21 වන සියවසය තුළ ජීවත් වන මිනිසා තාක්ෂණික වශයෙන් සුවිශාල
ජයග්‍රහණයන් රාශියක් අත් කරගත් බවට විටින් විට ලෝකයේ නන් දෙසින්
වාර්තා වු අවස්ථාවන් පිළිබඳව අප සියලු දෙනා දන්නා කරුණකි. ඒ තුළ නව දැනුම
සොයාගැනීම් නිර්මාණයන් ආදිය මෙන්ම කළ නොහැකි යැයි අපේක්ෂිත යම් යම්දෑ ද යම් වරක
යථාර්ථයක් බවට පත් කිරීමට කටයුතු කරනු ලැබීය. නමුදු ලෝකය තුළ වර්ධනය
වන්නා වු ආන්තික පාරිසරික ක්‍රියාකාරීත්මකතාවයට හා ඉන් ලැබෙන්නා වු
බලපෑම් වැළක්වීම සඳහා මෙවන් දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් පවා අපොහොසත් වී ඇත.
එමනිසා ලෝකයේ දැවෙන ප්‍රශ්න 10 අතර පවත්නා “ආපදාවන් නිර්මාණය වීම” යන්නටද ඒ තුළින්
ලැබෙනුයේ අවම සැළකිල්ලකි. ආපදාවන්හි අවකාශීය වශයෙන් පවත්නා අධි
විවිධත්වය හා ක්‍රියාවලියෙහි පවත්නා ගතිකත්වය හේතු කොට ගෙන ස්ථීර
විසඳුම් හෝ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට තාක්ෂණය පවා නොහැකි වීම මෙයට හේතු වී ඇත.
˝බලාපොරොත්තු රහිත අවස්ථාවක මිනිසාට හෝ
මිනිසා ජීවත් වන ස්වභාවික පරිසරයට අවදානම් සහගත තත්ත්වයක්
ඇති කරන අන්දමේ සිද්ධියක් හෝ සිද්ධිදාමයක් ඇතිවීම ආපදාවක් ලෙස අර්ථ
දැක්විය හැකිය.˝1 මේ
තුළින් අඳහස් වනුයේ යම් උපද්‍රව තත්ත්වයක් පදනම් කොටගෙන
ඒ මොහොතේ බලපෑමට බඳුන් වන ප්‍රදේශයේ ජනතාවට දරාගැනීමට ඇති හැකියාව ඉක්මවා
යන අවස්තාවක් පිළිබඳවයි. එහිදී ආපදාවට හෙවත් බලපෑමට ලක්වු කොට්ඨාශයට එම
තත්ත්වයට මුහුණ දීමට මෙන්ම දරාගත නොහැකි තත්ත්වයක්ද නිර්මාණය වනු ඇත. මෙවැනි
තත්ත්වයන් මිනිසාගේ බලපෑම හා ස්වභාවික ක්‍රියාවලිය මත නිර්මාණය වූවද එහි
බලපෑම පොදුවේ සියලු දෙනාටම අත්විඳීමට සිදුවේ. නායයෑම්, සුළි
සුළං හා නියඟයන් ආදි ස්වභාවිකව නිර්මාණය වන ආපදාවන් මෙන්ම
කාර්මික, රසායනික
හා ගුවන් උවදුරු ආදි මිනිසා විසින් නිර්මාණය කරනු ලබන උපද්‍රවයන්
මඟින් ද බලපෑමට ලක්වන ප්‍රදේශයේ ජනතාගේ දරාගැනීමේ සීමාවන් අභිබවා
ගමන් කිරීම හේතුකොට ගෙන ආපදාමය තත්ත්වයන් නිර්මාණය කරනු ලබයි. එසේම
ස්වභාවික උපද්‍රවයක් සෑම විටම ආපදාවක් සේ ක්‍රියාත්මක වීමේ
සම්භාවිතාවයකින් යුක්ත නොවුණද, ඊට සාපේක්ෂව මානවයා ඇති කරනු ලබන උපද්‍රවයන් සෑම විටම
ආපදාවක් සේ ක්‍රියාත්මක වීමේ දැඩි නැමියාවක් පවති. එයට හේතු වන්නේ
බලපෑමට ලක්වන ප්‍රදේශය තුළ මානව ප්‍රජාව හා ඔවුනගේ ක්‍රියාකාරකම් සිදුනොවන
හුදකලා පරිසර තත්ත්වයක් පවතී නම් ඉන් කිසිවෙකුටවත් බලපෑමක් ඇති
නොවීමයි. එනම්, ව්‍යසනයක් සෑම විටම ඉන් ඇති වන බලපෑමට
සාපේක්ෂ වනබවක් මින් කියවේ.
