වනාන්තර සංරක්ෂණය
“ගෝලීය වනහරණය” වර්තමානයේ ඉස්මතු වී ඇති ප්‍රබලතම පාරිසරික ගැටලුවයි. මානව වර්ගයාගේ නිර්ගමනයේ පටන් ශිෂ්ට සම්පන්න නූතන සමාජ ක්‍රමය බිහිකර ගැනීම සඳහා මිනිසා විසින් සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට විවිධාකාරයෙන් වනාන්තර උපයෝගී කොටගත් අතර වනාන්තතර භාවිතයේ ත’ව්‍රතාවය වැඩිවීමත් සමඟ වනාන්තර ප්‍රමාණාත්මකව හීන වීම වේගවත් විය. ඒ අනුව පහත සිතියමේ දැක්වෙන ආකාරයට එක් එක් රටවල වනාන්තර ප්‍රතිශතය වාර්ෂිකව පහළ බැසීමක් සිදුවේ.
මුලාශ්‍රය: FAO
මෙම තත්වය ශ්‍රී ලංකාව තුළද හඳූනාගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ වන වැස්ම කාලයත් සමඟ අඩු වී ඇති බවක් හඳූනා ගතහැකිය. එම අඩුවීමේ ප්‍රමාණය පහත වගුව මඟින් පැහැදිලිව දක්වා තිබේ.
මෙලෙස සිදුවන ශ්‍රී ලංකාවේ වන හරණය විශාල වූ සමාජීය හා පාරිසරික ගැටලු රාශියක් ඇති වීමෙහිලා ප්‍රධාන සාධකය බවට පත්ව තිබේ. එහිදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ජෛව විවිධත්වය හායනය, පාංශු ඛාදනය වීම, ජල උල්පත් සිදීයාම ආදී පාරසරික ගැටලු ඇති වී තිබේ. මේ අනුව වන හරණය උග්‍ර පාරීසරික ගැටලුවක් බවට පත්ව ඇති නිසා වන සංරක්ෂණය කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමුවී තිබේ. මුල් අවධියේ දී වනාන්තර සංරක්ෂණය පිළිබඳ විද්වතුන් අතර පමණක් සාකච්ඡාවට ලක් වූවද පසුව එය පොදු ජනතාව තුළින් ද පුළුල් ලෙස සාකච්ඡාවට බඳූන් වි ඇත.
කෙසේ නමුත් වනාන්තර සංරක්ෂණය අනිවාර්යෙන්ම කළ යුත්තක් බවට පත්ව තිබේ. ඒ මන්ද යත් හීනවන වන ආවරණය මත පදනම්ව විවිධාකාර ගැටලු උද්ගතව තිබීමත්, එම පාරිසරික ගැටලු මානවයා ඇතුළු මිහිපිට සමස්ත ජීවීන්ගේ පැවැත්මට බාධා පමුණුවන නිසාය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වනාන්තර සංරක්ෂණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ශීර්ෂයන් කිහිපයක් යටතේ බෙදා දැක්විය හැකිය.
- නීතිමය විධිවිධාන
- ආයතනමය විධිවිධාන
- ප්‍රජාමූල විධිවිධාන
වනාන්තර සංරක්ෂණය සම්බන්ධයෙන් ගෙන ඇති විධිවිධාන අතර 1986 වනාන්තර පිළිබඳ පළමු මහ සැළැස්ම ප්‍රධාන වේ. ඉන්පසුව 1993 වන අංශයේ මහ සැළසුම, 1995 ජාතික වනාන්තර ප්‍රතිපත්තිය ආදීය පෙන්වා දිය හැකිය. වනාන්තර සංරක්ෂණය සඳහා ගෙන ඇති ආයතනමය විධිවිධාන අතරට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවීම, වන ජීවී දෙපාර්තමේන්තුව පිහිටුවීම,ක්‍රම සම්පාදන හැකියා වැඩි දියුණු කිරීම, සැළසුම් යාවත්කාලීන කර කළමනාකරණ තොරතුරු පද්ධති භාවිතා භාවිතා කිරීම ආදිය පෙන්වා දිය හැකිය. ඊට අමතරව රුක් රෝපණ වැඩසටහන්, වනවගා ව්‍යාපෘති, සහයෝගීතා සේවා වැඩසටහන් ක්‍රියාත්මන කිරීම ආදිය වන සංරක්ෂණය සඳහා යොදාගත් ප්‍රජාමූල විධිවිධාන වශයෙන් පෙන්වා දිය හැකිය.
වන සම්පත් සංරක්ෂණය සඳහා ජාතික වශයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග
වන සම්පත් සංරක්ෂණය සඳහා ජාතික වශයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග
වර්තමාන ලෝකයේ සෑම රටකම පාහේ ඒ ඒ රටට සුදුසු යෝග්‍ය පරිදි සකස් කරගත් පාරිසරික නීති හා නියෝග ක්‍රියාත්මක වේ. මේ යටතේ ශ්‍රී ලංකාව තුළ වන සංරක්ෂණය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විශ්ලේෂණය කෙරේ. ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණය පිළිබඳව සාකච්ඡා කිරිමේදී එහි ඉතිහාසය අධ්‍යයනය කිරීම වැදගත් වේ. පැරණි රජ දවස පාරිසරික නීති රීති හා නියෝග පැවති බවට සාක්ෂි පැවැතීම මෙයට උදාහරණ වේ. රාජකීය උද්‍යාන මෙන්ම මහමෙවුනා උයන වැනි වෙහෙර විහාර වටා ඉදිකළ උද්‍යාන මගින් පාරිසරික ගුණය හා සෞන්දර්යය පවත්වා ගෙනයාමට එකළ තිබූ උනන්දුව තුළින් එය පැහැදිලි වේ. අනුරාධපුර මහමෙවුනා උයන ලංකාවේ මෙන්ම ලෝකයේ ප්‍රථම වනෝද්‍යානය ලෙස පිළිගැනීම ද මෙයට කදිම නිදර්ශනයකි. කෙසේ වෙතත් නීති රීති පිළිබඳ වර්තමාන තත්ත්වයන්ගෙන් පැහැදිලි වන්නේ නීති රීති පැනවීම දැනට වසර 100-150 කට පෙර යටත්විජිත සමය තුළ ආරම්භ වූ බවයි. ඒ අනුව ලංකාවේ වන සංරක්ෂණය පිළිබඳ පවතින නීති රීති 1980 ට පෙර පැවති හා 1980 ට පසු පැවති වශයෙන් කාලසීමාවන් දෙකක් යටතේ පැහැදිලි කළ හැකි වේ.
