන් ආධාර කර ගනිමින් ශාක කඳ මත
වර්ධනය වන ප්‍රභේදයකි. නමුත් මෙහි වර්ධන වේගය ශාකයේ වර්ධන වේගයට වඩා වැඩි වන
බැවින් ආධාර කර ගන්නා ශාකය මු`ඵමනින් ම පාහේ
වැසෙන පරිද්දෙන් වැල් එතීමක් සිදු වේ. එවිට ශාකයේ කිරුළ වැල් මඟින් වසා ගන්නා නිසා
ඉන් ඔබ්බට ශාකයට වර්ධනය වීමට ඇති විභවතාවයට සීමා පනවයි. මේ හේවෙන් උඩවත්ත කැලේ වන
උද්‍යානයේ විශාල ශාක ප්‍රමාණයක් මෙසේ වර්ධනය බාල වීමේ තර්ජනයට පත්ව ඇත. මේ අනුව
ශාක නැවත වගා කිරීමේ අරමුණින් ගන්නා ලද ඇතැම් උපාය මාර්ගයන් යම් ආකාරයකින් අසාර්ථක
බව පෙන්වා දිය හැකිය. ඒ එමඟින් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිඵල එනම් ශාක වැස්ම
වර්ධනය කිරීම සිදු වුව ද එහි අනිසි බලපෑමක් වශයෙන් ආක්‍රමණික ශාක පැතිරීම නිසාය.
එහෙත් උඩවත්තකැලේ
රාජකීය පොකුණ අසබඩ පිහිටි යෝධ උණ ශාකවල සංරක්ෂණය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය වඩා
සාර්ථක වූවකි. එනම් ඉත්තෑවුන් වැනි වන සතුන්ගෙන් ළදරු උණ පැල ආරක්ෂා කර ගැනීම සඳහා
කම්බි දැල් ආවරණ යොදා ඇති ආකාරය දැක ගත හැකි වේ. එම කම්බි දැල් සමස්ත උණ පඳුරේ
වපසරිය රාමු ගත වන අන්දමින් ඒ වටා වඩාත් සුරක්ෂිත ආකාරයට ඉදි කර ඇති අතර ඒ මඟින්
කුඩා උණ පැළ ආරක්ෂිතව වර්ධනය වීමට සලස්වා ඇත. මේ නිසා ඉත්තෑවුන් වැනි වන ජීවීන්ට
උණ පැළවලට හානි පැමිණවීමට නොහැකි වී තිබේ. එබැවින් මෙය වඩාත් සාර්ථක උපාය මාර්ගයක්
වශයෙන් හඳුන්වාදිය හැකිය.
වන ජීවී සංරක්ෂණ
උපායමාර්ග
ඒක දේශික ජීවි විශේෂ
පවා වෙසෙන ජෛව විවිධත්වය අතින් අනූන වන උද්‍යානයක් වශයෙන් මෙම උඩවත්තකැලේ වන උද්‍යානය
හැඳින්වුව ද මේ තුළ සැළකිය යුතු මටටමේ වන ජීවී සංරක්ෂණ වැඩ පිළිවෙළක් දක්නට
නොලැබේ. එනමුත් වනාන්තරය තුළ සත්ත්ව දඩයම තහනම් කිරීම වැනි ශ්‍රී ලංකාවේ සෙසු
වනාන්තරවලට අදාල වන පොදු ප්‍රතිපත්ති මේ වන උද්‍යානයට ද අදාළ වන බැවින් වන ජීවී
සංරක්ෂණ උපාය මාර්ග තරමක් දුරට සාර්ථකව ක්‍රියාත්මක වන බව කිව හැකිය. ඒ මන්ද යත්
කිසිදු ආයුධයක් රැගෙන මෙම වනාන්තරයට ප්‍රවිශ්ඨ වීමට ඉඩ නොදීම වැනි හේතු සාධක
නිසාවෙනි. අනෙක් අතට මෙම වන උද්‍යානය තුළ
රථ වාහන ගමනාගමනය තහනම් වන අතර නරඹන්නන් ගමන් කළ යුතු වන්නේ ශබ්ද දූෂණය හෝ වායු
දූෂණය සිදු නොවන ආකාරයකිනි. එමඟින් බලාපොරොත්තු වන්නේ වන සතුන්ගේ චර්යාවන් සඳහා
නරඹන්නන් විසින් ඇති කරවන බලපෑම වැළැක්වීමයි. ඒ අනුව පාපැදියක හෝ පයින් පමණක් ගමන්
ගැනීමට සැලැස්වීම තුළ වන ජීවීන්ගේ විතැන්වීම වළක්වා ගැනෙන අතර වෙනත් බාහිර වන
සතුන් ආකර්ෂණය සඳහා නිස්කලංක පරිසරයක් ගොඩනගා ඇත. එය සාර්ථක වන ජීවී සංරක්ෂණ ක්‍රමෝපායක්
වශයෙන් හැඳින්විය හැකිය.
