පාදක කරගත් තිරසාර විසඳුමක්
අලි-මිනිස් ගැටුම වර්ෂයෙන් වර්ෂය වෙනස්‌වීම්වලට බඳුන් වේ. මෙම ප්‍රශ්නය පසුගිය වර්ෂයට සාපේක්‍ෂව මේ වර්ෂයේ උග්‍ර තත්ත්වයක් ගනී. එසේ වුවද මෙයට විසඳුමක් සොයා ගැනීම ඉතා දුෂ්කර වූවකි. මේ සඳහා යම් යම් යෝජනා හා විසඳුම් ඉදිරිපත් වුවද විද්‍යාඥයන්ගේ දෘෂ්ටිකෝණයෙන් දේශීය තාක්‍ෂණ මත ලබාදුන් විසඳුමක්‌ද නොපවතී. ප්‍රැක්‌ටිකල් ඇක්‌ෂන් ආයතනය මගින් යම් දෘෂ්ටි කෝණයකින් මේ සඳහා යම් විසඳුමක් ලබාදීමට ආයාස දරා තිබේ. මෙම ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කැලෑ ආශ්‍රිතව දිවි ගෙවන ගැමියන්ය. මෙම ගැමියන් සම්බන්ධයෙන් කුමන විසඳුමක් ලබාදීමට හැකිද යන්න පිළිබඳව ප්‍රැක්‌ටි්‍රකල් ඇක්‌ෂන් ආයතනය පර්යේෂණයක් මගින් සිදුකොට ඇත. මේ වනවිට එහි තීන්දු ප්‍රකාශයට පත්කර ඇති අතර එය මිනිසුන් අතරට පත්ව නොමැත. ඊට හේතුවී ඇත්තේ මෙම සම්මන්ත්‍රණය ඉංගී්‍රසි මාධ්‍යයෙන් පැවැත්වීමය. එය සිංහල මාධ්‍යයෙන් සිදු කළහොත් හරවත් සංවාදයකට යැමට තිබෙන ඉඩකඩ පුළුල්ය. හෙක්‌ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ගම් නියම්ගම් සිසාරා පර්යේෂණ කටයුතුවල නිරත වන බැවින් එම පණිවුඩය මෙම ආයතනය හරහා රැගෙන යැමේ හැකියාවක් පවතී. දශකයක් පමණ ගතවන විට මෙම ප්‍රශ්නය විසඳීමට හැකියාව ලැබෙනු ඇත. ප්‍රැක්‌ටි්‍රකල් ඇක්‌ෂන් ආයතනයේ අරමුණ වන්නේ මෙම දැනුම ගැමියන්ට ලබාදීමය. ගැමියන්ගේ දැනුම මෙහිදී සාකච්ඡා කරනු ලබන අතර මෙම ප්‍රශ්නයට දිගින් දිගටම උත්තරයක් සොයා ගැනීමට නොහැකි වුවහොත් කෘෂිකර්මාන්තයේදී පැවතිය යුතු වූ ප්‍රධාන සම්පතක් වූ වන සම්පත විනාශයට පත්වනු නොඅනුමානය.
මෙම ජාතික ගැටලුව සම්බන්ධයෙන් පිළිතුරක් සෙවිය යුතුය. මෙහි අන්තර්ගතය දීර්ඝ වූවකි. එය එක් එක් අදියරෙන් අදියර විමර්ශනය කළ යුතුවේ. පළමුවෙන්ම මෙම අධ්‍යයනයට අවශ්‍ය තොරතුරු ලැබුණ ආකාරයන් සොයා බැලිය යුතුය. ඊළඟ පියවරයන් කොටස් 07 කින් යුක්‌තය. මෙහි පළමු කොටස වන්නේ ගැටලු හා එහි ආදීනවය.
1. අලි මිනිසුන් මැරීම සිදු කරන අතර වගාවන් ද විනාශ කරනු ලබයි.
2. විදුලි වැට - විදුලි වැට සම්බන්ධයෙන් එහි සීමාවන් හා වර්තමාන තත්ත්වය.
3. විදුලි වැටට සාපේක්‍ෂව වෙනත් විසඳුම් ලැබී තිබේද.