ශ්‍රී ලංකාවේ 1980 ට පෙර පැවති නීති හා නියෝග
වනාන්තර සංරක්ෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ නීතිමය විධිවිධාන 1907 වන ආඥාපනත මගින් තහවුරු විය. මෙම පනත මගින් රජයේ වනාන්තරවල ආරක්ෂාව සඳහා පියවර ගණනාවක්ම ගනු ලැබීය. වනද්‍රව්‍ය ඉවත් කිරීම, නීති විරෝධී ලෙස දැව කැපීම, වන හායනය, අනවසර පදිංචිය, යන ක්‍රියාවන්ගෙන් වනාන්තර ආරක්ෂා වන රක්ෂිත පද්ධතියක් ප්‍රකාශයට පත් කිරීම හා වන ද්‍රව්‍ය ප්‍රවාහනය තහනම් කිරීම ආදිය එහි විධිවිධාන විය. 1924 වර්ෂයේ පැළෑටි ආරක්ෂණ ආඥාපනත හරහා හානිකර ශාක, වසංගත හා රෝග කාරක සහිත ශාක ආනයනය පාලනය කරන ලදී. එමෙන්ම 1957 දී පනවන ලද සත්ව හා ශාක ආරක්ෂණ ආඥාපනතින් ජාතික රක්ෂිත වල සත්ව හා ශාක ආරක්ෂාවටත් ඉන් බාහිර ඕනෑම ස්ථානයකදී මුවා, අලි ඇතුන්, මී හරකුන්, පක්ෂීන් වැනි සතුන් දඩයම් කිරීමද, නම් කරන ලද ඇතැම් ශාක වර්ග නෙළා ගැනීමද නීති විරෝධී ලෙස ප්‍රකාශ විය.
මේ අනුව 1980 ට පෙර පැවති පාරිසරික අණ පනත් හා නීති රීති වලින් පැහැදිලි වන ප්‍රධාන ලක්ෂණයක් නම් ඒවා බොහෝදුරට විවිධ ආයතන, දෙපාර්තුමේන්තු, මණ්ඩල හා වෙනත් සංවිධාන අතර බෙදීගිය වගකීම් ලෙස පැවති බවයි. ඒ හරහා කොතරම් දුරට අපේක්ෂිත අරමුණු ඉටුකරලීමට ක්‍රියාත්මක වූවාදැයි යන්න ගැට`ථවකි. උදාහරණ වශයෙන් 1907 තරම් වූ පැරණි කාලයේ සිටම වන ආඥාපනත ක්‍රියාත්මක වුවද ඉහළ කඳුකරයේ මෙන්ම අනෙකුත් ප්‍රදේශවල තිබූ වනාන්තර පසුගිය වසර 100ක පමණ කාලය තුළ කොතරම් දුරට අඩුවී තිබේද යන්න සැළකීමේදී ඒ බව පැහැදිලි වේ. ඒ අනුව පරිසර නීති රීති තිබුණද ඒවා ප්‍රමාණවත් නොවීම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවීම හරහා සම්පත් සංරක්ෂණය නිසි අයුරින් සිදුවී නොමැත. මේ තත්වය යටතේ නොයෙකු් ස්වාභාවික සම්පත් පරිහරණයට නීති විරෝධී ලෙස ප්‍රවේශ වීමත් නීති රීති නොසලකා හැරීමත් බොහෝ අවස්ථාවල සිදුව තිබේ.
ශ්‍රී ලංකාවේ 1980 ට පසු පැවති නීති හා නියෝග
1980 දශකය ආරම්භ වීමට ප්‍රථම සිදුවූ විශේෂ සිදුවීමක් වූයේ 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධ ජාතික යුතුකම නීතිගත කරන ලදී. එනම්, “ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම පරිසරය ආරක්ෂා කිරීම සඳහා නීතියෙන් බැඳී සිටී” (28 වැනි වගන්තිය, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව). ඒ අනුව 1980න් පසු ලංකාව තුළ පරිසර සංරක්ෂණය සඳහා ගෙන ඇති විධි විධාන පහත පරිදි පැහැදිලි කළ හැකිවේ.