භූමි සංරක්ෂණ
උපායමාර්ග
උඩවත්තකැලේ වන උද්‍යානයේ
භූමිය පිළිබඳව කතා කිරීමේ දී මෙය උප කඳුකර වනාන්තරයක් බැවින් බෑවුම් සහිත භූමියක
පිහිටා ඇති බව හඳුනා ගත හැකිය. අක්කර 257 ක් තරම් කුඩා භූමි ප්‍රමාණයක වවු ද 500m - 600m ක් අතර 100m ක උස පරාසයක් මෙම
නවනාන්තරයට හිමිය. එබැවින් තරමක බෑවුමක් හිමි
බැවින් භූමි සංරක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. එනමුත් ස්වභාවික
ගල් වැටි දැමීම, පතුල ගල්
ඇතිරූ කුට්ටි කාණු පද්ධති පද්ධති නිර්මාණය වැනි සංරක්ෂණ ක්‍රමෝපායන් මෙහි දක්නට
නොලැබේ. එසේ වුවත් බෑවුමට සරිලන අන්දමින් වන උද්‍යානය නරඹන්නන් සඳහා වූ ගමන් මාර්ග
ඉදි කර තිබේ. එනම් උතුරු දෙසට යන විට බෑවුම අඩු බැවින් වඩා ඍජු මාර්ගත් දකුණු කොටස
කොඩිමලේ වැනි ඉහළ උන්නතාංශ ප්‍රදේශ පිහිටන බැවින් වංගු සහිත මාර්ගත් ඉදි කර තිබේ.
අනෙක් අතින් මෛම දකුණු කොටසේ මාර්ග සහිත බිම් වැඩි බෑවුම් සහිත බිම්වල පිහිටි
බැවින් ඛාදනයට ඔරොත්තු දන පරිදි කොන්ක්‍රීට් කර නිර්මාණය කර තිබේ.
මීට අමතරව FRMP ව්‍යාපෘතිය මඟින් වන උද්‍යානයේ සීමාව දැක්වීම
සඳහා මායිම් කණු ඉදිකිරීම මඟින් වනාන්තර භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කර
තිබීම සාර්ථක ක්‍රියාපිළිවෙතක් වශයෙන් සැළකිය හැකිය. ඒ එමඟින් වන උද්‍යානයේ භූමිය
වාටිබද ජනතාවට ආක්‍රමණය කළ නොහැකි වීම හේතුවෙනි.
ජල කලමනාකරණ උපායමාර්ග
උඩවත්තකැලේ වන උද්‍යානයට
විශාල පරිිමාණයේ භූමි අවකාශයක් හිමි නොවන බැවින් මේ තුළ ප්‍රධාන ගංඟා ද්‍රෝණී හෝ
විශාල ජල ගබඩාවන් දැකිය නොහැකිය. එසේ වුවත් අක්කරයකට ආසන්න වපසරියකින් යුතු රාජකිය
පොකුණ මෙහි එන ජල සම්පත සම්බන්ධයෙන් වැදගත් ම මූලශ්‍රය වෙයි. උද්‍යානයේ ප්‍රවිශ්ඨ
මාර්ගය ආසන්නයේ ම ඇති මෙය මුහුදු මට්ටමේ සිට 500m ක උසකින් පිහිටා ඇති බැවින් ද ඒ වටා
පිහිටි වෘක්ෂලතා ආවරණය නිසා ද වර්ෂයේ කිසිදු කාලයක දී නොසිඳෙන බව කියැවේ.