4. දේශීය ඥනය හා ඥන විභාගය (ගැමියන් යම් දැනුමක්, ඥනයක් ප්‍රකාශ කළේ නම් එය විභාග කර බැලීම හා සමීක්‍ෂණය කර බැලීම ඥනය එකතු කිරීම හා විභාග කර බැලීම මෙමගින් සිදුවේ.)
5. යෝජිත විසඳුම.
6. එය ඉටු කිරීමට අදාළ කොන්දේසි ඉදිරිපත් කිරීම.
7. විදුලි වැට විසඳුම සමග සස¹ බැලීම.
මෙය අදියරෙන් අදියර සාකච්ඡා කළ යුතුය.
මූලාශ්‍රය බොහෝ සරළ එකකි. එනම් දේශීය ඥනයයි. මෙම දේශීය ඥනය ගැමියන් සතුවන අතර විශේෂයෙන්ම කටවහරෙන් පැවතෙයි. ඔවුන් ප්‍රකාශ කරන ලද ඇතැම් දේවල් විභාග කර බැලිය යුතුය. තල් සංවර්ධන මණ්‌ඩලයෙන් හා වන ජිවී දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව එහි පළමු කොටස නම් වාසස්‌ථාන වූ වනගහනය විනාශ වීමට හේතු වන්නේ සීග්‍ර ආර්ථික වර්ධනය, ජනගහන වර්ධනය, අලි ගහනය වර්ධනය වීම යන කරුණු වේ. අලි මිනිස් ගැටුම කෙරෙහි බලපාන්නා වූ සාධක කිහිපයකි. 1950 වර්ෂයේ සිට අලි මිනිස් ගැටුම හේතුවෙන් අහිමිවූ අලි ඇතුන් සංඛ්‍යාව 4200 ක් වන අතර පසුගිය දශකයේ පමණක් මියගිය අලින් සංඛ්‍යාව 1369 කි. මිනිස් ජීවිත සහ දේපළ විනාශයද අති මහත්ය. 1992 සිට 2000 දක්‌වා මරණයට පත්වූ අලි ඇතුන් සංඛ්‍යාව 536 කි. අලි ඇතුන් 160 ක් ද, මිනිස් ජීවිත 50 ක් ද වාර්ෂිකව අලි මිනිස් ගැටුම නිසා අහිමිවන බව වාර්තා මගින් තවදුරටත් පෙන්වා දිය හැකිය. මෙයට අමතරව අලි මිනිස් ගැටුම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය අධ්‍යාපන කටයුතු ඇතුළු එදිනෙදා ජීවිතය අඩාල වී ඇත. ඊට අමතරව දේශීය ඥනයේ නිශේධනාත්මකභාවය එනම් එය නොවුණා යෑයි කියා බැලීමේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු වේ.
(i) තල් වැටෙන් ආරක්‍ෂා වීමට නම් අවුරුදු 6 ක් 8 ක් බලා සිටීමට සිදුවීම.
(ii) අඩු වයසේදී තල් පැළය අලින් විසින් පාගා දමනු ලැබීම.
(iii) තල් ඇට සියල්ල රෝපණය නොවීම.
(iv) ඉදුණු තල් ගෙඩිවල සුවඳ හේතුවෙන් වල් අලි ගමට පැමිණීම.
(v) තල් වැට වගාවට හානි පැමිණවීම.
(vi) යෝධ තල් ගස් වගා බිමේ සාරය උරා ගැනීම.
(vii) වගා බිමෙන් මෙය ඉවත් කළ නොහැකි වීම.
(viii) දේශීය ඥනය නිශේධන තර්ක.
(ix) දේශීය ඥනය මත ගොඩනැඟුණු තාක්‍ෂණය හඳුනා ගැනීම.
මෙම කරුණු අනුව මෙම තල් වැට වල් අලින් ගමට ගෙන ඒමේ උපක්‍රමයක් ලෙස ගැමියන් ප්‍රකාශ කොට සිටියි. අලි තල් ගස් හොලවමින් තල් ගෙඩි වැටෙන තෙක් එළිවන තුරු ගස මුල රැඳී සිටිති. මෙම තොරතුරු ලබා ගන්නා ලද්දේ ලංකා පටුන, නිකවැරටිය හා කුරුණෑගල ප්‍රදේශයන්ගෙනි.