1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත
මෙම පනත ලංකාවේ මෙතෙක් පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ හොඳම නීතිමය ලියවිල්ලක් වශයෙන් හැඳින්විය හැකිවේ. මෙහි මූලික අරමුණ වූයේ විවිධ ආයතන, දෙපාර්තුමේන්තු ආදිය මෙන් දැඩි ලෙස විතැන්ව පැවති පාරිසරික නීති එක්තැන් කිරීමේ අරමුණත්, මධ්‍යම අධිකාරිය පිහිටුවීමත් ය. මධ්‍යම පරිසර අධිකාරියේ බලතල කාර්යය හා යුතුකම් ප්‍රකාශයට පත්කිරීමත් එමගින් පරිසරය ආරක්ෂා කිරීමත් කළමනාකරණය හා වැඩි දියුණු කිරීමෙහිලා විධිවිධාන පාරිසරික ගුණය පාලනය, නඩත්තුව හා පාලනය කිරීමේ විධිවිධාන සහ පරිසර දූෂණය වැළැක්වීම ආදී විධිවිධාන 1980 පාරිසරික පනත හරහා නීතිගත විය.
යෝජිත ජාතික පාරිසරික පනත් කෙටුම්පත
ජාතික වශයෙන් පාරිසරික ක්ෂේත්‍රය තුළ මෑතකදී උද්ගත වී ඇති තත්වයන්ට හා නව ප්‍රවණතාවලට අනුව ඵලදායී පාරිසරික කළමනාකරණයක් සඳහා 1980 ජාතික පාරිසරික පනත මගින් ඇතිකළ නීතිමය විධිවිධාන ප්‍රමාණවත් නොවීය. එබැවින් එම පුරප්පාඩු සපුරාලීමටත්, වඩාත් ඵලදායී පාරිසරික කලමනාකරණයක් සඳහා ප්‍රමාණවත් විධිවිධාන සලසන නව පනතක අවශ්‍යතාව පැහැදිලි විය. ඒ අනුව 1996 යෝජිත ජාතික පාරිසරික පනත් කෙටුම්පතේ පූර්විකාවේ ශ්‍රී ලංකාවේ සෑම රටවැසියෙකුම මෙම පනත යටතේ සකස් කරන පාරිසරික කළමණාකරණ මූලධර්ම අනුගමනය කිරීමත්, ජාතික පාරිසරික ප්‍රතිපත්තිය අනුව ක්‍රියාකිරීමටත් නීතියෙන් බැඳී ඇති බව අවධාරණය කරයි.
ඒ අනුව මෙම කෙටුම්පත හරහා පාරිසරික කළමණාකරණ මූලධර්ම 12ක් හා ජාතික පාරිසරික ප්‍රතිපත්තියකට පදනම් විය යුතු කරුණු 4ක්ද ප්‍රකාශට පත්කර ඇත. එනම්,
- රටේ වෙසෙන සෑම පුද්ගලයෙකුගේ සෞඛ්‍ය හා සුභසාධනයට ප්‍රමාණවත් පාරිසරික පැවැත්ම සහතික කිරීම
- පාරිසරික කළමණාකරණය සඳහා වූ සියලුම සංරක්ෂණ ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාවලීන් සඳහා රටේ ජනතාවගේ උපරිම දායකත්වය හා සහභාගීත්වය ඇති කිරීම
- ජනසංඛ්‍යා වර්ධනයේ සීඝ්‍රතාව හා ලබාගත හැකි සම්පත් ප්‍රමාණය අනුව වත්මන් හා අනාගත පරපුරට හා සෑම පුද්ගලයෙකුටම පාරිසරික සම්පත් සමානව බෙදීයන පරිදි සම්පත් පරිහරණය හා සංරක්ෂණය
- පරිසරය හා ස්වාභාවික සම්පත්ද, සංස්කෘතික උරුමය ද වත්මන් සහ අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීම
මෙම පනත නිසි ලෙස ක්‍රියාත්මක කිරීම හා ප්‍රමාණවත් නෛතික බලය අදාළ ආයතනවලට පවරා ඇති බැවින් පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත දඩුවම් නිර්දිෂ්ට කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්ති හා සැලසුම්
ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්ති හා සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී සැළසුම් හා ප්‍රතිපත්ති කිහිපයක් වැදගත් වේ. මෙයින් වන ප්‍රතිපත්තිය හා ඉඩම් ප්‍රතිපත්ති ඉතා දිගු කලක සිට එම අංශවල වන සම්පත් සංවර්ධනය හා සංරක්ෂණය කිරීමේ පදනම වශයෙන් පැවතුණි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වන ප්‍රතිපත්තිය 1929 දී ඉදිරිපත් විය. 1953දී ද නව වන ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්විය. මෙය නැවත වරක් 1972 දී සංශෝධනය විය. 1994 වර්ෂයේදී වන සංරක්ෂණ මහ සැලැස්ම මගින් යළිත් වරක් නව වනාන්තර ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්විය. ඉතා දිගු කලක සිට පාරිසරික නීති හා සැලසුම් ලංකාව තුළ පැවතුණ ද නිශ්චිත ලෙස ප්‍රකාශිත ජාතික පරිසර සංරක්ෂණ ප්‍රතිපත්තියක් මේ දක්වා ඉදිරිපත් වී නොමැත.
පරිසර සැලසුම්
විවිධ ස්වාභාවික වන සම්පත් සංරක්ෂණය සඳහා මුල්කොටගත් සැලසුම් කීපයක් දැනට ප්‍රකාශයට පත්ව ඇති අතර ඇතැම් ඒවා ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. වන සංරක්ෂණ මූලික සැලැස්ම එයින් ප්‍රමුඛ වේ. මෑතකදී ඉදිරිපත් කරනු ලැබූ සැලසුම් කීපයක් පහත දැක්වේ. එනම්,
- අලි ඇතුන් සංරක්ෂණය පිළිබඳ සැලැස්ම
- දේශගුණික වෙනස්වීම් පිළිබඳ ජාතික කාර්යමය සැලැස්ම
ආදිය ප්‍රධාන වශයෙන් පවතින සැලසුම් වේ. මීට අමතරව වනජීවී සංරක්ෂණය යනාදිය සම්බන්ධයෙන් වූ ජාතික සැලසුම් දැනට යෝජිත තත්ත්වයේ පවතී.
ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ මහ සැලැස්ම
ජල සම්පත්, පාංශූ හා ජෛව විවිධත්වය මෙන්ම පාරිසරික තුලනය සංරක්ෂණය සම්බන්ධයෙන් වනාන්තර විසින් ඉටුකරන කාර්යය ඉමහත්ය. සීඝ්‍රයෙන් සිදුවන වන නාශනය හා වන හායනය පාලනය කිරීම සම්බන්ධයෙන් නිසි සැලැස්මක් 1980 ට පෙර නොපැවතිණි. ඒ අනුව 1980 දශකයේ මුල් භාගයේදී ජාතික ඒකාබද්ධ වන සංවර්ධන සැලැස්මක අවශ්‍යතාව දැනුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වන සංරක්ෂණ මහ සැලැස්ම 1986 දී සකස් කරනු ලැබීය. එහෙත් සැලසුම් සකස් කිරීමට පෙර අත්‍යවශ්‍ය අංශවලින් ප්‍රමාණවත් තරම් උපදෙස් ලබානොගැනීම, ප්‍රමාණයට වඩා වන නිෂ්පාදන අංශයට ප්‍රමුඛතාවදීම හා පාරිසරික හා ජෛව විවිදත්ව සංරක්ෂණය ආශ්‍රිත ගැටලු කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමුනොකිරීම වැනි අඩුපාඩු හේතුකොටගෙන මෙම සැලැස්ම විවේචනයට ලක්විය.
මේ අනුව පළමු සැලැස්මේ පැවති අඩුපාඩු මගහරවා ගනිමින් වන කර්මාන්ත අංශය වෙත වැඩි අවධානයක් යොමුවෙන නව සැලැස්මක් 1995 වර්ෂයේදී සකස් කෙරිණි. මෙම සැලැස්මේ අවධානයට ලක්වූ ප්‍රධාන කරුණ කීපයක් පවතී. එනම්,
- ශාකවලින් වනජීවීන්ගෙන් සමන්විත වන ජෛව විවිධත්ව ගබඩාවක් වශයෙන් දැනට ඉතිරිව ඇති සියලුම ස්වාභාවික වනාන්තර සංරක්ෂණය කිරීම
- ජනතාව සහ ග්‍රාමීය ප්‍රජාවන්ට ඔවුන්ගේම ප්‍රයෝජනය සඳහා බහුවිධ ප්‍රයෝජන වනාන්තර සුරැකීමට හා කළමනාකරණයට බලය පැවරීම
- වන සංරක්ෂණ කටයුතුවලදී ජනතා සහභාගීත්වය සහිතව ජනතාව හවුල් කරගැනීම
- ජනතාවගේ මූලික අවශ්‍යතා සහ කාර්මික දැව සැපයුම සඳහා ගෙවතු කෘෂි වන වගා හා වන වගාවන් සංවර්ධනය කිරීම
- ප්‍රතිපත්ති හා නීති ප්‍රතිසංස්කරණය
- වන කර්මාන්තයට සම්බන්ධිත රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල කටයුතු ශක්තිමත් කිරීම
ජාතික වන ප්‍රතිපත්තිය
ලංකාවේ දිගු කලක් තිස්සේ වන ප්‍රතිපත්තියක් පැවතුණ ද එය කලින් කලට වෙනස්වීම් ඇති විය. ඒ අනුව එතෙක් පැවති තත්ත්වයන් සලකා නව ජාතික වන ප්‍රතිපත්තියක් 1995 දී ප්‍රකාශ කරන ලදී. මෙම ප්‍රතිපත්තිය මගින් ජලය, පස හා ජෛව විවිධත්වය සුරැකීම සඳහා දැනට ඉතිරිව ඇති ස්වාභාවික වනාන්තර ප්‍රමාණය රැකගැනීමට මෙන්ම දිවයිනේ සමස්ත ශාක ආවරණය වැඩි කරලීමේ අවශ්‍යතාවද අවධාරණය කරන ලදී. එමෙන්ම බහුවිධ ප්‍රයෝජන සහිත වනාන්තර ප්‍රවර්ධනය කරන අතර ආරක්ෂිත වන පද්ධතියෙන් පරිබාහිර වන බිම් පෙදෙස් දර හා දැව නොවන නිෂ්පාදන ප්‍රවර්තනීය වශයෙන් සැපයීම ද අපේක්ෂා කළ යුතුබව මෙහි සඳහන් වේ.