මුලාශ්‍රය: කර්තෘ විසින් සකස් කරන ලදී.
අතීතයේ සහ
වර්තමානයේ දී ලෝකය තුළ පැවැත්වුණු විවිධ ආපදාමය තත්ත්වයන්ගේ අත්දැකීම් පදනම්
කරගනිමින් ඒවා වැළැක්වීම, පාලනය කිරීම, මැඩ පැවැත්වීම මෙන්ම අවම කර ගැනීමට
නිර්මාණය කරගත් විෂය ක්ෂේත්‍රය හෙවත් විෂය පථය ආපදා කළමනාකරණය ලෙස හඳුන්වයි. මෙය ආපදා ආර්ථිකයන්ට හා
පුද්ගලයින්ට ඇති කරන විනාශය අවම කිරීමේ අරමුණැතිව නිර්මාණය කළ විද්‍යාවක් ලෙස
අර්ථවත් වන අතර එය විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව සකස් කර ඇත. වියහැකි එනම්,
ශක්‍යතාවයක් සහිත උපද්‍රවයකට මුහුණදීමට ඇති හැකියාව වර්ධනය කිරීමට හෝ උපද්‍රවයකට
කඩිනම් නිසි පියවර ගැනීම තුළ එම උපද්‍රවය තුළින් සිදුවන හානිය අවම කරගත හැකිවන අතර
එහිදී සම්පත් හා අවදානම් තත්ත්වයන් හඳුනාගනිමින් කළමනාකරණය කිරීමක් සිදුකළ යුතුය. එනම්, ආපදාවකින් පසුව පියවරයන් 4ක් යටතේ කළමනාකරණයට ලක් කිරීමක්
සිදුකරනු ලබන අතර එය “ව්‍යසන අවදානම් කළමණාකරණ චක්‍රය” ලෙස හඳුන්වයි. ඉහතින් දක්වා
ඇති රූප සටහන තුළින් මෙය පැහැදිලි කරගත හැකි වේ.
අතීතයේ සිට
වර්තමානය වනවිට ශ්‍රි ලංකාව තුළද විවිධ වු ආපදාවන්ට මුහුණදීමට සිදුවුවද ඒ සඳහා
වගකීමක් දරණු ලබන නියමික් බාලාධීකාරියක් 2005 වර්ෂය වන
තෙක්ම ක්‍රියාත්මක නොවුණි. 2004 වර්ෂයේ ඇති වු සුනාමි ව්‍යාසනය තුළින් ආපදා යන්න සහ එහි
බලපෑමෙහි ප්‍රභලත්වය සමස්ත ශ්‍රී ලාංකිකයන්ට අත් විඳින්නට සිදුවීමෙහි ප්‍රතිපලයක්
වශයෙන් ව්‍යසනයන් පිළිබඳව ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන නීතිමය රාමුවක්
සැකසීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමණාකරණ පනතේ 25 වෙනි වගන්තිය
අනුව ආපදාවක් යන වචනය ව්‍යසනය වශයෙන් අර්ථ ගන්වා ඇත. ශ්‍රී ලංකාව තුළ විවිධ
පරිමාණයෙන් ආපදාවන් කළමනාකරණය කිරීමට
කටයුතු කරනු ලැබු අතර ඒ තුළින් මානව ප්‍රජාවේ සුරක්ෂිතබව තහවුරු කිරීමට කටයුතු
කරනු ලැබේ.