තල් වැට වගාවට හානි පැමිණවීම
තල්, ලූණු වගාවට හා වී වගාවට හානි පමුණුවන බැව් ගොවීන් ප්‍රකාශ කර සිටි. යෝධ තල් ගස් වගා බිමේ සාරය උරා ගනී. තල් රෝපණයේදී මුල් අඩි 2 ක් ගැඹුරට ගමන් කරයි. වගා බිමෙන් මෙය ඉවත් කළ නොහැක. තල් ගස විනාශ කිරීමට මැරීමට භූමිතෙල් යෙදිය හැකි බැව් ගැමියන් විසින් සොයා ගනු ලැබ ඇත.
දේශීය ඥනයේ නිශේධන තර්ක
හිරුඑළිය වැටිම වළක්‌වන අතර යෝධ තල් ගස් වගා බිමේ විශාල වපසරියක් වසා ගනී. වගාවට තිබෙන ඉඩම තල්ගසට වෙන් කිරීමට සිදුවන බව ගැමියන්ගේ අදහසයි.
ආංශික නිගමනය
දේශීය ඥනය නිශේධන තර්ක සංක්‌ෂිප්තව ගැනීමේදී එයින් ප්‍රකාශ වන්නේ තල් වැට වල් අලි වැළැක්‌වීමට පියවරක් වුවද වගා බිමට සුදුසු නොවන බවයි.
දේශීය ඥනය මත ගොඩනැඟුණු තාක්‍ෂණය කුමක්‌ද?
යෝජිත විසඳුම වන්නේ තල් වැටට මෙතැන් සිට ගැමියන්ට පණිවුඩය දීමට මෙම තර්කය ගොඩනැඟේ.
තල් වැටට පක්‍ෂව හා විපක්‍ෂව ගොඩනඟන ලද දේශීය ඥනය වල් අලි ගැටලුව සඳහා තිරසාර විසඳුමකට පරිවර්තනය කළ හැකිද? මෙය පර්යේෂණ කළ යුතු කොටස වේ.
තල්වැට වගා බිමේ ඇති කිරීම වෙනුවට විදුලි වැටට විකල්පයක් ලෙස වෙනස් කිරීම
තල් වැට එක පේළිය වෙනුවට සිග්සැග් ක්‍රමයට පේළි කිහිපයක් වගා කිරීම, පිළිවෙළ වෙනස් කිරීමෙන් අපට ප්‍රමාණවත් විසඳුමකට පැමිණිය හැකිය. දැනට වවා ඇති තල්වැටවල් වෙන් කිරීම අවශ්‍ය නොවේ. මෙවැනි තල්වැට වෙනුවට පේළි කිහිපයක් තිබෙන ලෙස තල් වැටවල් වැවීමට හැකිය. පේළි 2, 3 හෝ 4 ක් වැවීමට ද පුළුවන. මෙයින් වල් අලි මැඩීමට හා ප්‍රතිලාභ කිහිපයක් ලබා ගැනීමට ද හැකියාව ලැබේ. එසේ වවන වැට කොතරම් ශක්‌තිමත් වේද? මේ සඳහා.
(i) මෙතෙක් පක්‍ෂව කළ කරුණු උපයෝගී කර ගැනීමට හැකිය. තාක්‍ෂණය ගොඩනැඟිය හැකිය. ත්‍රිකුණාමලය, හම්බන්තොට, මඩකලපුව ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් හතර දෙනෙක් ප්‍රකාශ කර සිටින්නේ වල් අලි හා තල්ගස් පිළිබඳව එකම කතාවකි. මෙහි විශේෂත්වය නම් මොවුන් කිසි දිනෙක එකට හමුවී නොමැති වීමයි. සියලු කරුණු ගොනු කළ පසු යම් තර්කානුකූල පදනමක් ගොඩනැඟිය හැකිය. මෙහි ප්‍රධාන කොටස්‌කරුවන් සිව් දෙනෙකි. එනම්,
1. වහාරේ කනපතිපිල්ලේ මහතා වයස අවුරුදු 74.