වනාන්තර ආරක්ෂා කිරීම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලට පමණක් තනිව සිදුකළ හැකි දෙයක් නොව ඒ සඳහා විශාල ජනතා සහභාගීත්වයක් අවශ්‍ය බව වන ප්‍රතිපත්තියේ සඳහන් වේ. ඒ අනුව වන ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණු කීපයක් පවතී. එනම්,
- අනාගත පරපුර සඳහා පස, ජලය හා ජෛව විවිදත්වය මෙන්ම සංස්කෘතික, ආගමික සාරධර්ම හා සෞන්දර්යාත්මක වටිනාකම් සංරක්ෂණය කිරීම
- වත්මන් පරපුරේ හා අනාගත පරපුරේ අවශ්‍යතාවන් ඉටුකරලීමට වන නිෂ්පාදන හා වන සේවාවන් වැඩිදියුණු කිරීම හා ශාක අවරණය ව්‍යාප්ත කිරීම
- ආර්ථික සංවර්ධනයේ සමානාත්මතාව හා ග්‍රාමීය ජනතාවගේ සුභසිද්ධිය උදෙසා වනාන්තරවල දායකත්වය වැඩි කිරීම
පෞද්ගලික වනාන්තර හා වෘක්ෂ සම්පත් සම්බන්ධ ප්‍රතිපත්තිය
- වෙළඳපොල හා ගෙදර දොර අවශ්‍යතා සඳහා දැව හා දැව නිෂ්පාදන සැපයීමේ උපාය මාර්ගයක් වශයෙන් ගෙවතු හා කෘෂි වන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම
- පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශවල ආරක්ෂාව සඳහා එම ප්‍රදේශවල ජනතාවගේ ද ග්‍රාමීය ප්‍රජාව, රාජ්‍ය නොවන ආයතන හා වෙනත් රාජ්‍ය නොවන අංශවල සහභාගීත්වය ප්‍රවර්ධනය කිරිම
වන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමේ උපාය මාර්ග
මෙහිදී වනාන්තර සඳහා තිරසාර භූමි පරිභෝගයක් පිහිටුවා ගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් වනාන්තර කළමණාකරණය සඳහා වනාන්තර වර්ග කිරීම සිදුකරයි. එනම්,
පළමු ශ්‍රේණියේ වනාන්තර
මෙම වනාන්තර ජෛව විවිධත්වය, පස හා ජලය ආරක්ෂා කිරීමටත්, ඓතිහාසික, සංස්කෘතික ආගමික හා සෞන්දර්යාත්මක වටිනාකම් රැකෙන පරිදි සංරක්ෂණය කළ යුතුවේ.
දෙවන ශ්‍රේණයේ වනාන්තර
පළමු ශ්‍රේණියට අයත් වනාන්තර හැර අන් සියලුුම රක්ෂිත වනාන්තර මෙයට අයත් වේ. මේවා වනාන්තර පර්යේෂණ, පෝෂක ප්‍රදේශ ආරක්ෂාව, වනජීවී වාසභූමි ආදිය සඳහා පමණක් යොදාගත යුතුය
තෙවන ශ්‍රේණියේ වනාන්තර
බහුවිධ ප්‍රයෝජන වනාන්තර වශයෙන් සැළකෙන මේවා නිශ්චිත කළමනාකරණ සැලසුම් සහිතව ජාතික අවශ්‍යතා සඳහා තිරසාර පදනමකින් දැව නිෂ්පාදනයෙහිලා පරිභෝජනය කළ යුතුය. මෙම වනාන්තර පළමු, දෙවන ශ්‍රේණයට අයත් වනාන්තර ආරක්ෂාව සඳහා හා ඒ වටා පිහිටයි.
මේ අයුරින් ලංකාව තුළ ජාතික වශයෙන් ස්වාභාවික සම්පත් සංරක්ෂණය සඳහා නීති හා නියෝග, ප්‍රතිපත්ති මෙන්ම සැපසුම් ඉදිරිපත් කර ඇති අතර වර්තමානය වනවිට මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ද පරිසර සංරක්ෂණය සම්බන්ධ ඉලක්ක ඉදිරිපත් වී තිබේ. එනම්, “මාගේ බලාපොරොත්තුව මේ රටේ මහ පොළොව සතා සිව්පාවා හා ගහ කොළද සමඟ බැඳුණු තිරසාර සංවර්ධනයක් ඇති කිරීමයි. මතු නරනුරටද අපේ හරිත උරුමය දායාද කර දීමයි.” (මහින්ද චින්තන 2005). ඒ අනුව මහින්ද චින්තනයේ ප්‍රකාශිත පරිදි 2016 දී වන සංරක්ෂණය සම්බන්ධව ඉලක්ක පහත පරිදි දැක්විය හැකිවේ.
මහින්ද චින්තන 2005 හි සඳහන් වන වනාන්තර සම්බන්ධ ඉලක්ක
- සැලසුම්කර ඇති පරිදි 2016 වනවිට හෙක්ටයාර මිලියන 1.9 දක්වා සියයට 30 කින් වන ආවරණය වර්ධනය
- මුඩු හා කනාටු ඉඩම් ප්‍රතිශතය සියයට 50 දක්වා අඩුකිරීම
- අඩු වූ කඳුකර වනාන්තර සියයට 90-100 දක්වා නැවත වගාකිරීම
- ආරක්ෂිත ප්‍රදේශ හා වනජීවී සංරක්ෂණය පිළිබඳ ඉලක්ක
- සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් සියයට 25ක් හෝ අවම වශයෙන් සංරක්ෂණය කිරීම
මේ අයුරින් විවිධ ක්‍රමවේද ඔස්සේ ලංකාවේ ස්වාභාවික වනාන්තර පරිසර සම්පත් සංරක්ෂණය සඳහා නීති හා නියෝග, ප්‍රතිපත්ති, සැලසුම් මෙන්ම ඉලක්ක හරහා ක්‍රියාමාර්ග ගෙන තිබේ. නමුත් කොතරම් නීති නියෝග, ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක වුවද ලංකාවේ වන සම්පත් සංරක්ෂණය නිසි අයුරින් සිදුවනවාද යන්න ගැටලු සහගත තත්ත්වයකි. විශේෂයෙන් ආයතන අතර සම්බන්ධීකරණය දුර්වල මට්ටමක පැවතීම, දේශපාලන අතපෙවීම්, නීති විරෝධී හොර ජාවාරම් කටයුතු ආදී ප්‍රධාන හේතුන් නිසා ලංකාවේ වන සම්පත් සංරක්ෂණය නිසි අයුරින් සිදුකිරීමට ප්‍රධාන බාධාවන් වශයෙන් හඳුනාගෙන ඇත.