නියඟය යන්න ලොව
පුරාම ව්‍යාප්තව පවත්නා ස්වභාවික ව්‍යසනයක් වශයෙන් හඳුනාගත හැකිය. යම් ප්‍රදේශයක්
තුළට ලැබෙන්නා වු සාමාන්‍ය වර්ෂාපතන ප්‍රමාණය දේශගුණික අස්ථායිතාවයක් මත නොලැබී
යාම හේතු කොටගෙන නියඟය තත්ත්වයන් නිර්මාණය වේ. දේශගුණික විපර්යාසයන් සහ එල්නිනෝ ක්‍රියාවලියෙහි
බලපෑම මත වර්තමානය වනවිට සාමාන්‍ය කාල චක්‍රය අනුව ක්‍රියාත්මක වීමක් සිදු නොවන බව
පැහැදිලිවම හඳුනාගත හැකිවේ. එනම්, මීට වසර කිහිපයකට පෙර සාමාන්‍ය නියං
කාල චක්‍රය වසර 10 - 20/22 කට වරක් ක්‍රියාත්මක වීමක් සිදු වුවද වර්තමානය වනවිට එය
වසර 5/7/11 යන කාල සීමාවන්හිදි ක්‍රියාත්මක වන බවක් හඳුනාගත
හැකිවේ. මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීමෙහිලා ස්වභාවික හා මානව ක්‍රියාවලීන්ගේ
බලපෑමක් ලැබි ඇති අතර එහිදි මානව ක්‍රියාවලීන්ගේ බලපෑම නියං තත්ත්වයන් ඇති කිරීමට
මෙන්ම වර්ධනය කිරීමටද හේතුවන බව පැහැදිලි වේ.
ශ්‍රී ලංකාව
තුළ ක්‍රියාත්මක වන්නා වු ස්වභාවික ආපදා අතුරින් ප්‍රමුඛස්ථානයක් ගනු ලබන ආපදාවක්
වශයෙන් නියඟය හඳුන්වා දිය හැකිය. අතීතයේ සිට වර්තමාන කාලය දක්වා ක්‍රියාත්මක වු
නියඟයෙහි අත්දැකීම් ලැබු සහ ලබන ශ්‍රී ලංකිකයන් එහි රුදුරුබව පිළිබඳව මනා අවබෝධයක්
යුක්ත වේ. වියළි කලාපීය හා අර්ධ ශුෂ්ක කලාපයෙහි නිශ්චිත කාල සීමාවක් තුළ ක්‍රියාත්මක
වන්නා වු නියඟ තත්ත්වයන් හඳුනාගත හැකි වුවද අනෙකුත් ප්‍රදේශවලින් එවැන් තත්ත්වයක්
හඳුනාගැනිමට අපහසු කාර්යකි. එවැනි ප්‍රදේශයන්හි බොහෝ විට නියං තත්ත්වයන් නිර්මාණය
වනුයේ දේශගුණයේ සිදුවන හදිසි අස්ථායිතාවයන් මත සාමාන්‍ය වර්ෂාපතනය නොලැබීම හේතු
කොටගෙනයි. මේ ආකාරයට ඇති වන්නා වු නියඟ කාලයන් තුළින් විවිධ බලපෑම් ස්වරූපයන්
නිර්මාණය කරනු ලබයි. එම බලපෑම් ස්වරූපයන්
පුද්ගල, සැළකිය යුතු සහ මරණ ආදි වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය
හැකිය. එසේම නියඟය යන්න තුළින් සමාජ ආර්ථිකමය ගැටළු හා පරිසරාත්මක ගැටළු රාශියක්
උත්පාදනය කරනු ලබයි. මෑත කාලීන අත්දැකීම් අනුව 2001 වර්ෂය තුළදී
ඉතා දරුණු නියං තත්ත්වයක් නිර්මාණය වු අතර එහි බලපෑම ඉතා ප්‍රචන්ඩකාරී එකක් විය.
එමෙන්ම 2014 අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පොළොන්නරුව
දිස්ත්‍රික්කය ඇතුලු ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක ව්‍යාප්ත වු නියඟය තුළින්
ද මේ සඳහා නිදර්ශන සපයා ගත හැකිවේ.