2. චීන වරායේ සෝමපාල මහතා.
3. හම්බන්තොට රණවීර මහතා, ලුණුගම්වෙහෙර කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකි.
4. පුත්තලමේ අසීස් මහතා
මේ අය ප්‍රකාශ කර සිටින්නේ එකම කතාවකි. එනම්,
1. වල් අලි තල් ගස්‌වලට හානි නොකරයි.
2. ඒවායේ කටු සහිත පිති මුවහත් කරපු කියත් මෙන් තියුණුය.
මේ අය ප්‍රකාශ කර ඇත්තේ වල් අලින්ගෙන් බේරීමට තල් ගස් සිටුවීම සුදුසු බවයි. අලින්ට තල් අත්ත හොඬෙන් ඇල්ලීමට ද නොහැකි බවත් ඔවුහු ප්‍රකාශ කරති.
ඥන විභාගය
ගම් කිහිපයක තල් ගස් නිරීක්‍ෂණය කිරීමෙන් පසු පහත සඳහන් කරුණු එම නිරීක්‍ෂණයට ලක් විය.
1. සෑම තල් පිත්තක්‌ම කියත් තල මෙන් තියුණුය.
2. තල් ගස්‌වල ස්‌වභාවය වැටකට සුදුසු වේ.
3. අවුරුදු 15 ක් පුරා කටු සහිත පිති එකම ආකාරයෙන් පවතී.
මේ අනුව බලන කල දේශීය ඥනය කෙතරම් වැදගත් වේ දැයි පසක් කොට ගත හැකිය. තවද මෙම තල් අතු අවුරුදු 15 ක් පුරා පවතින අතර එම අතු ස්‌වභාවධර්මය මගින්ම හැලේ. ඕනෑම ශුෂ්ක තත්ත්වයක් යටතේ වගා කිරීමේ හැකියාව පවතී. එයට ජලය ද එතරම් අවශ්‍ය නොවේ. පොහොර ද අවශ්‍ය නොවේ. තෙත් කලාපයේ ද වගා කළ හැකිය. විශේෂයෙන් තල් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ද වැවෙන අතර කොළඹ කොටුව/ගාලු පාර, ප්‍රදේශයේද වගා කොට ඇත. දින 45 ක් ජලයෙන් යට වුවද නැවත වර්ධනය වී මෙම ශාකය නොමැරේ. වගුරු බිම්වල ද මෙම තල්ගස වැවෙන අතර ස්‌වභාවධර්මයෙන් ලබාදී ඇති මෙම තල් ගස ලුණුවලට ද ඔරොත්තු දෙයි. තල් ගස්‌වල මුල්වලට ගිනි තැබුවද එම ගස් නොමැරේ. ත්‍රිකුණාමලය, ලංකාපටුන ගමේ හේනක් නිරීක්‍ෂණයට යොමුවූ අතර එම හේනේ තල් ගස් මැරී නොතිබුණි. මෙම තල් ගසේ ආයු කාලය අවුරුදු 100 ක් පමණ වේ.
ජීව තෙල් වැටක් ඇති කිරීමෙන් ස්‌ථිර වශයෙන්ම වල් අලින්ගෙන් වගාව ආරක්‍ෂා කර ගැනීමට හැකි බැව් ගැමියන්ගේ අදහස වේ. එය දේශීය ඥනයයි. තල් ගස් හොඳින් වැඩුණු පසු යකඩ මෙන් ශක්‌තිමත්ය. වල් අලින්ට කිසිදු හානියක් සිදු කළ නොහැක. විදුලි වැටක් ඉදිකිරීමට ලක්‍ෂ 5 ක් වියදම් කිරීමට සිදු වුවද තල්වැට සඳහා කිසිදු මුදලක් වැය නොවේ. තල් වැටක් ඉදිකිරීමෙන් වල් අලින්ගෙන් වගාව ආරක්‍ෂා කිරීමට හැකිය. මෙය ඒකපාර්ශ්වික නිගමනයක් වේ.
මෙහි විද්‍යාත්මක තොරතුරු දෙස බැලීමේදී පහත සඳහන් තොරතුරු අනාවරණය වේ.