එමෙන්ම ලංකාවේ වන සම්පත් සංරක්ෂණය සඳහා පිහිටුවා ඇති සංවිධාන රාශියක් පවතී. විශේෂයෙන් මේ අතර රාජ්‍ය අංශයේ සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද පවතිනු හඳුනාගත හැකිවේ. මෙම සංවිධාන හරහා වන සංරක්ෂණය සම්බන්ධව විශාල කාර්යභාරයක් සිදුවන බව පැහැදිලි වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති පාරිසරික ආයතන පහත පරිදි ලැයිස්තු ගතකළ හැකිවේ.
පාරිසරික කටයුතු හා සෘජුව සම්බන්ධවන රාජ්‍ය නොවන ආයතන
- සංරක්ෂණය සඳහා පා නගමු (1980)
- මිහිකත ආයතනය (1986)
- ස්වාභාවධර්ම පදනම (1989)
- පාරිසරික අධ්‍යාපන ආයතනය (1992)
- වනජීවී සහ ස්වභාව සංරක්ෂණ සංගමය (1994)ජාත්‍යන්තර සංවිධානවල නියෝජ්‍යායතන
- ස්වාභාවධර්මය සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංගමය
ඒ අනුව ලංකාව තුළ පිහිටුවා ඇති පරිසර සංරක්ෂණය පිළිබඳ ප්‍රධාන ආයතන කිහිපයක කාර්යයන් පහත පරිදි පැහැදිලි කළ හැකිවේ.
මධ්‍යම පරිසර අධිකාරිය
1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ ඇතුළත් නියෝග අනුව ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය 1981 අගෝස්තු මස පිහිටුවන ලැබීය. දිවයිනේ පාරිසරික ප්‍රතිපත්ති හා ක්‍රමෝපායන් සකස් කිරීමේ හා අදාළ විවිධ ආයතන අතර සම්බන්ධීකරණය කිරීමේ ප්‍රධානතම ආයතනය වශයෙන් වර්තමානය වනවිට ක්‍රියාත්මක වේ. මෙම ආයතනයේ ප්‍රධාන වගකීමක් වන්නේ සංවර්ධන සැලසුම්කරණයට පාරිසරික අවධානය යොමුකරවීම හා ස්වාභාවික සම්පත් හා පරිසරය පිළිබඳව තොරතුරු සැපයීම වේ. සංවර්ධන ව්‍යාපෘති මගින් පරිසරය කෙලෙසීමට හෝ පරිහානියට පත්කිරීමට වඩා එය වැඩි දියුණු කිරීමට හැකියාවක් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මූලික පිළිගැනීමයි.
ලංකාව තුළ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් සුවිශේෂී මෙහෙවරක යෙදී සිටින මධ්‍යම පරිසර අධිකාරිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම සංවර්ධන ව්‍යාපෘති සඳහා 1984 සිට ක්‍රියාත්මක වන පාරිසරික බලපෑම් තක්සේරුවක් කිරීමත්, ඒවාට මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ හා අනුමැතිය ලබාදීමත් සිදුකරයි. ලංකාවේ පරිසරය හා සංවර්ධනය ආශ්‍රිත මූලික ගැටලු වන පාංශු ඛාදනය හා කෘෂි රසායනික භාවිතය, ජල දූෂණය ආදී තත්වයන් අධ්‍යයනය කොට ඒවා පාලනයට අවශ්‍ය තත්ත්වයන් සකස් කර ඇත. මෙම අධිකාරියේ කටයුතු දීප ව්‍යාප්තව සිදුකිරීම සඳහා දිස්ත්‍රික්ක 25 තුළ පාරිසරික කාර්යාල 25ක් ස්ථාපිත කර ඇති අතර බලතල එම ඒජන්සි හරහා ක්‍රියාත්මක වේ.
දිස්ත්‍රික්ක මට්ටමින් පාරිසරික තොරතුරු හා දත්ත එකතු කිරීම, වැඩසටහන් අධීක්ෂණය කිරීම, පොදු හා පෞද්ගලික සංවර්ධන කටයුතුවල පාරිසරික බලපෑම් පරීක්ෂාවට ලක්කිරීම, පරිසර සංරක්ෂණය හා කළමණාකරණය පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම, පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම ආදී විශාල කාර්යයන් රාශියක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් සිදුකෙරේ. 1981 සිට වර්තමානය දක්වා දිවයිනේ සංවර්ධන ක්‍රියාමාර්ගවලදී ඒවාට අදාළ පාරිසරික සංරචකය මෙහෙයවීම තුළින් මධ්‍යම පරිසර අධිකාරිය සුවිශේෂී මෙහෙයක් ඉටුකරමින් සිටී.