එනමුත් මෙහි ලැගි ජලය පහළ ප්‍රදේශවලට ගෙන
යන කුඩා ඇළ මාර්ගයක් පොකුණෙහි උතුරු කණ්ඩිය ඇසුරින් නිර්මණය කර තිබේ. එමඟින් සීමිත
ජල ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීම තුළ ජලාශයේ ජල පරිමාව නියත ව පවත්වා ගැනීම සිදු
වේ. එමඟින් පොකුණෙහි ජලජ ජීවින්ගේ පැවැත්ම ආරක්ෂා කර ඇති බැවින් මෙය ඉතා සාර්ථක ජල
කලමනාකරණ උපාය මාර්ගයක් වශයෙන් පෙන්වා දිය හැකිය.
එසේ ම මෙම උඩවත්තකැලේ
වන උද්‍යාන කලාපය බෑවුම් සහිත භූමියක් වන බැවින් වරෂා සමයේ දී මතුපිට අපධාවය වන
කුඩා ජල මාර්ග නිර්මාණය වන බව පෙනේ. ඒවා බෑවුම් ඔස්සේ ස්වභාවිකව නිර්මාණය කර ගන්නා
ඇගලි මඟින් අපධාවය විමට සලස්වා ඇත. ඒ අනුව සකසා ඇති ගමන් මාරග අවට පමණක් ස්වභාවික
කාණු පද්ධතියක් නිර්මාණය කර ඇති අතර ජලය බැස යාමේ දී අවශ්‍ය ප්‍රමාණය භූමියට උරා
ගෙන අතිරික්තය ගලා යාමට ඒ හරහා සලස්වා තිබීම තුළ උපරිම ජල ක්ෂරණයකට මඟ පාදා තිබේ.
නමුත් ගමන් මාර්ග හරහා ජල මාර්ග විහිදී ඇති අවස්ථාවල දී පමණක් සිමෙන්ති උපයෝගයෙන්
භූගත කුඩා නල පද්ධතියක් සකසා තිබේ. එ වඩා විධිමත් අයුරින් ශීර්ෂ බැමි සහිත ව ඉදි
කර තිබිම තුළ වඩාත් සූක්ෂම ජල කලමනාකරණ සැලැස්මක් වශයෙන් හඳුන්වා දිය හැකිවා සේ ම
අනෙක් අතින් පාංශු ඛාදනය අවම කරන බැවින් භූමි සංරක්ෂණය උදෙසා ද යම් කෘත්‍යයක් ඉටු
වන බව පෙන්වා දිය හැකිය. මේ අනුව ස්වභාවික තත්ත්වයන්ට අනුකූලව සුදුසු ජල
සංරක්ෂණයක් සිදු වන බව කිව හැකි වුව ද උක්ත කී රාජකීය පොකුණ යම් ආකාරයක අර්බුධකාරී
තත්ත්වයකට මුහුණපා ඇති බව පෙනේ. එනම් පොකුණේ දකුණු දිග කොටස ශීඝ්‍රයෙන් අවසාදිත
තැන්පත්වීමට ලක්ව තිබේ. ඒ නිසා ම මෙහි දකුණු ඉවුරු ඛාදනය වී ජලාශය අභ්‍යන්තරයේ
තැන්පත් වී ජලාශ පත්ල එසවී තිබේ. අනෙක් අතින් ලැගි ජල මූලාශ්‍රයක් වන බැවින් මෙය
සුපෝෂණයට ලක් වීමේ අවදානමක් පවතන බව පෙනේ.
ඊට හේතුව යෙමට ප්‍රධාන ජල මාර්ගයක් ඔස්සේ නිරතුරුව ජලය එකතු වීමක් හා ඉන්
ජලය ඉවත් වීමක් සිදු නොවන බැවිනි. ඒ තුළ රාජජකීය පොණෙහි ජලය ගුණාත්මක ව පහත්
වැටීමේ අවදානමක් පවතී.