(i) අති විශේෂ අනුවර්තන හැකියාව
(ii) උද්භිද නාමය - බොරෑයස්
(iii) වර්ෂාපතනය මි.මී. 500-5000 දක්‌වා
(iv) උෂ්ණත්වය 0දී-45දී දක්‌වා
(v) මුහුදු මට්‌ටම මීටර් 800 දක්‌වා
(vi) අලි ප්‍රශ්නය තිබෙන ඕනෑම ප්‍රදේශයක මෙය වගා කිරීමේ හැකියාව
(vii) ගින්දර ඔරොත්තු දීම
(viii) ආයු කාලය වසර 100 කට ආසන්න වීම.
ගැමියන් ප්‍රකාශ කරන ලද තොරතුරු හා විද්‍යාත්මක තොරතුරු සංසන්දනය කළ හැකිය. එසේ වුවද බොහෝ ගම්වැසියන් අලි ප්‍රශ්නයට තල් වැටක් ඉදිකිරීමට විරුද්ධය. ඔවුන් පවසන්නේ වගා බිම්වල තල් වැට මගින් අතුරු ප්‍රශ්න ඇති කරන බවකි.
බෝග වගාවන්ට මහත් හානි සිදුවේ. වගාවන්හි බෝගයන් අන්තිම දිනය දක්‌වා ආරක්‍ෂා කිරීමෙන් පසු අස්‌වැන්න නෙළන පළමුදිනම මෙම වල් අලින් විසින් එය විනාශ කරනු ලබයි. එබැවින්, ගොවීන් මෙම වල් අලින් දකින්නේ සතුරකු ලෙසය. ඒ ඒ ප්‍රදේශ අනුව වී වගාව සම්බන්ධයෙන් හානි සිදුකරන ප්‍රධානම සත්වයා මෙම වල් අලින් වේ. වල් අලි හේතුවෙන් ළමුන්ට පාසල් යැමට නොහැකි වන අතර මිනිසුන්ට මහමග ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතැම් විට උද්ගත වේ. මෙම මිනිසුන්ගේ මානසික ආතතිය කිසිම අයෙක් මැන බලා නොමැත. එසේ වුවද මිනිසුන් විශාල බියකින් පසුවන අතර සවස 4.30 න් පසුව අලින් ගමට එන බැවින් ගැමියෝ එයට සූදානම් වෙති.
අර්ධ වශයෙන් හා මුළුමනින්ම මිනිසුන් විසින් අතහැර ගොස් තිබෙන ගම් පවතියි. සීගිරිය, බටුවත්ත මිනිසුන් සම්පූර්ණයෙන් ම අතහැර දැමූ ගමකි. මෙම ප්‍රශ්නය හේතුවෙන් විපතට පත් වූවෝ කවුරුන්ද? වල් අලි මෙම බිම්වල අයිතිකරුවෝය. මෙහි මිනිසුන් පදිංචි වූයේ සංවර්ධනයත් සමගිනි. මිනිසුන් වනාන්තර ආක්‍රමණය කිරීමේදී සෙසු වන සතුන් මෙන්ම අලින් ද පීඩාවට පත්වේ. අලින්ට අත්වන උවදුරු අතර වගා ළිංවලට වැටීම, වෙඩි තැබීම, වස දීම වැනි ක්‍රියාවන්ට ලක්‌වේ. විවිධ ක්‍රම මගින් පාලනය කිරීමට යැමෙන් අලි පීඩාවට පත්ව ඇත. ගැමි ජනතාවද මෙමගින් පීඩාවට පත්වන පාර්ශ්වයකි. මේ අය මුදල් තිබෙන පිරිසක් නොවන අතර කෘෂිකර්මාන්තයෙන් යෑපෙන දිළිඳුම ජනතාව ලෙස හැඳින්විය හැකිය. මේ අය මුදල් ඇත්නම් මෙම ප්‍රදේශවල පදිංචි නොවෙති. මෙසේ පීඩාවට පත් වන්නේ රටේ සිටිනා දිළිඳුම මිනිසුන් වේ. ඒ අයගේ ගම්වලට පිවිසි විට මෙම කරුණ අත්දැකීමට හැකිවේ. එකම නිවස දෙතුන් වතාවක් අලින් කඩා දමා ඇත. තවත් පිරිසක් වේ නම් සත්ත්වවේදීන්ය. මේ අයද පීඩාවට පත් වෙති. පරිසරවේදීන්, රාජ්‍ය නිලධාරීන්, දිස්‌ත්‍රික් සංවර්ධන නිලධාරීන්, විවිධ සංවර්ධන ක්‍රියාකරුවන් ද, ග්‍රාම නිලධාරීන්ද මෙසේ පීඩාවට පත් වන අය වේ. ගමේ සංවර්ධන කටයුතු සඳහා ගමට යන නිලධාරීන්ට ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ අලින්ගේ පහරදීම් පිළිබඳවය. ඒ අනුව ඔවුන්ගේ ප්‍රමුඛතාවය වෙනස් වූවකි.