ස්වාභාවධර්මට සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංගමය
ලෝක සංරක්ෂණ සභාව නමින් හැඳින්වෙන ජාත්‍යන්තර ආයතනයේ ශ්‍රී ලාංකික ශාඛාවද මේ නාමයෙන්ම හැඳින්වේ. 1988දී පිහිටුවන ලද මෙය රාජ්‍ය නොවන ආයතනයක් වශයෙන් දේශීය නියෝජිතයෙකු ප්‍රධාන කොට ක්‍රියාත්මක වේ. ස්වාභාවික සම්පත් චිරස්ථායී ලෙස කළමණාකරණය, පාරිසරික ප්‍රතිපත්ති සකස් කිරීම, වාසභූමි සංරක්ෂණය, ජෛව විවිධත්වය සංරක්ෂණය, ආයතනික ධාරිතාවයන් ශක්තිමත් කිරීම, පාරිසරික අධ්‍යාපනය හා දැනුවත්කම ප්‍රවර්ධනය යන අංශ සඳහා වූ ජාතික කටයුතුවලට විවිධ ආකාරයෙන් දායකවීම, පරිසරය පිළිබඳ පුහුණු කටයුතු සිදුකිරීම, පුස්තකාලයන් පවත්වාගෙනයාම ආදිය මෙහි ප්‍රධාන කාර්යයන් වේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව
රාජ්‍ය අංශය තුළ පිහිටි පැරණිතම ආයතනයක් වන වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වනජීවී සංරක්ෂණ
කටයුතුවලට අමතරව පාරිසරික අධ්‍යන ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරකම්වල නියැළී සිටී. පාරිසරික අධ්‍යාපනය හා දැනුවත් කිරීමේ වැඩපිළිවෙල සංවර්ධනය කිරීම, පාසල් සිසුන් තුළ වනජීවීන් පිළිබඳ ඇති අවබෝධය පු`ථල් කිරීම ආදිය මෙම ආයතනයේ මූලික පරමාර්ථ වේ. එමෙන්ම විද්‍යාඥයින්ට හා අධ්‍යාපනඥයින්ට වනජීවී ක්ෂේත්‍රය පිළිබඳ පරිපූර්ණ හා දැනුවත් කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මෙහි විශේෂ අරමුණයි.මේ ආකාරයට වන සංරක්ෂණය සඳහා ජාතික වශයෙන් ගෙන තිබෙන විධිවිධාන හඳූනාගත හැකිය.
වනාන්තර සංරක්ෂණය සඳහා දැනට ගෙන ඇති සංරක්‍ෂණ උපායමාර්ග
සංරක්‍ෂණය යන වචනය ඉංග්‍රීසියෙන් ජදබිැරඩ්එසදබ ලෙස හඳුන්වනු ලැබේ. මෙය ලතින් වචන දෙකක් එකට සම්බන්ධ වීමෙන් මෙය නිර්මාණය වී ඇත. මෙහි එන ජදබ යනු ‘එක්ව’ නැතහොත් එකට යන්නය. ිැරඩැර යනු තබාගැනීම හෙවත් රැකගැනීම වේ. මේ අනුව සංරක්‍ෂණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ එක්ව තබාගැනීම හෙවත් එක්ව රැකගැනීම යනුවෙන් හැඳින්විය හැකිය. ඇතැම් විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ සංරක්‍ෂණය යනු කොටසක් අනාගත පරම්පරාව සඳහා තබාගෙන සම්පත් භාවිතා කිරීමයි. මේ අනුව සංරක්‍ෂණය යනු පරිසරය භාවිතා කරන අතරම එය ආරක්‍ෂා කරමින් එහි පැවැත්ම තහවුරු කිරීමය. එහිදී පරිසරය ප්‍රයෝජනයට ගන්නා අතරතුරම කිසියම් තීරණයන් මගින් එය ප්‍රයෝජනයට ගැනීම් පාලනය කිරීම මෙන්ම පරිසරයේ ස්වාභාවික තත්ත්වය රැක ගැනීමට අනුබලදීම සිදුකළ යුතුය.
සංරක්‍ෂණයේ අරමුණු
- ජෛව ගෝලය මත මිනිසාගේ පැවැත්ම තහවුරු කරවීම
- විශේෂ විවිධත්වය හා පරිසර පද්ධති විවිධත්වය සංරක්‍ෂණය මගින් ඒවා සැමදා පාරිභෝජනයට ගත හැනි වන පරිදි පවත්වා ගැනීම
- ජෛව ගෝලය තුල ජාන විවිධත්වය රැකගැනීම
- ජෛව විශේෂ ක්‍රම මගින් නෂ්ටවීම හැරුණුකොට මිනිසාගේ මැදිහත්වීම මඟින් සිදුවන නෂ්ටවීමේ ක්‍රියාවලිය අවම කරගැනීම හෝ නැති කිරීම
ආදීය වනාන්නතර සංරක්‍ෂණයේ ප්‍රධාන පරමාර්ථ වී ඇත.
අතීතයේ දී සමාජය පරිසරය ප්‍රයෝජනයට ගත්තද එය ආරක්‍ෂා කිරීමේ විශේෂ අවශ්‍යතාවයක් නොවීය. මෙයට හේතුව වූයේ එකළ පරිසරයට ඔරොත්තු දෙන ප්‍රමාණයෙන් ජන සංඛ්‍යාව එම පාරිසරික පද්ධති තුළ ව්‍යාප්තව පැවති නිසාත් මානව සංගහනයේ සංඛ්‍යාව ඉතාමත් සීමිත වූ නිසාය.
මුදල් මත කෙරෙන ආර්ථික කටයුතු හේතු කොටගෙන නූතන සමාජයේ පරිසරයට බලපෑම් කරන අංශ දෙකක් ඇති විය. සමාජයේ විවිධ විලාසිතා ජාත්‍යන්තර ඉල්ලුම වෙළඳ තරඟය හේතු කොටගෙන කරන අනවශ්‍ය නිෂ්පාදනය එයින් පළමුවැන්නයි. දෙවන කරුණ වන්නේ පරිසරය මත දැඩි පීඩනයක් ඇති වන ලෙස ජන සංඛ්‍යාව ප්‍රසාරණයවීමත් එම ප්‍රසාරණය සම්පත්වලට කෙරෙන දැඩි පීඩනයත්ය. මෙයින් පෙනීයන්නේ ඉහත සඳහන් පළමු කරුණ අනුව පරිසරය විනාශ නොකළද අධික ජන සංඛ්‍යාවට භාණ්ඩ සම්පාදනය කිරීම සඳහා කිසියම් පරිසරයක් හායනය වන බවය. මෙම කරුණු දෙක හේතු කොටගෙන නූතන පරිසර සංරක්‍ෂණය අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වශයෙන් හඳුනාගත හැකි වේ.