වෙනත් උපායමාර්ග
උඩවත්තකැලේ වන උද්‍යානය
සංරක්ෂණය කිරිම සඳහා ම නොවුණ ද ඒ ආශ්‍රයෙන් කෙරෙන යම් යම් කටයුතු මඟින් එහි වක්‍ර
ප්‍රතිඵලයක් වශයෙන් සංරක්ෂණ කෘත්‍යය ද සිදු වන බව පෙනේ. විශේෂයෙන් ම මෙම වන උද්‍යානය
ආශ්‍රයෙන් පවතින සේනාසන මඟින් යම් ආකාරයක සංරක්ෂණයක් සිදු වන බව කිව හැකිය. ඒ මන්ද
යත් සේනාසන සහ ලෙන් සහිත ප්‍රදේශවලට පිවිසීම සහ ගමන් කිරීම ඉතා සීමිතව සහ
සැළකිල්ලෙන් යුතුව කළ යුත්තක් වන නිසාත් සේනාසනයෙහි වැඩ වාසය කරන පූජ්‍ය පක්ෂය
නිසාත් වන උද්‍යානය නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ට ඒ ආශ්‍රිතව කිසිදු වන හානියක් සිදු
කළ නොහැකි වීමෙනි. අනෙක් අතින් මෙහි ආරක්ෂාව උදෙසා ඇති කර තිබෙන ප්‍රජා කමිටු
මඟින් ද වන උද්‍යානයේ මතු ආරක්ෂාව පතා යම් සංරක්ෂණයක් වර්තමානයේ දී සිදු වන බව කිව
හැකිය.
එසේ ම අධ්‍යාපන ප්‍රවේශය
ඔස්සේ සැළකීමේ දී මෙම වන උද්‍යානය ඇසුරු කරගෙන විවිධ අධ්‍යයනයන් හා පර්යේෂණ සිදු
වන බව පෙන්වා දිය හැකිය. එයින් සංරක්ෂණ කෘර්තව්‍යය උදෙසා යම් දායකත්වයක් ලැබෙන බව
පෙනේ. ඒ පාරිසරික සැලසුම් සකස් කරනු වස් ඒවායේ නිගමන ඇසුරු කර ගන්නා බැවිනි.
එනමුත් එම අධ්‍යයන හා පර්යේෂණ වාර්තා පොදු ජනතාව අතරට යාම ඉතාමත් ම පහළ මට්ටමක
පැවතීම තුළ මහජන දැනුවත් භාවය අවම වේ. ඒ උද්‍යානයේ නව තත්ත්වය පිළිබඳ මහජනතාව
අවිඥානක වීම නිසාය. එහෙත් මේ සම්බන්ධ
තොරතුරු අන්තර්ජාලයට මුදාහැර තිබීම මඟින් අන්තර්ජාල පරිහරණය කරන්නන් බොහෝ දෙනෙක්
එහි වටිනාකම හඳුනාගනු ඇත. එමෙන් ම වන උද්‍යානය නරඹන්නන්ට අත් පත්‍රිකා බෙදා දීම,
මාර්ගෝපදේශනය, සංරක්ෂණ පියස හා
තොරතුරු මධ්‍යස්ථානය මඟින් තොරතුරු ලබා දීම ආදී ක්‍රියාමාර්ග ද වක්‍රව හෝ සමස්ත වන
උද්‍යානයේ සංරක්ෂණ කාර්යය කෙරෙහි යම් කෘත්‍යයක් ඉටු කරන බැවින් සාර්ථක ක්‍රියාමාර්ග
වශයෙන් පෙන්වා දිය හැකිය.
උඩවත්තකැලේ උද්‍යානය සංරක්ෂණය
කිරීම සදහා නව යෝජනා
- වනාන්තය හා සම්බන්ධ ආරක්ෂිත වැඩපිළිවෙල පවතින තත්වයට වඩා විධිමත් කිරීම.මෙම වන උද්‍යානය අවට ප්‍රදේශයෙන් වෙන්කර ඇත්තේ මායිම් කණු පමණක් යොදා ගෙනවේ.නමුත් මෙහි ආරක්ෂාවට එම ක්‍රියාමාර්ගය ප්‍රමාණවත් නොවන බැවින් මායිම වටා ආරක්ෂිත වැටක් යෙදීම සිදු කල හැකිය.
- මිනිස් බලපෑම් වැඩි වශයෙන් සිදුවන ස්ථාන හදුනාගෙන එම ස්ථාන සදහා ආරක්ෂකයින් යෙදවීම. දැනට දිවාකාලයෙදි පමණක් වනාන්තරය තුළ ආරක්ෂිත වැඩපිළිවෙළක් දියත්වන අතර එය රාත්‍රි කාලයෙදී ද දියත් කිරීම
- ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම හා ඵ් වෙනුවට ජෛවවිවිධත්වයකින් යුක්ත ශාක වගා කිරීම.මෙහිදී මෙම පරිසර පද්ධතියට විශාල තර්ජනයක් වී ඇති වල්සාම්බ්‍රානි , මහෝගනී වැනි ශාක තීරු වශයෙන් ඉවත්කර මෙම ප්‍රදේශයට ආවේණික වු ශාක විශේෂයන් ව්‍යාප්ත කිරීමේ කඩිනම් ව්‍යාපෘතියක් දියත් කිරීම. උදාහරණ ලෙස පහත ආකාරයට එය සිදුකල හැකිය.