අලියාගේ සිට සෑම පාර්ශ්වයකටම මෙය ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඊළඟට විදුලි වැට සම්බන්ධයෙන් සැලකීමේදී එය දැනට තිබෙන සාර්ථකම මාධ්‍යයකි. මිනිසුන්ට හා අලින්ට තමන්ගේ කටයුතු වෙන් වෙන් වශයෙන් කරගෙන යැමට හා ගැලවීමට තිබෙන මාධ්‍යය මෙයයි. පළමු විදුලි වැට 1966 වර්ෂයේදී ඉදිකර ඇත. එහි දිග කි. මීටර් 1400 කි. මෙම ප්‍රශ්නයෙන් බේරීමට විදුලි වැට දෙක තුනක් ඉදිකිරීමට සිදුවේ. සාපේක්‍ෂව බැලු විට මෙම විදුලි වැට සාර්ථක එකක් ලෙස මිනිසුන්ගේ පාර්ශ්වයෙන් බැලූ විට පෙනේ. මිනිසුන්ගේ අවශ්‍යතාව වන්නේ අලින්ගේ පැමිණීම වැළැක්‌වීමයි. අලියා නිහඬව සිටීම නිසා විදුලි වැටට අධික ඉල්ලුමක් පවතී. මෙම විදුලි වැට ඉදිකිරීම සඳහා එක් කිලෝ මීටරයකට ලක්‍ෂ 5 ක වියදමක් දැරීමට සිදුවේ. කි. මීටර් 1400 ක් ඉදිකිරීමට ලක්‍ෂ 7000 ක් වැය වේ. ආයු කාලය වසර 10 කි. වසර 10 කට පසුව එම වැට නැවත ඉදිකිරීමට සිදුවේ. මෙසේ බලන විට විදුලි වැටට අධික වියදමක් දැරීමට සිදුවන අතර සෝලා පැනල් (Solar panel) එකට හැරෙන්නට මෙම විදුලි වැට නඩත්තු කිරීම සඳහා කි. මීටර් එකකට රු. 25,000 ක් අවශ්‍ය වේ. තවද විදුලි වැට නඩත්තු කළ යුතුව ඇති බැවින් ඒ සඳහා නිලධාරීන්ගේ හිඟයක් ද පවතී. මෙම කටයුතු රජය මගින් සිදුකරනු ලබන අතර ජනතාවගේ සහායක් නොලැබේ. විදුලි වැටේ වැල් එතීම හේතුවෙන් විදුලිකාන්දු වීමක් සිදුවේ. තවද මෙම විදුලි වැටේ බාධකය වී ඇත්තේ අඩු ජන සහභාගිත්වයයි. විදුලි වැට මගින් අලින්ට මහත් අසහනයක් උදාකර දී ඇත. සමහර මිනිසුන් මෙම විදුලි වැට ආසන්නයේ කාණු කැපීම සිදුකරනු ලබයි. තවත් අය විදුලි වැට කපා හරක් ඇතුල් කරන අතර මෙය බරපතල ගැටලුවකි. විදුලි වැටේ උපරිම ඵලදායිතාවය අවුරුදු 10-12 කි.
රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය වටේ විදුලි වැටක් අවුරුදු 2 කට පෙර ඉදිකළ අතර එයට විදුලිය ලබාදී ඇත්තේ සූර්ය කෝෂ මගිනි.පසුව මෙම සූර්ය කෝෂ හොරුන් විසින් රැගෙන ගොස් ඇත. තවත් ප්‍රදේශයක විදුලි වැට සඳහා බැටරි සවි කර ඇති අතර එම බැටරි ආරක්‍ෂා කිරීමට ගොවි මහතුන් පත්වී සිටියි. ඒ අය එම බැටරි ඉන් ඉවත් කොට ඇත. උඩවලව ප්‍රදේශය අලීන්ට නිරාවරණය වූ ප්‍රදේශයකි. කෙසේ වෙතත් මෙම ප්‍රශ්නයට විදුලිවැට විසඳුමක් නොවේ.
මෙම විදුලි වැටට විකල්පයක් සෙවීමේදී බෝගන්විලා, හණ, දෙහි වැනි ශාක වගා කළද ගැමියන්ට අවශ්‍යව ඇත්තේ විකල්පයකි. එබැවින් අපගේ අවධානය දේශීය ඥනය කෙරෙහි යොමු විය යුතුය. ඒ මගින් වල් අලින් ගම් වැදීම වැළැක්‌විය හැකි ද යන්න ද සොයා බැලිය යුතය. ඒ මත මෙම
(ii) බොහොමයක් අඩුපාඩු වළක්‌වා ගැනීමට හැකිය.
(iii) අඩුපාඩු ප්‍රතිලාභ බවට පත් කිරීමට හැකිය.
(iv) තල් වැවීමෙන් අලින්ට ආහාරක් ද ලැබේ.
වියළි කලාපය අලින්ගේ ආහාර කලාප බවට පත් කිරීමට හැකිය. මෙය කෙසේ සිදු කළ හැකිද? තල් ඇටවල පැළවීමේ ප්‍රතිශතය 35% කි. එබැවින් මේ සඳහා තවාන් ක්‍රමයට යා යුතුය. රෝපණය කළ තල් පැළ සිටුවීමෙන් එය සාර්ථක වේ. විදුලි වැටට සමාන්තරව මෙම තල්වැට සිග්සැග් ක්‍රමයට සිටවීම අවශ්‍ය වේ. පේළි අතර පරතරය අඩි 5 ක් හෝ අඩි 8 ක් තිබීම සුදුසුය. අවුරුදු 8 ක් ගිය පසු විදුලි වැට ඉවත් කිරීමට පුළුවන. කිලෝ මීටරයක් වගා කළ පසු ලක්‍ෂ 5 ක ඉතිරියකි. අවුරුදු 13 ක් ඉක්‌ම ගිය පසු ගස්‌වල ඵලදාව ලැබේ. වල් අලි තල් ගෙඩි ආහාරයට ගනී. වැටට අනික් පැත්තේ සංචාරකයන්ට අවස්‌ථාව සැලසේ. වන සහ මනුෂ්‍යයා අතර සහයෝගයට නම් තල්වැට භාවිතයට ගැනීමට සිදුවේ. වල් අලින්ට තල් ගෙඩි පෝෂ්‍යදායී ආහාරයක් වේ. මැයි, ඔක්‌තෝබර් මාසවල මෙහි ඵලදාව ලැබේ. එක ගසක ඵලදාව තල්ගෙඩි 125 ක් පමණ වේ. එක ගෙඩියක බර කි. ග්‍රෑම් 1.8 ක් පමණය. එක් කි. මීටරයක ඵලදාව මෙටි්‍රක් ටොන් 270 ක් පමණ වේ. මෙම තල් ගස්‌වලින් 50% ක පමණ ගෙඩි හට ගනී. තල් වැට ආහාර වැටක් නොවන්නේද? මිනිසුන් හා අලින් බේරා ගැනීම ද අවශ්‍ය වේ. තල් ගසේ ඵලදාව අලින්ගේ ආහාර හිඟ කාලයට මුළුමනින්ම ගැළපේ. සත්ත්වවේදීන් ද මෙයට වඩා කැමැත්තක් දක්‌වයි. මෙම වැටට මුදල් වැය නොවන අතර ලැබෙන්නෙ ප්‍රතිලාභ පමණි. අලුත් තල් වැට පේළියට සිටුවන බැවින් උණගසක් හරහට බැඳීමෙන් ගසකට නැඟ ඒ හාරහා සෙසු ගස්‌වලට ගමන් කළ හැකිය. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් එය අතුරක් ලෙස පාවිච්චි කළ හැකිය. තල් ගස්‌වල වයස අවුරුදු 60-70 වන විට ගස් දෙක බැගින් කැපීමට හැකිය. මෙම තල් ගස්‌වල කඳන් වහළ සඳහා අනර්ඝ තත්ත්වයේ ලීයකි. යාපනය ප්‍රදේශයේ සෑම නිසකටම වහළයට යොදා ඇත්තේ තල් ලීය. මේ සඳහා දිගුකාලීන දැක්‌මක් අවශ්‍ය වේ.