මුදල් මත කෙරෙන ආර්ථික කටයුතු හේතු කොටගෙන නූතන සමාජයේ පරිසරයට බලපෑම් කරන අංශ දෙකක් ඇති විය. සමාජයේ විවිධ විලාසිතා ජාත්‍යන්තර ඉල්ලුම වෙළඳ තරඟය හේතු කොටගෙන කරන අනවශ්‍ය නිෂ්පාදනය එයින් පළමුවැන්නයි. දෙවන කරුණ වන්නේ පරිසරය මත දැඩි පීඩනයක් ඇති වන ලෙස ජන සංඛ්‍යාව ප්‍රසාරණයවීමත් එම ප්‍රසාරණය සම්පත්වලට කෙරෙන දැඩි පීඩනයත්ය. මෙයින් පෙනීයන්නේ ඉහත සඳහන් පළමු කරුණ අනුව පරිසරය විනාශ නොකළද අධික ජන සංඛ්‍යාවට භාණ්ඩ සම්පාදනය කිරීම සඳහා කිසියම් පරිසරයක් හායනය වන බවය. මෙම කරුණු දෙක හේතු කොටගෙන නූතන පරිසර සංරක්‍ෂණය අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වශයෙන් හඳුනාගත හැකි වේ.
එසේ වුවද පරිසර සංරක්‍ෂණය ඉතාමත් සංකීර්ණ වු ක්‍රියාවලියකි. එසේ වන්නේ පරිසරය ඉතාම සංකීර්ණ සාධක මත තුලනය වූ ප්‍රපංචයක් බැවිනි. පරිසරයෙන් ලබාගන්නා ප්‍රයෝජන සහ සම්පත් විවිධ කාර්යයන් සඳහා ද අසීමිතව ද කළ යුතුය. මෙයට අමතරව පාරිසරික කළමනාකරණය ද අවශ්‍ය වන්නේ එක් එක් පාරිසරික පද්ධති පාලනය කළ යුත්තේ කුමක්ද කුමන අංශයද යන උභතෝකෝටිකය නිර්මාණය වන නිසාය. පාරිසරික කළමනාකරණය යනු, නීති පැනවීම පමණක් නොවන අතර එහිදී නෛතික අවශ්‍යතාවයක් ද පවතින අතර ඒ සඳහා විවිධ ශිල්ප ක්‍රම හා ප්‍රවේශයන් අනුගමනය කිරීමයි. පහත දක්වා ඇති ප්‍රවේශයන් භාවිතා කරමින් සිදුකරනු ලබන තිරසාර වන සංරක්ෂණය මෙයට කදිම නිදර්ශනයකි.
- තාක්‍ෂණික ප්‍රවේශය
- යාන්ත්‍රික ප්‍රවේශය
- නෛතික ප්‍රවේශය
- ජෛව විද්‍යාත්මක ප්‍රවේශය
- ශෂ්‍ය විද්‍යාත්මක ප්‍රවේශය
- අධ්‍යාපනික ප්‍රවේශය
- සමාජ ආර්ථික ප්‍රවේශය
- දේශපාලනික ප්‍රවේශය
ගෝලීය වනහරණය” වර්තමානයේ ඉස්මතු වී ඇති ප්‍රබලතම පාරිසරික ගැටලුවක් මෙන්ම ගෝලීය වශයෙන් දැවෙන ප්‍රමුඛතම ගැටලුවක් බවට ද පත්වී ඇත. මානව වර්ගයාගේ ආගමනයේ පටන් ශිෂ්ට සම්පන්න නූතන සමාජ ක්‍රමය බිහිකර ගැනීම සඳහා මිනිසා විසින් සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට විවිධාකාරයෙන් වනාන්තර උපයෝගී කොටගත් අතර වනාන්තතර භාවිතයේ ත’ව්‍රතාවය වැඩිවීමත් සමඟ වනාන්තර ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව හීනවීම වේගවත් වී ඇත. ශ්‍රී ලංකාවේ වනාන්තරයන් ද මෙකී තර්ජනයට මුහුණ පා ඇති අතර, දැනට පවතින්නා වු වනාන්තර අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම වැදගත් වේ. මෙනයින් පසුගිය දශක කිහිපය තුළ ගොඩනැගුණු බොහෝ විද්වත් හා සමාජීය කතිකාවත් පිළිබඳව අවධානය යොමුකරමින් වනාන්තර තිරසාරව සංරක්ෂණයට සැලසුම් කළ යුතු කාලය උදාවී ඇත.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
විජේසිංහ, ඉවෝන්, (1984). ශ්‍රී ලංකාවේ දේශගුණික වෘක්ෂලතා සහ කෘත්‍රිම වනාන්තර, දීපානි මුද්‍රණාලය නුගේගොඩ,දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල.
1978 - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
සඟරා හා වාර්තා
මහින්ද චින්තන (2005).
හරිත හසුන, (2003). දෙවන කලාපය, ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකා කාර්යාලය.
වෙබ් අඩවි
http://www.cea.lk/web/index.php/si
www.environmentmin.gov.lk
www.forestdept.gov.lk
www.mepa.gov.lk
www.srilankagemautho.com
www.timco.lk
No comments:
Post a Comment