- වනාන්තරයට අහිතරකරලෙස බලපාන කිසිදූ මානව ක්‍රියාකාරකමක් සිදුකිරීමට ඉඩනොදීම සදහා නව නීති සම්පාදනය කිරීම. උදා :වනාන්තරය අවට ජනතාවට දර ලබා ගැනීමට වුවද පැමීණීමට ඉඩනොදීම.
- වනාන්තරය අභ්‍යන්තරයේ ඇති මාර්ග ව්‍යාප්තිය සීමා කිරීම. මෙම වනාන්තර භූමිය අක්කර 104 පමණ ප්‍රමාණයකින් යුක්ත වන අතර වනාන්තරයට හානිදායකවන අන්දමින් ප්‍රවේශ මාර්ග නිර්මාණය වී ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ. ඇතම් ස්ථාන වල මර්ග පිරවීම සදහා ශාක සහිත භූමිය කපා පස් ලබා ගැනීම සිදූ කර ඇති බැවින් ස්වාභාවික සුන්දරත්වයට හානිවී ඇත. එම නිසා වනාන්තරයට හානියක් නොවන අන්දමින් ඊට සුදූසු ප්‍රවේශ මාර්ග ඇතිකිරීම සිදූ කළහැකි ය.
- කොන්ක්‍රීට් යොදා කානු සහ මාර්ග ඉදිකිරීම වෙනුවට කලු ගල් යොදා ගැනීම තුළින් ජලය මතුපිට අපදාවය අඩුකර පස තුළට ජලය කාන්දූ වීම වැඩිකර මතුපිට ඛාදනය අවමකර ගත හැකි ය.
- වනාන්තරයට පැමිණෙන දේශීය හා විදේශිය සංචාරකයින් සදහා මග පෙන්වන්නෙකු යෙදවීම මගින් ඔවුන්ගෙන් වනාන්තරයට වන හානිය අවමකර ගත හැකිවේ.
- පාරිසරික සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා අවදානය යොමුකිරීම.
- පාංශු ඛාදනය අවම කිරීම සදහා ක්‍රියා මාර්ග ගැනීම හා පරිසරහිතකාමී පාංශු සංරක්ෂණ ක්‍රම යොදා ගැනීම. එහිදී ගල් වැටියෙදීම වැනි සංරක්ෂණ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරිම.
- නව වන වගාවන් කිරීමේදී ඒකීය බිම් තට්ටු ක්‍රමය හෝ සමෝච්ඡ වේදිකා ක්‍රම යොදාගෙන වගාවන් සිදුකිරීම. ඊට අමතරව දෙවැටි , සැවැන්දරා වැටි , ආවරණ වගාවන් , තෘණ වගාවන ආදිය යටිරෝපනයන් ලෙස සිදු කල හැකිය.
- රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයන්ගේ සහයෝගය ලබාගනිමින් ශාක හා සතුන් සංරක්ෂණය සදහා නව ක්‍රියාමාර්ග ගැනීම.
- සංරක්ෂණය පිළිබද නව නීති හා ප්‍රතිපත්ති සම්පාදනය හා තිබෙන නීති බලාත්මක කිරීම.
- මෙහි තිබෙන පරිසරික ,සංස්කෘතික වටිනාකම පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීම සදහා විවිධ මට්ටමෙ දැනුවත් කිරීමේ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම.
- වනාන්තරය සදහා එල්වන මානව හා ස්වාභාවික බලපෑම් හදුනා ගැනීම සදහා නව තාක්ෂණය යොදා ගැනීම.
මෙම ලිපිය 2014 දී උඩවත්ත කැලේ රාජකීය වන උද්‍යානය තුළ සිදුකරන ලද ක්ෂේත්‍ර අධ්‍යයනයකට අනුව සකස් කරන ලදී
No comments:
Post a Comment