අලි වැටක් තිබෙන තැනක ප්‍රතිලාභ තිබෙන වැටකට යනවාද එසේ නොමැතිව අවුරුදු 05 ක් අවසාන වන විදුලි වැටකට යනවාද? එසේත් නැත්නම් අලියාටත් මිනිසාටත් ප්‍රතිලාභ නොමැති වැටකට යනවා ද? කැපවූ කණ්‌ඩායමක් මෙන්ම රාජ්‍ය අනුග්‍රහය හා ඉක්‌මනින් දුවන මනා යාන්ත්‍රණයක් සහිත සම්බන්ධීකරණයක් මේ සඳහා අවශ්‍ය වේ. මුදල් අවශ්‍ය නොවේ. පළමු වසර තුළ තල් පැළ සැකසීම, තල් පැළ නඩත්තුව අවශ්‍ය නොවේ. සරළ නඩත්තුවක් අවශ්‍ය වේ. අවුරුදු 3-4 යන තෙත් කිසිදු හානියක් නොමැත.වසර 9-10 වන විට විදුලි වැට වෙනත් තැනක සවි කිරීමට හැකිය. අපට අවශ්‍ය තරම් තල් වැට සෑදීමට හැකි අතර ඒ සඳහා වියදමක් අවශ්‍ය නොවේ. අවුරුදු 20 ක් ගිය පසු මෙම ප්‍රශ්නය විසඳීමට හැකියාව ඇත.
විදුලි වැට ඉදිකිරීමට මුදල් අවශ්‍ය වන අතර එය ආරක්‍ෂා කිරීමට රාජ්‍ය නිලධාරීන් අවශ්‍ය වේ. තල් වැට සඳහා එවන් අවශ්‍යතාවයක් පැන නොනඟී. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනට තිබෙන ප්‍රතිපාදනවලින් මීටර් 1400 විදුලි වැට තල් වැටක් බවට පරිවර්තනය කිරීමේදී මිලියන 1.68 ක ඉතිරියක් සිදුවේ. තල් ගස් 2000 පේළි 3 ක් වගා කිරීමෙන් මිලියන 2,2000 ක ඉතිරියක් ඇති වේ. 1980 වර්ෂයේ ලංකාවේ තල් ගස් මිලියන 10 ක් වගා කර තිබිණි. යුද්ධයට පසුව ඉන් මිලියන 3 ක් විනාශ වී ඇත. කරටි නැති තල් ගස් විශාල ප්‍රමාණයක් එලිµන්ට්‌පාස් වලට ඔබ්බෙන් දැකගත හැකිය. එබැවින් විනාශ වුණු තල්ගස් මිලියන තුන නැවත වගා කිරීමට තිබෙන හොඳම අවස්‌ථාව ලෙස මෙය හැඳින්විය හැකිය. විදුලි වැට හා තල් වැට අතර සන්සන්දනයක් තිබේ.
හෙක්‌ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී මාසිකව පවත්වනු ලබන සංවර්ධන කතිකාවත සම්මන්ත්‍රණ මාලාවේදී "අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුමක්" මැයෙන් ප්‍රැක්‌ටිකල් ඇක්‌ෂන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී අයි. ආර්. පෙරේරා මහතා විසින් පවත්වන ලද දේශනය ඇසුරින් මෙම ලිපිය සකස් කරන ලදී.