2014 වර්ෂයේ
අගෝස්තු හා සැත්තැම්බර් යන මාසයන්හිදී උතුරු මැද පලාත ඇතුලු දිස්ත්‍රික්ක
කිහිපයක ආපදාමය තත්ත්වයක් නිර්මාණය කරමින්
නියං තත්ත්වයක් ව්‍යාප්ත වී ගියහ. මෙම නියඟය පිළිබඳව ප්‍රාදේශීය මානනයෙන්
සැළකිලිමත් වීමේදී එහි බලපෑම දැඩිව ලක් වු ප්‍රදේශයක් වශයෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාශය පෙන්වා දිය හැකි අතර එම කලාපයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාවලිය
වශයෙන් වී ගොවිතැන ප්‍රමුඛ කරගත් කෘෂි
කටයුතු පෙන්වා දිය හැකිය. එසේම මූලික ජල අවශ්‍යතාවයන් වැව් පද්ධතිය හා සම්බන්ධ ඇල
මාර්ගයන්, ළිං තුළින් ලබා ගැනීමක් සිදුවිය. නමුදු නියඟයෙහි තත්ත්ව
උග්‍ර අතට වර්ධනය වීමත් සමඟ මෙම වගාවන් සහ ජල මුලාශ්‍රයන්ට හානිදායක තත්ත්වයක්
නිර්මාණය වන්නට වු අතර එහිදී වගාවන් සම්පුර්ණයෙන්ම විනාශ වීයාමත් ජල මුලාශ්‍රයන්
සිඳී යාමටත් හේතු වීය. මේ ආකාරයට වර්ධනය වු නියඟය ආංශිකමය වශයෙන් බලපෑම් කරන
තත්ත්වයක් නිර්මාණය කරනු ලැබීය. එය මෙහි වාසය කරනු ලබන මානව ප්‍රජාවට සෘජුව හා වක්‍රව
විවිධ බලපෑම් ඇති කිරීමට හේතු වු අතරම පසුව එය ආපදාවක් බවට වර්ධනය වන්නට වීය.
මෙවැනි ආපදාවන්ට ලක් වු ප්‍රදේශයන් කළමනාකරණය
කිරිම සඳහා ආපදා කළමනාකරණය යටතේ
නවීන ආදර්ශකයන් භාවිතා කරනු ලබන අතර එහිදී,
- FEMA නමැති ඇමරිකානු ක්‍රමය සහ
- ඊශ්‍රායල් ක්‍රමය
වැදගත් වේ.
මෙහි දක්වා ඇති පළමු ආදර්ශකය තුළින් ආපදාවන් කළමනාකරණය කිරිමේ එක් ක්‍රමයක් වශයෙන්
අධ්‍යයන හා පර්යේෂණ ක්‍රියාවලීන් පෙන්වා දී ඇති අතර මෙම නිබන්ධනය තුළින් සිදු කරනු
ලබන්නේද එවැනිම වු ක්‍රියාවලියකි.
ආශ්‍රිත ග්‍රන්ථ
නාමාවලිය
කරුණාරත්න
එච්.කේ.එන්,කරුණාරත්න දයාන් එච්,දේශගුණික
වෙනස්වීම: ප්‍රත්‍යක්ෂ යථාර්ථය, විජේසූරීය ග්‍රන්ථ කේන්ද්‍රය, 461, ඇන්.ටී. පෙරේරා මාවත, මුල්ලේරීයාව.
කුමාර, ව.අ. සරත් ලාල්, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා, (2010).
කතෘ ප්‍රකාශනයකි.
තිලකරත්න,
එච්.එම්.එම්.බි., ආපදා කළමනාකරණය ට හැඳින්වීමක්, (2010). කතෘ ප්‍රකාශනයකි, 121, මිල්ලවාන පහළගම, මාතලේ, ශ්‍රී ලංකා.
ධනපාල, ඒ.එච්., ආපදා කළමනාකරණය (2012). සී/ස සරසවි ප්‍රකාශකයෝ,
1,3/ ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.
01 ශ්‍රී ලංකාවේ ආපදා කළමණාකරණය වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා,
(2010),05 පිටුව.
No comments:
Post a Comment